ඇවිදින මංතීරු ආශ්‍රිතව යෝග්‍යතා සමාජ පිහිටුවීමට ඇමැති නාමල්ගේ සුදානමක් 

බෝ නොවන රෝග ඉහළ යාමේ ප්‍රවණතාවය අඩු කිරීම සදහා ජනතාව අතරට ශාරීරික යෝග්‍යතා ක්‍රියාකාරකම්වල යෙදීමට අවශ්‍ය ඇවිදින මංතීරු ඉදිකිරීමට කටයුතු කරන බව තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (17) බස්නාහිර පළාතේ ඇවිදින මංතීරු ආශ්‍රිතව ක්‍රියාකාරීව සේවයේ යෙදෙන ශරීර සුවතා උපදේශකවරු සදහා හමුවකදිය.

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා පැවසුවේ 'මෙතෙක් විවිධ ප්‍රදේශවල ඉදි කර ඇති ඇවිදින මංතීරු හා අය වැය තුලින් යෝජිත ඇවිදින මංතීරු 1000 කට වඩා වැඩි ප්‍රමාණයක් ලංකාව පුරා ව්‍යාප්ත කරන්න බලාපොරොත්තු වන බවයි.

එහිදී අමාත්‍යවරයා මෙසේ අදහස් පල කර සිටියේය " අපිට තිබෙන ලොකුම අභියෝගය තමයි මේ පුහුණුකරුවන් නියාමනය කිරීම සහ පුහුණුකරුවන් අධීක්ෂණය කිරීමේ ක්‍රමවේදයක් නොතිබීම. උදාහරණයක් ලෙස ගත් විට අනෙකුත් සෑම ක්‍රීඩාවකටම ජාතික සංගමයක්, ක්‍රීඩා සංගමයක් සමග ජාතික මට්ටමේ අධික්ෂණයක් තිබෙනවා. ඒම පුහුණුකරුවන්ට ජාතික වශයෙන් හෝ අන්තර්ජාතික වශයෙන් පුහුණු කරුවෙකු ලෙස ශ්‍රේණිගත සුදුසුකමක් තිබෙනවා. නමුත් තිබෙන ගැටලුව තමයි ලංකාවේ කාය වර්ධන මධ්‍යස්ථාන කීයක් තිබෙනවාද? ඒහි පුහුණුකරුවන් සුදුසුකම් ලබා තිබෙන්නේ කුමණ ආකාරයකටද කියන ඒක හොයාගන්න බැරි වීම. ඊලග වසරේ ඒ් සම්බන්ධව ක්‍රමවත් වැඩපිළිවෙලක් යටතේ තොරතුරු රැස් කිරීමක් සිදු කරන්න බලාප‌ොරොත්තු වෙනවා.'' යන්නයි.

මෙම අවස්ථාවට ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය, ක්‍රීඩා අධ්‍යක්ෂ අයි.පී.විජේරත්න, ක්‍රීඩා වෛද්‍ය ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ලාල් ඒ්කනායක යන මහත්වරුන් ද කොළඹ ප්‍රදේශයේ ශරිර සුවතා පුහුණුකරුවන් පිරිසක් ද සහභාගී විය.

Pin It

සබැඳි පුවත්

අන්තර් පාසල් බර ඉසිලීමේ තරඟාවලිය දින නියම‍යක් නොමැතිව කල් යයි
අන්තර් පාසල් බර ඉසිලීමේ තරඟාවලිය දින නියම‍යක් නොමැතිව කල් යයි 2021/05/08 සහ 09 දෙදින මාවනැල්ල, අරණායක, දිප්පිටිය රාජගිරි මහ විදුහලේ පැවැත්වීමට නියමිත ව තිබූ අන්තර් පාසල් බර ඉසිලීමේ සහ සවිඑසවීමේ තරඟාවලිය දින නියමයක් නොමැති ...
වොලිබොල් ක්‍රීඩාවේ හෙට දවස වෙනුවෙන් පියවර රැසක් - සභාපති කංචන
වොලිබොල් ක්‍රීඩාවේ හෙට දවස වෙනුවෙන් පියවර රැසක් - සභාපති කංචන මෙරට ජාතික ක්‍රීඩාව වන වොලිබෝල් ක්‍රීඩාවේ උන්නතිය සහ ඉදිරි කාලවකවානුව තුලදී වැදගත් වූ තීන්දු තීරණ රැසක් ක්‍රියාත්මක කිරීමට නියමිත බව වොලිබොල් සම්මේලනයේ සභාපති ක...
එක දවසක් ඇවිදිමු - ඇමැති නාමල් Family Run Saturday
එක දවසක් ඇවිදිමු - ඇමැති නාමල් Family Run Saturday තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය සහ ලංකා ස්පෝට්ස් රයිසන්ස් (LSR) එක්ව සංවිධානය කරනු ලබන මෙම "Family Run Saturday" වැඩසටහන තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාග...
ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සභාපති ධුරය කංචන ජයරත්නට හිමිවෙයි
ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සභාපති ධුරය කංචන ජයරත්නට හිමිවෙයි ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ 17 වැනි සභාපතිවරයා ලෙස කංචන ජයරත්න මහතා ඊයේ (04) නිතරඟයෙන් තේරී පත්විය. මෙරට ජාතික ක්‍රීඩාව වන වොලිබෝල් ක්‍රීඩාව නඟා සිටුවීමටත්...
මැරතන් / තරග ඇවිදීම සහ පාපැදි තරගාවලිය සාර්ථකව නිමා වෙයි
මැරතන් / තරග ඇවිදීම සහ පාපැදි තරගාවලිය සාර්ථකව නිමා වෙයි 46 වන ජාතික මහා ක්‍රීඩා උළෙලට - (2020) සමඟාමීව කතරගම නගරය කේන්ද්‍ර කරගනිමින් පැවති මැරතන්, තරග ඇවිදීම සහ පාපැදි තරග ඉතා සාර්ථකව නිමාවට පත් වු බව ක්‍රිඩා අමාත්‍ය...
ක්‍රිඩාවේදී ජාත්‍යන්තර මට්ටමට යන්න සිහිතබාගත යුතුයි - ක්‍රිඩා ඇමැති කියයි
ක්‍රිඩාවේදී ජාත්‍යන්තර මට්ටමට යන්න සිහිතබාගත යුතුයි - ක්‍රිඩා ඇමැති කියයි අප ක්‍රිඩා කරන අවස්ථාවේදී ජාතික මට්ටම පමණක් නොසිතිය යුතු අතර එය ජාත්‍යන්තර මට්ටම තෙක් සිතා කටයුතු කල යුතු බව ක්‍රිඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි. අමාතයව...

Print   Email