පැරාලිම්පික් ක්‍රීඩා උළලේදී ශ්‍රී ලංකාවට පළමු රන් පදක්කම දිනේෂ්ගෙන්

පැරාලිම්පික් ක්‍රීඩා උළලේදී ශ්‍රී ලංකාවට පළමු රන් පදක්කම දිනා දීමට දිනේෂ් ප්‍රියන්ත හේරත් සමත්වුයේ නව ලෝක වාර්තාවක් ද තබමිනි.

ඒ අනුව F46 හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් ඔහුගේ නව වාර්තාව මීටර් 67.79ක් ලෙස සටහන් වෙයි.

එහිදී ඔහුගේ පළමු අවස්ථාවේදී මීටර 62.58ක දක්ෂතාවයක් දැක්වු අතර දෙවන විසිකිරීමේදී මීටර 62.19ක දක්ෂතාවයක් දැක්විය.

අනතුරුව දිනේෂ් සිය තුන්වන විසිකිරීමේදී මීටර 67.79ක දක්ෂතාවයක් දක්වමින් එම ඉසව්වේ නව ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත් විය.

මීට පෙර මෙම ඉසව්වේ ලෝක වාර්තාව සටහන් වූයේ මීටර් 63.79ක් ලෙසය.

ඒ අනුව දිනේෂ් ප්‍රියන්ත එම ඉසව්වේ රන් පදක්කම දිනාගැනීමට සමත් වු අතර ශ්‍රී ලංකා ඉතිහාසයේ දිනා ගත් ප්‍රථම පැරාලිම්පික් රන් පදක්කම මෙය වීම ද විශේෂත්වයකි.

ටෝකියෝ පැරාලිම්පික් උළලේ 6වන දිනය අදයි.

Pin It

සබැඳි පුවත්

ප්‍රමුඛ තනතුරු නිලවශයෙන් ප්‍රකාශයට පත් කළ පළමු LPL කණ්ඩායම බවට Jaffna Kings පත්වෙයි
ප්‍රමුඛ තනතුරු නිලවශයෙන් ප්‍රකාශයට පත් කළ පළමු LPL කණ්ඩායම බවට Jaffna Kings පත්වෙයි එළැඹෙන 2021 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලිය සඳහා ප්‍රමුඛ තනතුරු නිලවශයෙන් ප්‍රකාශයට පත් කළ පළමු කණ්ඩායම බවට පත්වෙමින් Jaffna Kings සිය කණ්ඩායමේ ප්‍රධාන තනතු...
කෙන්යාවෙන් මෙරට දිගු දුර ධාවන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පුහුණුවක් - අමාත්‍ය නාමල්
කෙන්යාවෙන් මෙරට දිගු දුර ධාවන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පුහුණුවක් - අමාත්‍ය නාමල් පසුගියදා කෙන්යානු ක්‍රීඩා අමාත්‍යවරිය සිදු කල සාකච්ඡාවක ප්‍රතිඵලයක් වශයෙන් මෙරට මැදි දුර සහ දිගු දුර ධාවන ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් මෙම අවස්ථාව ලබාගත් බව ක්...
ක්‍රීඩාවේ ජාත්‍යන්තර ජයග්‍රහණ කරා යාමට අවශ්‍ය දේ කරනවා - ඇමැති නාමල්
ක්‍රීඩාවේ ජාත්‍යන්තර ජයග්‍රහණ කරා යාමට අවශ්‍ය දේ කරනවා - ඇමැති නාමල් ක්‍රීඩාවේ ජාත්‍යන්තර ජයග්‍රහණ කරා යාමට අවශ්‍ය මාවත නිර්මාණය කිරීමට ක්‍රීඩා අමාත්‍යාංශය ප්‍රමුඛ ආයතන සියල්ල නිරන්තර සූදානම් බව තරුණ හා ක්‍රීඩා, සංවර්ධන සම්බන්ධීක...
ඩයලොග් T20 ලීග් ක්‍රිකට් තරගාවලිය සඳහා සවිබල සපයයි ‌
ඩයලොග් T20 ලීග් ක්‍රිකට් තරගාවලිය සඳහා සවිබල සපයයි ‌ වර්තමානය වන විට ශ්‍රී ලාංකීය ජාතික T20 කණ්ඩායම සිය සුපුරුදු දක්ෂතා අතරට අවතීර්ණ වී තිබීම අප සැමගේ ප්‍රසාදයට ලක්ව ඇති කරුණකි. විශේෂයෙන් එළඹෙන දකුණු අප්‍රිකානු...
ලාංකීය පැරාලිම්පික් සිහිනය බලගන්වමු
ලාංකීය පැරාලිම්පික් සිහිනය බලගන්වමු ටෝකියේ පැරාලිම්පික් තරග බිමේ ලාංකීය නාමය පතුවරවමින් ජයග්‍රහණය කිරීමේ අපේක්ෂා පෙරදැරිව ලාංකීය ක්‍රීඩක ක්‍රීඩිකාවන් නව දෙනෙකු තරග බිමට එළඹීමට නියමිතය. මෙවර පැර...
කලකට පසු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ජයක්
කලකට පසු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ජයක් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම සමඟ පැවති 20/ 20 ක්‍රිකට් තරගයේ ජයග්‍රහණය ශ්‍රී ලංකා කණ්ඩායම හිමිවිය. ඒ ඉන්දීය කණ්ඩායම කඩුලු 7කින් පරාජය කරමිනි. ඊයේ පැවැති තඟයේ පළමු...

Print   Email