ක්‍රිඩකයින් 60 කට විසි පන්දහසේ මාසික පෝෂණ දීමනාව ඇමැති නාමල් ප්‍රධානත්වයෙන් ලබා දෙයි

ෆොන්ටෙරා ආයතනය ඉහළ කාර්යය සාධනයක් සහිත ක්‍රීඩකයින් හැටදෙනා සඳහා ලබාදෙන රුපියල් 25,000ක මාසික පෝෂණ දීමනාව පිරිනැමීමේ සමාරම්භය තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ලබා දීම සිදු කෙරිණි.

ඊයේ (02) දින ටොරින්ටන් පරිශ්‍රයේ දී පැවැති මෙම වැඩසටහන සඳහා එක් එක් ක්‍රීඩා සංගම් හරහා තෝරාගැනීමේ තරග පවත්වා මළල ක්‍රීඩා, බර ඉසිලීම, බොක්සිං, ජූඩෝ, බැඩ්මින්ටන්, පිහිනුම් සහ පැරා ක්‍රීඩාවලට අදාළව උසස් දක්ෂතා සංචිතය නියෝජනය කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගණන 60 දෙනෙකු සහභාගි විය.

ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පෝෂණ අවශ්‍යතා හඳුනාගෙන සුදුසුකම්ලත් පෝෂණ වෛද්‍යවරයකුගේ නිර්දේශ මත නිසි උපදෙස් ලබාගනිමින් මෙම පෝෂණ දීමනාව පිරිනමයි.

ඒ සඳහා මසකට එක් ක්‍රීඩකයකු සඳහා වැයවන රුපියල් 25,000/- ක් පමණ වූ මුදල ක්‍රීඩකයන් 60දෙනා සඳහාම වසරක් පුරාවටම මූල්‍යමය වශයෙන් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව වෙත ලබාදීමට ෆොන්ටේරා සමාගම ඉදිරිපත් වී සිටියි.

සැළසුම්ගතව ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය හරහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෘත්තීය මට්ටමින් පමණක් නොව පෝෂණ මට්ටමින් ද සවිමත් කර අපේ රටේ ක්‍රීඩාව රනින් ජයග්‍රහණය කිරීම ක්‍රීඩා අමාත්‍යාංශයේ සැළසුම වී තිබේ.

මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය,ජාතික ක්‍රීඩා සභාවේ උසස් දක්ෂතා සහිත ක්‍රීඩකයන් හඳුනා ගැනීමේ කමිටුවේ සභාපති සංජීව වික්‍රමනායක, ජාතික ක්‍රීඩා සභාවේ සාමාජික යෂ්වන්ත් මුත්තෙට්ටුවගම, ෆොන්ටේරා සමාගම නියෝජනය කරමින් දිනිත් පතිරණ මහත්වරු ඇතුළු නිලධාරී මහත්ම මහත්මීහු පිරිසක් සහභාගි වූහ.

Pin It

සබැඳි පුවත්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හෙට එංගලන්තය යාමට නියමිතයි
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හෙට එංගලන්තය යාමට නියමිතයි එංගලන්තය සමඟ පැවැත්වෙන එක් දින සහ 20-20 ක්‍රිකට් තරගාවලියට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම හෙට (09) දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි. කණ්ඩායමේ නායකත්වය කුසල...
බංග්ලාදේශ ක්‍රිකට් පිල අතර පැවැති අවසන් එක්දින තරගයේ ජය ශ්‍රිලංකාවට
බංග්ලාදේශ ක්‍රිකට් පිල අතර පැවැති අවසන් එක්දින තරගයේ ජය ශ්‍රිලංකාවට බංග්ලාදේශ ක්‍රිකට් පිල අතර පැවැති අවසන් එක්දින තරගයේ ජය ශ්‍රිලංකාවට හිමිවිය. ඒ ලකුණු 97 ක ජයක් හිමිකරගමිනි. මුලින්ම පන්දුවට පහර දුන් ශ්‍රි ලංකා පිල පන්දුවාර ...
ශ්‍රී ලංකා සහ බංග්ලාදේශය අතර එක්දින තරගය අදයි
ශ්‍රී ලංකා සහ බංග්ලාදේශය අතර එක්දින තරගය අදයි ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර එක්දින ක්‍රිකට් තරගාවලිය ඩකාහිදී අද (23) පස්වරුවේ ආරම්භ වේ. ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය කුසල් ජනිත් හට හිමිවෙන...
අන්තර් පාසල් බර ඉසිලීමේ තරඟාවලිය දින නියම‍යක් නොමැතිව කල් යයි
අන්තර් පාසල් බර ඉසිලීමේ තරඟාවලිය දින නියම‍යක් නොමැතිව කල් යයි 2021/05/08 සහ 09 දෙදින මාවනැල්ල, අරණායක, දිප්පිටිය රාජගිරි මහ විදුහලේ පැවැත්වීමට නියමිත ව තිබූ අන්තර් පාසල් බර ඉසිලීමේ සහ සවිඑසවීමේ තරඟාවලිය දින නියමයක් නොමැති ...
වොලිබොල් ක්‍රීඩාවේ හෙට දවස වෙනුවෙන් පියවර රැසක් - සභාපති කංචන
වොලිබොල් ක්‍රීඩාවේ හෙට දවස වෙනුවෙන් පියවර රැසක් - සභාපති කංචන මෙරට ජාතික ක්‍රීඩාව වන වොලිබෝල් ක්‍රීඩාවේ උන්නතිය සහ ඉදිරි කාලවකවානුව තුලදී වැදගත් වූ තීන්දු තීරණ රැසක් ක්‍රියාත්මක කිරීමට නියමිත බව වොලිබොල් සම්මේලනයේ සභාපති ක...
එක දවසක් ඇවිදිමු - ඇමැති නාමල් Family Run Saturday
එක දවසක් ඇවිදිමු - ඇමැති නාමල් Family Run Saturday තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය සහ ලංකා ස්පෝට්ස් රයිසන්ස් (LSR) එක්ව සංවිධානය කරනු ලබන මෙම "Family Run Saturday" වැඩසටහන තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාග...

Print   Email