ගිණි තැබු ක්‍රිකට් පුහුණුවීම් තණතිරු අලුත්වැඩියාවට ඇමැති නාමල් මැදිහත් වෙයි

කැකිරාව රණජයපුර විද්‍යාලයේ ක්‍රිකට් පුහුණුවීම් සඳහා යොදා ගන්නා තණතීරු අතුරණය (මැටින්) පිරිසක් විසින් පෙරේදා (13වැනිදා) සවස විද්‍යාලයීය ක්‍රීඩාගාරයේ තිබියදී ගිනි තබා තිබූ අයුරු මාධ්‍ය තුලින් වාර්තා වි තිබිණි.

ක්‍රිඩා අමාත්‍යංශය පැවසුවේ එම මාධ්‍ය වාර්තාව පිළිබද අවධානය යොමු කල තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අද (15) දින එම ක්‍රීඩකයින් සහ නිළධාරීන් හට තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශයට පැමිණෙන ලෙස ආරාධනා කර සිටි බවයි. ඒ අනුව ඔවුන් සමග සාකච්ඡා කළ අමාත්‍යවරයා එම ක්‍රීඩකයින් මුහුණ දුන් තත්වය තේරුම් ගෙන ක්‍රිකට් ආයතනය හරහා ඔවුන්ට නව තණතීරු අතුරණයක් (මැටින්) ලබා දීමට කටයුතු කරන ලදි. එමෙන්ම ක්‍රිකට් භාණ්ඩ කට්ටල ඇතුලත් බෑග් 02 ක් ද ලබා දෙන ලදි. එම උපකරණ සමග කැකිරාව බලා යාමට ඔවුන් හට ප්‍රවාහන පහසුකම්ද අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි ලබා දෙන ලදි.

ඉදිරියේදී එම දරුවන් හට එළිමහන් කායවර්ධන මධ්‍යස්ථානයක් සහ ක්‍රීඩා යටිතල පහසුකම් රැසක් ගොඩ නැගීම සදහා අවශ්‍ය කටයුතු සලසන ලෙස අමාත්‍යවරයා විසින් නිළධාරීන් හට උපදෙස් දෙන ලදි.

මෙම අවස්ථාවට රණජයපුර විද්‍යාලයේ ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු අජිත් බණ්ඩාර ඇතුළු ක්‍රීඩකයින් පිරිසක් සහභාගී විය.

 

Pin It

සබැඳි පුවත්

ක්‍රීඩා සංස්කෘතියක් ඇති කරන​ බව ජනපති කියයි
ක්‍රීඩා සංස්කෘතියක් ඇති කරන​ බව ජනපති කියයි නීරෝගිමත්, විනයගරුක සහ ජව සම්පන්න සමාජයක් බිහිකිරීම උදෙසා ඉවහල්වන ක්‍රීඩා සංස්කෘතියක් ගොඩනැගීම යුගයේ වගකීමක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. ක්‍රීඩාව ...
දකුණු ආසියාවේ වේගවත්ම ක්‍රීඩකයා ලෙස ශ්‍රී ලංකාවේ යුපුන් සමත් වෙයි
දකුණු ආසියාවේ වේගවත්ම ක්‍රීඩකයා ලෙස ශ්‍රී ලංකාවේ යුපුන් සමත් වෙයි දකුණු ආසියාවේ වේගවත්ම ධාවකයා බවට පත්වීමට ශ්‍රී ලංකාවේ යුපුන් අබේකෝන් සමත් වුයේ ඊයේ ජර්මනියේ පැවැති ජාත්‍යන්තර මලල ක්‍රීඩා තරගාවලියකදීය. මීටර් 100 ඉසව්වට සහභා...
ඇමැති නාමල් බෝල්රූම් ඩාන්ස් සම්මේලනයේ ලියාපදිංචිය අවලංගු කරයි
ඇමැති නාමල් බෝල්රූම් ඩාන්ස් සම්මේලනයේ ලියාපදිංචිය අවලංගු කරයි බෝල්රූම් ඩාන්සර් ක්‍රීඩාව සඳහා ජාතික සම්මේලනය වන ශ්‍රී ලංකා බෝලරූම් ඩාන්සර්ස් සම්මේලනයේ ලියාපදිංචිය වහාම ක්‍රියාත්මක වන පරිදි අවසන් කර තිබේ. ඒ, තරුණ හා ක්‍රී...
ක්‍රීඩා පුහුණුවීම් ආරම්භ කිරිම සම්බන්ධ පිළීබඳ විශේෂ අවධානය
ක්‍රීඩා පුහුණුවීම් ආරම්භ කිරිම සම්බන්ධ පිළීබඳ විශේෂ අවධානය ක්‍රීඩා තරඟ සදහා සෞඛ්‍ය උපදෙස් ඇතුළත් මාර්ගෝපදේශණ මාලාවක් සතියක් ඇතුලත ලබාදීමට පියවර ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. කොරෝනා වෛසරය ව්‍යාප්ත වීමත් සමඟ පාස...
ජාතික ක්‍රීඩා සභාවට නව සාමාජිකයින් පත් කරයි
ජාතික ක්‍රීඩා සභාවට නව සාමාජිකයින් පත් කරයි ජාතික ක්‍රීඩා සභාව සදහා නව සාමාජිකයින් පත් කිරීම ඊයේ (20) දින ක්‍රිඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් සිදු කලේය. නව ක්‍රීඩා සභාව බහුවිධ අංශවල පළපුරුදු වෘත්...
හිස්වූ ක්‍රිකට් උප සභාපති ධූරයට ජයන්ත ධර්මදාස
හිස්වූ ක්‍රිකට් උප සභාපති ධූරයට ජයන්ත ධර්මදාස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව  උප සභාපති ලෙස ජයන්ත ධර්මදාස පත් කර ඇත. ඒ  කේ. මතිවානන් ධුරයෙන් ඉල්ලා අස්වීම හේතුවෙන් සිදුවූ පුරප්පාඩුව පියවමින් ය. ...

Print   Email