fbpx

අංගම් සටන් ශිල්පය දේශීය හා ජාත්‍යන්තර වශයෙන් ප්‍රචලිත කරනවා - අමාත්‍ය රොෂාන්

දේශිය අංගම්පොර සටන් කලාව සඳහා යටත්විජිත යුගයේ පටන් පනවා තිබෙන තහනම ගැසට් පත්‍රයකින් ඉවත්කොට එය ජාතික ක්‍රීඩාවක් ලෙස දේශීය හා ජාත්‍යන්තර වශයෙන් ප්‍රචලිත කරන බව ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ක්‍රීඩාවේ ඉදිරි ගමන් මඟ හා ක්‍රීඩා ආර්ථිකයට දායක විය හැකි ක්‍රීඩාවන් හදුනාගැනීම සදහා පසුගිය දා අමාත්‍යාංශයේ නිළධාරීන් සමඟ පැවති සාකච්ඡාවකදිය.

ප්‍රෞඪ ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාව තුළ පුරාණයේ සිට පැවත එන සාම්ප්‍රදායික සටන් ක්‍රමයක් ලෙස අංගම් සටන් ශිල්පයට ප්‍රමුඛස්ථානයක් හිමිවන අතර රාවණා යුගයේ සිට ම මෙකී සටන් කලාව පැවත එන බවත්‍, පසුකාලීනව රජවරුන් විසින් යුද්ධවලදී මෙකී සටන් ශිල්පය යොදා ගෙන ඇති බවත් ජනප්‍රවාදවලින් කියැවේ.

ප්‍රධාන ගුරුකුල කිහිපයක් යටතේ මෙරට විවිධ ප්‍රදේශ කේන්ද්‍ර කොට ක්‍රියාත්මක වූ මෙම සටන් කලාව ඉංග්‍රීසි යටත් විජිත පාලන සමයේ තහනමට ලක් කර තිබිණි. ඉන් පසු එවකට සිටි අංගම් සටන් ශිල්පීන් මෙම කලාව නර්තන අංගයක් ලෙස පෙන්වමින් රහසිගතව ඉදිරියට පවත්වා ගෙන ඇති බවත්, පරම්පරාගතව ශිල්පය උරුම වී ඇති බවත් මේ පිළිබද ඉතිහාසය අධ්‍යයනයේ දී පෙනී යයි.

ක්‍රීඩා ආර්ථිකයක් මෙන්ම ක්‍රීඩා සංස්කෘතියක් ගොඩනැංවීමේ වත්මන් රාජ්‍ය ප්‍රතිපත්තිය තුළ දේශීය සාම්ප්‍රදායික ක්‍රීඩා ප්‍රවර්ධනය සදහා වැඩපිළිවෙලක් සකස් කිරීම මෙන්ම මෙරට පැවති සාම්ප්‍රදායික ක්‍රීඩා අතුරින් ක්‍රීඩාවක්, සටන් කලාවක් මෙන් ම සංස්කෘතික උරුමයක් ද වශයෙන් වැදගත් වන අංගම් සටන් කලාව මේ යටතේ ප්‍රවර්ධනය කිරීමට තෝරාගෙන ඇත. මෑත කාලයේ රාජ්‍ය මැදිහත්වීම සහිතව විවිධ අමාත්‍යාංශ මගින් මෙම ශිල්පය ප්‍රවර්ධනය කිරීම සදහා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කර ඇත.

ක්‍රීඩාවක් සහ ශාරීරික ව්‍යායාමයක් වශයෙන් අංගම් සටන් ශිල්පයේ ඇති කොටස් යොදා ගැනීමටත්, ඒ හරහා මෙකී වටිනා සාම්ප්‍රදායික ශිල්පය ආරක්ෂා කර ජනගත කිරීමත් කෙරෙහි මෙම සාකච්ඡාවෙන් අනතුරුව අවධානය යොමු විය. ඒ සදහා පහත ක්‍රියාමාර්ග ඔස්සේ අංගම් සටන් ශිල්පය ව්‍යාප්ත කිරීමට පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා විසින් උපදෙස් ලබා දෙන ලදි.

