රත්නපුරේ ක්‍රිකට් සභාපතිකම පවිත්‍රාගේ සැමියාට හිමිවෙයි

රත්නපුර දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ 33 වන සභාපතිවරයා ලෙස කංචන ජයරත්න මහතා නිතරඟයෙන් තේරී පත්වෙයි.

රත්නපුර දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ 41 වන වාර්ෂික නිලවරණය පසුගිය 28 වනදා රත්නපුර “නිලානී” හෝටලයේ දී සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට අනුගතව පැවැත්විණි.

එහිදී 2021-2022 කාලසීමාව සදහා රත්නපුර දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ 33 වන නව සභාපතිවරයා ලෙස නිතරඟයෙන් තේරී පත්වීමට සබරගමුව පළාත් සභාවේ සභාපති කංචන ජයරත්න මහතා සමත් විය.

මීට පෙර කංචන ජයරත්න මහතා රත්නපුර දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ උප සභාපතිවරයා ලෙස වසර 05 කාලයක් කටයුතු කොට ඇත. කංචන ජයරත්න මහතා රත්නපුර දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ සභාපතිවරයා ලෙස පත් වූ පසු 2020 වර්ෂයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ ගිහාන් වීරසිංහ මහතා විසින් කංචන ජයරත්න මහතාට සුබපැතුම් එක් කරනු ලැබීය.

මේ අනුව රත්නපුර දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ 2021-2022 කාල සීමාව සදහා වූ නව නිලධාරී මණ්ඩලයේ සභාපතිවරයා ලෙස සබරගමුව පළාත් සභාවේ සභාපති කංචන ජයරත්න මහතාත්, ලේකම්වරයා ලෙස එරංග ප්‍රසාද් මහතාත්, උප සභාපතිවරුන් ලෙස දමිත් බටවල, කමල් සිසිර කුමාර, අජන්ත සුගතදාස යන මහත්වරුන් සහ උප ලේකම් ලෙස ගයාන් කුඩාගම මහතාත්, භාණ්ඩාගාරික ලෙස එල්මෝ සූරිය ආරච්චි මහතාත් කටයුතු කරනු ඇත.

මෙහිදී අදහස් දක්වමින් රත්නපුර දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ නව සභාපති කංචන ජයරත්න මහතා පැවසුවේ " රත්නපුර දිස්ත්‍රික් සභාවේ ක්‍රීඩා සංගම්වල විශාල ඉල්ලීමක් මත නිලවරණය ඉදිරිපත්වීමට තීරණය කළ බවයි. ඉදිරියේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේත්, රත්නපුර දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයෙත් සියළු ක්‍රීඩා සමාජ වලත් අභිවෘද්ධිය අරමුණු කොටගෙන ක්‍රීඩා අමාත්‍යතුමාගේ සහයෝගයත්, ක්‍රීඩා අමාත්‍යාංශයේත් සහයෝගය ඇතිව, දිස්ත්‍රීක්කයේ ක්‍රිකට් ක්‍රීඩාව ඉදිරියට ගෙනයාමට කටයුතු කරන බවත්, රත්නපුර දිස්ත්‍රික්කයේ ඉදිවෙමින් පවතින මොණරවිල ක්‍රිකට් ක්‍රීඩාංගණය හැකි ඉක්මණින් විවෘත කිරිමට ද පියවර ගනිමින් ඉදිරියේ දී පාසල් ක්‍රීකට් ක්‍රීඩාව මෙන්ම කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව තුලින් ද ජාතික කණ්ඩායම් නියෝජනය කිරිමට ක්‍රිඩකයින් පෙළගැස්වීමට තමාට හැකි උපරිමයෙන් ශක්තිය, ධෙර්යය යොදවන බව ද පැවැසීය.

