ඩයලොග් T20 ලීග් ක්‍රිකට් තරගාවලිය සඳහා සවිබල සපයයි ‌

වර්තමානය වන විට ශ්‍රී ලාංකීය ජාතික T20 කණ්ඩායම සිය සුපුරුදු දක්ෂතා අතරට අවතීර්ණ වී තිබීම අප සැමගේ ප්‍රසාදයට ලක්ව ඇති කරුණකි.

විශේෂයෙන් එළඹෙන දකුණු අප්‍රිකානු තරග සංචාරය වගේම ලබන වසරේ පැවැත්වීමට නියමිත ICC Cricket T20 ලෝක කුසලානය සඳහා අපගේ ක්‍රීඩකයින් සවිබල ගැන්වීම මේ මොහොතේ අප සතුව ඇති ප්‍රමුඛතම අරමුණ වේ. මෙම අරමුණ සපුරා ගැනීමේ අභිප්‍රායෙන් ලාංකීය ක්‍රිකට් අනාගතය වෙනුවෙන් අද දින බිහිවන ක්‍රීඩකයින් හට දිරිය සහ ශක්තිය ලබාදීමේ අරමුණින් ඩයලොග් ආයතනය ශ්‍රී ලංකා ක්‍රිකට් මගින් සංවිධානය කරනු ලැබූ Dialog -SLC Invitational T20 League ක්‍රිකට් තරගාවලිය සදහා සිය දායකත්වය ලබා දීමට ඉදිරිපත් විය.

ග්‍රීන්ස් (හරිත), ග්‍රේස් (අළු), රෙඩ්ස් (රතු) සහ බ්ලූස් (නිල්) යන වර්ණ යටතේ වර්තමාන ශ්‍රී ලාංකීය ජාතික කණ්ඩායම නියෝජනය කරනු ලබන අෂාන් ප්‍රියන්ජන, දසුන් ශානක, දිනේෂ් චන්දිමාල් සහ ධනංජය ද සිල්වා යන ක්‍රීඩයකයන් සිව්දෙනාගේ නායකත්වයෙන් යුතු කණ්ඩායම් හතරකගේ සහභාගීත්වයෙන් පැවැත් වූ මෙම ඩයලොලා - ශ්‍රී ලංකා ක්‍රිකට් ආරාධිත T20 තරගාවලිය, ශ්‍රී ලාංකීය ක්‍රිකට් ක්‍රීඩාවට සුබදායී දැක්මක් නිර්මාණය කරමින්, තරුණ ක්‍රීඩකයින් රැසකට සිය දක්ෂතා දැක්වීම සඳහා මනා අවකාශයක් සලසාදීමට ද සමත් වීම සුවිශේෂී කරුණකි. මෙම තරගාවලියේ ශූරතාවය දසුන් ශානකගේ නායකත්වයෙන් යුතු SLC GREYS කණ්ඩායම විසින් දිනාගත් අතර, අනුශූරතාවය දිනේෂ් චන්දිමාල්ගේ නායකත්වයෙන් යුතු SLC REDS කණ්ඩායමට හිමි විය. අවසන් තරගයේ වීරයා සහ තරගාවලියේ විරයා ලෙස පිළිවෙලින් SLC GREYS කණ්ඩායමේ මිනෝද් භානුක සහ දසුන් ශානක ඇගයීමට ලක්විය.

ඩයලොග් ආසිආටා පී.එල්.සී, ජාතික ක්‍රිකට්, රග්බි, වොලිබෝල් සහ දැල්පන්දු කණ්ඩායම්හි නිල අනුග්‍රාහකයා ලෙසද කටයුතු කරයි. ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලිය බලගැන්වීමට අමතරව ජාතික කණිෂ්ඨ සහ ජ්‍යෙෂ්ඨ දැල් පන්දු තරගාවලි, රග්බි සමාජ, ප්‍රිමියර් පාපන්දු තරගාවලි, පාසැල් ක්‍රිකට් හා පාසල් රග්බි තරග, යුධ හමුදා පැරා ක්‍රීඩා තරගාවලිය, ජාතික පැරා ක්‍රීඩා තරගාවලිය, ලෝක පැරාලිම්පික් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා පැරා කණ්ඩායම බලගැන්වීමට කටයුතු කර ඇත.