අංගම් සටන් කලාවට අදාළ පසුබිම, ඉතිහාසය ආදී තොරතුරු පිළිබඳ පර්යේෂණ පැවැත්වීම, පර්යේෂණ පරිසංවාද සංවිධානය කිරීම හා එම තොරතුරු මුද්‍රිත හා ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය හරහා ප්‍රකාශයට පත් කිරීම, දැනට අංගම් සටන් කලාවේ යෙදෙන ශිල්පීන් සඳහා අවශ්‍ය වන පහසුකම් සැපයීම‍. සංචාරක ක්ෂේත්‍රය ඉලක්ක කර සංචාරක ආකර්ෂණය ඇතිවන පරිදි අදාළ සියළු පාර්ශ්වයන්ගේ සහභාගීත්වයෙන් සංදර්ශනාත්මක ප්‍රසංග සංවිධානය කිරීම‍. ශාරීරික අධ්‍යාපන විෂයය තුළට මෙම අංගම් සටන් කලාවේ සුදුසු කොටස් එක්කිරීම සඳහා අදාළ ආයතන සමග එක්ව කටයුතු කිරීම හා එමඟින් ඉදිරි පරම්පරාව ජවසම්පන්න කිරීම යන කරුණු මූලික අදියරේදී ක්‍රීයාත්මක කිරීමට නියමිතය.

මෙම සාකච්ඡාව සඳහා ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශ ලේකම් අනුරාධ විජේකෝන් මහතා ඇතුළු අමාත්‍යාංශයේ ‌ජ්‍යේෂඨ නිළධාරීහු පිරිසක් සහභාගී වූහ.

 

Pin It

සබැඳි පුවත්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ටෙස්ට් තරඟයෙන් විශිෂ්ට ජයක්
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ටෙස්ට් තරඟයෙන් විශිෂ්ට ජයක් බංග්ලාදේශය අතර පැවති ටෙස්ට් තරගයෙන් විශිෂ්ට ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. ඒ් ලකුණු 29ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම කිසිවෙක් ...
මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාල අතර ක්‍රිකට් තරගයක් 
මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාල අතර ක්‍රිකට් තරගයක්  ප්‍රාදේශීය ලේකම් කාර්යාල අතර සුහදත්වය වර්ධනය කිරීමත්,ක්‍රීඩකයින්ගේ ක්‍රීඩා කෞශල්‍යයන් වර්ධනයට අවකාශය ලබා දෙමින් මානසික සුවය වර්ධනය කිරීමත් අරමුණු කර ගනිමින් මාත...
රාජ්‍ය සේවා සය සාමාජික හාඩ් බෝල් ක්‍රිකට් තරඟය එළැඹෙන 21 වනදා
රාජ්‍ය සේවා සය සාමාජික හාඩ් බෝල් ක්‍රිකට් තරඟය එළැඹෙන 21 වනදා ශ්‍රී ලංකා රාජ්‍ය සේවා සය සමාජික හාඩ් බෝල් ක්‍රිකට් තරඟාවලිය එළැඹෙන 21 වනදා සිට 24 දින දක්වා බණ්ඩාරගම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ක්‍රිඩාංගනයේදී පැවැත්වීමට නියමිතය...
පලමු තරගයෙන්  ශ්‍රී ලංකා ක්‍රිකට් පිල පරදි.. ජය ඕස්ට්‍රේලියාවට
පලමු තරගයෙන්  ශ්‍රී ලංකා ක්‍රිකට් පිල පරදි.. ජය ඕස්ට්‍රේලියාවට ඕස්ට්‍රේලියාව හා ශ්‍රී ලංකාව අතර පැවැති පලමු විස්සයි විස්ස ජාත්‍යන්තර ක්‍රිකට් තරඟයේ පලමු ජය ඕස්ට්‍රේයාවට හිමිවිය. පලමුවට පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියානු පිල ...
ශෙහාන් සේමසිංහ කුසලාන පාපැදි තරගයේ ජය නිශාන්ත පෙරේරාට
ශෙහාන් සේමසිංහ කුසලාන පාපැදි තරගයේ ජය නිශාන්ත පෙරේරාට ශෙහාන් සේමසිංහ කුසලාන විවෘත ස්ටෑන්ඩර්ඩ් පාපැදි සවාරියේ ජය දෙහිවල ගල්කිස්ස මහා නගර සභා ක්‍රිඩා සමාජය නියෝජනය කල නිශාන්ත පෙරේරා විසින් දිනා ගත්තේය. එහි දෙවන ස්...
නාමල් අධිවේගී මාර්ගයේ රේස් පදින්න සුදානම්
නාමල් අධිවේගී මාර්ගයේ රේස් පදින්න සුදානම් මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම - කුරුණෑගල කොටස විවෘත කිරීමට පෙර දින (14) තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය සහ මහා මාර්ග අමාත්‍යාංශය එක්ව ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ පූ...

Print   Email

Contact Us

TTVnews.lk
TTV Media Hub (pvt) Ltd 
5/34, Sulaiman Terrace, 
Jawatte Road, 
Colombo 05, 
Sri Lanka 
 
Tel: +94 11 2 585833/ 2593 416 
 Fax: +94 11 2 589 334  

Follow Us On Facebook