කංචන ජයරත්ත මහතා සභාපති, ශ්‍රී ලංකා ටයිකොන්ඩෝ සම්මේලනය, උප සභාපති, ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය, සභාපති, රත්නපුර දිස්ත්‍රික් වොලිබෝල් සංගමය, සභාපති, රත්නපුර දිස්ත්‍රික් ටයිකොන්ඩෝ සංගමය, ආදි වශයෙන් ක්‍රීඩා සංගම් රැසක ද තනතුරු හොඹවයි.

 

Pin It

සබැඳි පුවත්

එක දවසක් ඇවිදිමු - ඇමැති නාමල් Family Run Saturday
එක දවසක් ඇවිදිමු - ඇමැති නාමල් Family Run Saturday තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය සහ ලංකා ස්පෝට්ස් රයිසන්ස් (LSR) එක්ව සංවිධානය කරනු ලබන මෙම "Family Run Saturday" වැඩසටහන තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාග...
ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සභාපති ධුරය කංචන ජයරත්නට හිමිවෙයි
ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සභාපති ධුරය කංචන ජයරත්නට හිමිවෙයි ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ 17 වැනි සභාපතිවරයා ලෙස කංචන ජයරත්න මහතා ඊයේ (04) නිතරඟයෙන් තේරී පත්විය. මෙරට ජාතික ක්‍රීඩාව වන වොලිබෝල් ක්‍රීඩාව නඟා සිටුවීමටත්...
මැරතන් / තරග ඇවිදීම සහ පාපැදි තරගාවලිය සාර්ථකව නිමා වෙයි
මැරතන් / තරග ඇවිදීම සහ පාපැදි තරගාවලිය සාර්ථකව නිමා වෙයි 46 වන ජාතික මහා ක්‍රීඩා උළෙලට - (2020) සමඟාමීව කතරගම නගරය කේන්ද්‍ර කරගනිමින් පැවති මැරතන්, තරග ඇවිදීම සහ පාපැදි තරග ඉතා සාර්ථකව නිමාවට පත් වු බව ක්‍රිඩා අමාත්‍ය...
ක්‍රිඩාවේදී ජාත්‍යන්තර මට්ටමට යන්න සිහිතබාගත යුතුයි - ක්‍රිඩා ඇමැති කියයි
ක්‍රිඩාවේදී ජාත්‍යන්තර මට්ටමට යන්න සිහිතබාගත යුතුයි - ක්‍රිඩා ඇමැති කියයි අප ක්‍රිඩා කරන අවස්ථාවේදී ජාතික මට්ටම පමණක් නොසිතිය යුතු අතර එය ජාත්‍යන්තර මට්ටම තෙක් සිතා කටයුතු කල යුතු බව ක්‍රිඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි. අමාතයව...
සංචාරක ව්‍යාපාරය සමඟ එක්ව රටේ ක්‍රීඩා අර්ථිකය ශක්තිමක් කරනවා - ඇමැති නාමල්
සංචාරක ව්‍යාපාරය සමඟ එක්ව රටේ ක්‍රීඩා අර්ථිකය ශක්තිමක් කරනවා - ඇමැති නාමල් එල්.පී.එල්. වැනි සංචාරක ව්‍යාපාරය සමඟ බද්ධ වූ තරගාවලි කිහිපයක් පවත්වා ක්‍රීඩා ආර්ථිකය ශක්තිමත් කිරීමට කටයුතු කරන බව තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ප...
ටයිකොන්ඩෝ ක්‍රීඩාවෙන් මෙරටට ගෞරවය ලබාදුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයීම් උත්සවය හෙටයි
ටයිකොන්ඩෝ ක්‍රීඩාවෙන් මෙරටට ගෞරවය ලබාදුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයීම් උත්සවය හෙටයි 13 වන දකුණු ආසියාතික තරඟාවලියේ ටයිකොන්ඩෝ ක්‍රීඩාවෙන් ශ්‍රී ලංකාවට ගෞරවය ලබාදුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා ඇගයීම හෙට (26) පස්වරුවේ තලවතුගොඩ “ග්‍රෑන්ඩ් මොනාක්...

Print   Email