මැරතන් / තරග ඇවිදීම සහ පාපැදි තරගාවලිය සාර්ථකව නිමා වෙයි

46 වන ජාතික මහා ක්‍රීඩා උළෙලට - (2020) සමඟාමීව කතරගම නගරය කේන්ද්‍ර කරගනිමින් පැවති මැරතන්, තරග ඇවිදීම සහ පාපැදි තරග ඉතා සාර්ථකව නිමාවට පත් වු බව ක්‍රිඩා අමාත්‍යංශය පවසයි.

කතරගම බස් නැවතුම්පොළ ඉදිරිපිටින් පසුගිය 29 වනදා ආරම්භ වූ කාන්තා පාපැදි තරගාවලියේ සමාරම්භය සිදුවිය. මුළු දුර ප්‍රමාණය කිලෝ මීටර් 79.4 වූ මෙම තරගාවලියට මුළු දිවයිනම ආවරණය වන පරිදි ක්‍රීඩිකාවන් 29 දෙනෙක් සහභාගී වූහ.

කාන්තා පාපැදි තරගයේ ශූරතාවය වයඹ පළාත නියෝජනය කළ ඒ.එම්.ඩී. දිල්රුක්ෂි ක්‍රීඩිකාව දිනාගත්තාය.

අනුශූරතාවය වයඹ පළාත නියෝජනය කළ පී.ඒ.එස්. ප්‍රියදර්ශනි ක්‍රීඩිකාවට හිමි විය.

තෙවන ස්ථානය දිනාගනු ලැබුවේ බස්නාහිර පළාත නියෝජනය කළ කේ.එන්. ෂෙනාලි නදුනිකා ක්‍රීඩිකාව විසිනි.

ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය, කතරගම ප්‍රාදේශීය සභාවේ සභාපති චානක අනිල් රංග, කතරගම පොලිස් ස්ථානාධිපති උපුල් ලියනගමගේ, නෙස්ලේ ලංකා සමාගමේ ආයතනික කටයුතු පිළිබඳ උප සභාපති බන්දුල එගොඩගේ, නෙස්ලේ ලංකා සමාගමේ කිරි ආහාර නිෂ්පාදන අංශයේ උප සභාපති රුවන් වැලිකල යන මහත්වරු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Pin It

සබැඳි පුවත්

එක දවසක් ඇවිදිමු - ඇමැති නාමල් Family Run Saturday
එක දවසක් ඇවිදිමු - ඇමැති නාමල් Family Run Saturday තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය සහ ලංකා ස්පෝට්ස් රයිසන්ස් (LSR) එක්ව සංවිධානය කරනු ලබන මෙම "Family Run Saturday" වැඩසටහන තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාග...
ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සභාපති ධුරය කංචන ජයරත්නට හිමිවෙයි
ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සභාපති ධුරය කංචන ජයරත්නට හිමිවෙයි ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ 17 වැනි සභාපතිවරයා ලෙස කංචන ජයරත්න මහතා ඊයේ (04) නිතරඟයෙන් තේරී පත්විය. මෙරට ජාතික ක්‍රීඩාව වන වොලිබෝල් ක්‍රීඩාව නඟා සිටුවීමටත්...
ක්‍රිඩාවේදී ජාත්‍යන්තර මට්ටමට යන්න සිහිතබාගත යුතුයි - ක්‍රිඩා ඇමැති කියයි
ක්‍රිඩාවේදී ජාත්‍යන්තර මට්ටමට යන්න සිහිතබාගත යුතුයි - ක්‍රිඩා ඇමැති කියයි අප ක්‍රිඩා කරන අවස්ථාවේදී ජාතික මට්ටම පමණක් නොසිතිය යුතු අතර එය ජාත්‍යන්තර මට්ටම තෙක් සිතා කටයුතු කල යුතු බව ක්‍රිඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි. අමාතයව...
සංචාරක ව්‍යාපාරය සමඟ එක්ව රටේ ක්‍රීඩා අර්ථිකය ශක්තිමක් කරනවා - ඇමැති නාමල්
සංචාරක ව්‍යාපාරය සමඟ එක්ව රටේ ක්‍රීඩා අර්ථිකය ශක්තිමක් කරනවා - ඇමැති නාමල් එල්.පී.එල්. වැනි සංචාරක ව්‍යාපාරය සමඟ බද්ධ වූ තරගාවලි කිහිපයක් පවත්වා ක්‍රීඩා ආර්ථිකය ශක්තිමත් කිරීමට කටයුතු කරන බව තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ප...
ටයිකොන්ඩෝ ක්‍රීඩාවෙන් මෙරටට ගෞරවය ලබාදුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයීම් උත්සවය හෙටයි
ටයිකොන්ඩෝ ක්‍රීඩාවෙන් මෙරටට ගෞරවය ලබාදුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයීම් උත්සවය හෙටයි 13 වන දකුණු ආසියාතික තරඟාවලියේ ටයිකොන්ඩෝ ක්‍රීඩාවෙන් ශ්‍රී ලංකාවට ගෞරවය ලබාදුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා ඇගයීම හෙට (26) පස්වරුවේ තලවතුගොඩ “ග්‍රෑන්ඩ් මොනාක්...
රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරීස් ශුරතාව ඉන්දිය ලෙජන්ඩ්ස් පිල හිමිවෙයි
රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරීස් ශුරතාව ඉන්දිය ලෙජන්ඩ්ස් පිල හිමිවෙයි ‘රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරීස්’ ප්‍රවීණයන්ගේ ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ඉන්දීය ලෙජන්ඩ්ස් පිල ඊයේ (21) රාත්‍රීයේදී සමත් විය. ඒ, ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් පිලට ...

Print   Email