fbpx

පාසල් පාපන්දු ක්‍රීඩාව දියුණු කරන්න ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය එකඟවුණා - ඇමති රොෂාන්

රට තුල පාපන්දු ක්‍රීඩාව පාසල් මට්ටමින් දියුණු කිරීමට අවශ්‍ය වැඩ පිළිවෙල සදහා සහයෝගය ලබා දීමට ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ නිළධාරීන් එකඟ වූ බව ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසූවේ ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ ( FIFA) නිලධාරීන් සමඟ ඊයේ (06) දින ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ දී ශ්‍රී ලංකා පාපන්දු ක්‍රීඩාවේ ඉදිරි ගමන පිළිබඳව පැවති සාකච්ඡාවෙන් අනතුරුවයි.

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ (FFSL) පවතින ව්‍යවස්ථාව වෙනස් කිරීම සඳහා අවශ්‍ය මූලික පසුබිම සැකසීමට සියලු පාර්ශව එකඟ වු බවත් නව ව්‍යාවස්ථාව තුලින් පැහැදිලි බලය බෙදීම සමඟ ශක්තිමත් පාලන ක්‍රමවේදයක් ස්ථාපිත වනු ඇති බව අමාත්‍යවරයා පැවසිය.

මෙම සාකච්ඡාව සදහා ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා, ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ එම්.ඒ. පාලන ප්‍රධානී රොල්ෆ් ටැනර්, ආසියානු කලාපය බාර අධ්‍යක්ෂ සංජීව බාලසිංහම්, දකුණු ආසියාවේ ප්‍රාදේශීය කාර්යාල සංවර්ධන කළමනාකරු ප්‍රින්ස් රූෆස් යන මහත්වරු හා ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති ජස්වර් උමර් මහතා ඇතුළු නිළධාරීන් කිහිප දෙනෙක් සහ ජාතික ක්‍රීඩා සභාවේ සභාපති අර්ජුන රණතුංග මහතා සහ අභියාචනා උපදේශක කමිටුවේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකණ විනිසුරු චන්ද්‍රා ජයතිලක මහතා, ක්‍රීඩා අමාත්‍යාංශයේ උපදේසක සුදත් චන්ද්‍රසේකර මහතා, ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහතා ද සහභාගී වූහ.

 

Pin It

සබැඳි පුවත්

ජය ලැබු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම දිවයිනට
ජය ලැබු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම දිවයිනට 2022 ආසියානු කුසලානය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම අද (13) අලුයම නැවත ශ්‍රී ලංකාවට පැමිණියා. ඔවුන් පිළිගැනීම සඳහා ...
2022 ආසියානු කුසලානය ශ්‍රී ලංකාවට
2022 ආසියානු කුසලානය ශ්‍රී ලංකාවට asia cup 2022 විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. ඩුබායිහිදී පැවති තරගයෙන් පාකිස්ථාන කණ්ඩායම ලකුණු 23 කින් පර...
Asia Cup 2022 ක්‍රිකට් තරගාවලියේ අවසන් වරයට ශ්‍රී ලංකා කණ්ඩායමත්
Asia Cup 2022 ක්‍රිකට් තරගාවලියේ අවසන් වරයට ශ්‍රී ලංකා කණ්ඩායමත් 2022 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 වටයේ ශ්‍රී ලංකාව සහ ඉන්දියා...
යටවත්ත මාතලාපිටිය විද්‍යාලයට ජයග්‍රහණ රැසක්   
යටවත්ත මාතලාපිටිය විද්‍යාලයට ජයග්‍රහණ රැසක්   මාතලේ කලාප ක්‍රීඩා උලෙළ ජයග්‍රහණ රැසක් හිමි කර ගැනිමට යටවත්ත මාතලාපිටිය විද්‍යාලයේ සිසු දරු දැරියන් සමත් විය. හෙල්ලය විසිකිරිම වයස අවු:16න් පහළ ප්‍රථම ස්ථානය...
ක්‍රීඩා අරමුදලෙන් මුදල් වෙන් කිරීමට වට්ස්ඇප්වලින් -අමාත්‍ය රොෂාන්
ක්‍රීඩා අරමුදලෙන් මුදල් වෙන් කිරීමට වට්ස්ඇප්වලින් -අමාත්‍ය රොෂාන් ක්‍රීඩා අරමුදලෙන් පැය 48 ක් ඇතුලත මුදල් වෙන් කිරීමට වට්ස්ඇප් තාක්ෂණය උපයෝගී කරගන්නා බව ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසයි. අමාත්‍යවරයා ම...
INSEE සිමෙන්ති ශ්‍රී ලංකාවේ ලාබාලතම පොදුරාජ්‍ය මණ්ඩලීය පදක්කම්ලාභිණියට අත දෙයි
INSEE සිමෙන්ති ශ්‍රී ලංකාවේ ලාබාලතම පොදුරාජ්‍ය මණ්ඩලීය පදක්කම්ලාභිණියට අත දෙයි පසුගිය දා බර්මින්හැම් හි දී පැවැත්වුණු පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක් දිනා දුන්, මල්ලවපොර ක්‍රීඩිකා නෙත්මි අහිම්සා ප්‍රනාන්දු දැ...

Print   Email

Contact Us

TTVnews.lk
TTV Media Hub (pvt) Ltd 
5/34, Sulaiman Terrace, 
Jawatte Road, 
Colombo 05, 
Sri Lanka 
 
Tel: +94 11 2 585833/ 2593 416 
 Fax: +94 11 2 589 334  

Follow Us On Facebook