fbpx

ශෙහාන් සේමසිංහ කුසලාන පාපැදි තරගයේ ජය නිශාන්ත පෙරේරාට

ශෙහාන් සේමසිංහ කුසලාන විවෘත ස්ටෑන්ඩර්ඩ් පාපැදි සවාරියේ ජය දෙහිවල ගල්කිස්ස මහා නගර සභා ක්‍රිඩා සමාජය නියෝජනය කල නිශාන්ත පෙරේරා විසින් දිනා ගත්තේය.

එහි දෙවන ස්ථානය වරාය අධිකාරි ක්‍රීඩා සමාජය නියොජනය කල ශොහාල් චමෝද් හා තෙවන ස්ථානය දෙහිවල ගල්කිස්ස මහා නගර සභා ක්‍රීඩා සමාජයේ චතුර මධුෂාන් ක්‍රිඩකයාටත් හිමිවිය.

ඊයේ (23) දින අනුරාධපුර ශෙහාන් සේමසිංහ පදනමේ අනුග්‍රාහයෙන් අනුරාධපුර දිස්ත්‍රික් පාපැදි සංගමයේ හා ශ්‍රි ලංකා පාපැදි විනිසුරු සංගමයේ මෙහෙය විමෙන් පැවැත්විණ.

මෙම තරඟය සඳහා කි.මි 138 ක් දුර පැවැති මෙම තරගය සදහා ක්‍රිඩකයින් 220 දෙනෙකු සහාභාගි වුහ.

අනුරාධපුර ක්‍රීඩකයින්ගෙන් ප්‍රථම ස්ථානය හා දෙවන ස්ථාන ටු විල් පාපැදි සමාජයේ කිවිසුරු කරුණාරත්න හා නිලින්ද අමිල කුමාර දිනා ගත් අතර රංජිත් අනුර ක්‍රීඩා සමාජය නියෝජනය කල මධුමාදව පෙරෙරාට හිමි විය.

තරගයේ ජය සංකේත ප්‍රදානය මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා, ක්‍රිඩා අමාත්‍යවරයාගේ අනුරාධපුර සම්බන්ධීකරන නිලධාරි චින්තක ගිහාන් විරතුංග ඇතුලු පැමිණ සිටි සම්භාවනිය අමුත්තන් අතින් සිදුවු අතර ඒ සදහා අනුරාධපුර දිස්ත්‍රික් පාපැදි සංගමයේ සභාපති එන්.කරුණාරත්න, ශ්‍රි ලංකා පාපැදි විනිසුරු සංගමයේ සභාපති උපුල් චන්දන,ටු විල් පාපැදි සමාජයේ සභාපති වෛද්‍ය නිශාන්ත කුලරත්න යන අය සහභාගි වුහ.

Pin It

සබැඳි පුවත්

මේ පදක්කම අයිති මට ශක්තියක් වුණ අයටයි - නෙත්මි අහිංසා
මේ පදක්කම අයිති මට ශක්තියක් වුණ අයටයි - නෙත්මි අහිංසා තමාට අවශ්‍ය වුනේ රන් පදක්කමක් දිනාගැනීමට බවත් කෙසේ හෝ මෙරටට පදක්කමක් ගෙන එමට හැකි වු බවත් එය තමාට ශක්තියක් වුණ සියළු දෙනාට අයිති බව මල්ලවපොර ක්‍රිඩිකා නෙත්මි අහ...
පොදු රද මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ මිටර් 100 ඉසව්වෙන් යුපුන් ලෝකඩ පදක්කම දිනා ගනි
පොදු රද මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ මිටර් 100 ඉසව්වෙන් යුපුන් ලෝකඩ පදක්කම දිනා ගනි පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලක මීටර 100 ධාවන ඉසව්වේ මෙරට ධාවන ශුර යුපුන් අබේකෝන් ලෝකඩ පදක්කම දිනා ගනී. එය එම ඉසව්වේ පදක්කමක් දිනා ගත් පළමු ආසියානු ක්‍රීඩ...
අංගම් සටන් ශිල්පය දේශීය හා ජාත්‍යන්තර වශයෙන් ප්‍රචලිත කරනවා - අමාත්‍ය රොෂාන්
අංගම් සටන් ශිල්පය දේශීය හා ජාත්‍යන්තර වශයෙන් ප්‍රචලිත කරනවා - අමාත්‍ය රොෂාන් දේශිය අංගම්පොර සටන් කලාව සඳහා යටත්විජිත යුගයේ පටන් පනවා තිබෙන තහනම ගැසට් පත්‍රයකින් ඉවත්කොට එය ජාතික ක්‍රීඩාවක් ලෙස දේශීය හා ජාත්‍යන්තර වශයෙන් ප්‍රචලිත කරන බව ක...
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ටෙස්ට් තරඟයෙන් විශිෂ්ට ජයක්
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ටෙස්ට් තරඟයෙන් විශිෂ්ට ජයක් බංග්ලාදේශය අතර පැවති ටෙස්ට් තරගයෙන් විශිෂ්ට ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. ඒ් ලකුණු 29ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම කිසිවෙක් ...
මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාල අතර ක්‍රිකට් තරගයක් 
මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාල අතර ක්‍රිකට් තරගයක්  ප්‍රාදේශීය ලේකම් කාර්යාල අතර සුහදත්වය වර්ධනය කිරීමත්,ක්‍රීඩකයින්ගේ ක්‍රීඩා කෞශල්‍යයන් වර්ධනයට අවකාශය ලබා දෙමින් මානසික සුවය වර්ධනය කිරීමත් අරමුණු කර ගනිමින් මාත...
රාජ්‍ය සේවා සය සාමාජික හාඩ් බෝල් ක්‍රිකට් තරඟය එළැඹෙන 21 වනදා
රාජ්‍ය සේවා සය සාමාජික හාඩ් බෝල් ක්‍රිකට් තරඟය එළැඹෙන 21 වනදා ශ්‍රී ලංකා රාජ්‍ය සේවා සය සමාජික හාඩ් බෝල් ක්‍රිකට් තරඟාවලිය එළැඹෙන 21 වනදා සිට 24 දින දක්වා බණ්ඩාරගම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ක්‍රිඩාංගනයේදී පැවැත්වීමට නියමිතය...

Print   Email

Contact Us

TTVnews.lk
TTV Media Hub (pvt) Ltd 
5/34, Sulaiman Terrace, 
Jawatte Road, 
Colombo 05, 
Sri Lanka 
 
Tel: +94 11 2 585833/ 2593 416 
 Fax: +94 11 2 589 334  

Follow Us On Facebook