 

 

පිටපත - PR

Pin It

සබැඳි පුවත්

ප්‍රමුඛ තනතුරු නිලවශයෙන් ප්‍රකාශයට පත් කළ පළමු LPL කණ්ඩායම බවට Jaffna Kings පත්වෙයි
ප්‍රමුඛ තනතුරු නිලවශයෙන් ප්‍රකාශයට පත් කළ පළමු LPL කණ්ඩායම බවට Jaffna Kings පත්වෙයි එළැඹෙන 2021 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලිය සඳහා ප්‍රමුඛ තනතුරු නිලවශයෙන් ප්‍රකාශයට පත් කළ පළමු කණ්ඩායම බවට පත්වෙමින් Jaffna Kings සිය කණ්ඩායමේ ප්‍රධාන තනතු...
කෙන්යාවෙන් මෙරට දිගු දුර ධාවන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පුහුණුවක් - අමාත්‍ය නාමල්
කෙන්යාවෙන් මෙරට දිගු දුර ධාවන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පුහුණුවක් - අමාත්‍ය නාමල් පසුගියදා කෙන්යානු ක්‍රීඩා අමාත්‍යවරිය සිදු කල සාකච්ඡාවක ප්‍රතිඵලයක් වශයෙන් මෙරට මැදි දුර සහ දිගු දුර ධාවන ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් මෙම අවස්ථාව ලබාගත් බව ක්...
ක්‍රීඩාවේ ජාත්‍යන්තර ජයග්‍රහණ කරා යාමට අවශ්‍ය දේ කරනවා - ඇමැති නාමල්
ක්‍රීඩාවේ ජාත්‍යන්තර ජයග්‍රහණ කරා යාමට අවශ්‍ය දේ කරනවා - ඇමැති නාමල් ක්‍රීඩාවේ ජාත්‍යන්තර ජයග්‍රහණ කරා යාමට අවශ්‍ය මාවත නිර්මාණය කිරීමට ක්‍රීඩා අමාත්‍යාංශය ප්‍රමුඛ ආයතන සියල්ල නිරන්තර සූදානම් බව තරුණ හා ක්‍රීඩා, සංවර්ධන සම්බන්ධීක...
පැරාලිම්පික් ක්‍රීඩා උළලේදී ශ්‍රී ලංකාවට පළමු රන් පදක්කම දිනේෂ්ගෙන්
පැරාලිම්පික් ක්‍රීඩා උළලේදී ශ්‍රී ලංකාවට පළමු රන් පදක්කම දිනේෂ්ගෙන් පැරාලිම්පික් ක්‍රීඩා උළලේදී ශ්‍රී ලංකාවට පළමු රන් පදක්කම දිනා දීමට දිනේෂ් ප්‍රියන්ත හේරත් සමත්වුයේ නව ලෝක වාර්තාවක් ද තබමිනි. ඒ අනුව F46 හෙල්ල විසිකිරීමේ ඉසව...
ලාංකීය පැරාලිම්පික් සිහිනය බලගන්වමු
ලාංකීය පැරාලිම්පික් සිහිනය බලගන්වමු ටෝකියේ පැරාලිම්පික් තරග බිමේ ලාංකීය නාමය පතුවරවමින් ජයග්‍රහණය කිරීමේ අපේක්ෂා පෙරදැරිව ලාංකීය ක්‍රීඩක ක්‍රීඩිකාවන් නව දෙනෙකු තරග බිමට එළඹීමට නියමිතය. මෙවර පැර...
කලකට පසු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ජයක්
කලකට පසු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ජයක් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම සමඟ පැවති 20/ 20 ක්‍රිකට් තරගයේ ජයග්‍රහණය ශ්‍රී ලංකා කණ්ඩායම හිමිවිය. ඒ ඉන්දීය කණ්ඩායම කඩුලු 7කින් පරාජය කරමිනි. ඊයේ පැවැති තඟයේ පළමු...

Print   Email