Road To Olympics වැඩසටහන ඇරඹෙයි

ආසියාවේ අභිමානයට පත්වීම සඳහා ජාත්‍යන්තර ජයග්‍රහණ අත්පත් කර ගැනීමට හැකි ක්‍රිඩකයින් හඳුනාගෙන ඔවුන් සංවර්ධනය කරන වැඩපිළිවෙලක් දියත් කරන බව ක්‍රිඩා අමාත්‍යංශය පවසයි.

ඒ අනුව 2028 ඔලිම්පික් තරඟාවලිය අරමුණු කර ගනිමින් “ Road To Olympics ” වැඩසටහන දියත් කිරීම සඳහා දිස්ත්‍රික්ක 22 ක අවුරුදු 12 ක් වන පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන් එක් අධ්‍යාපන කලාපයකින් ක්‍රීඩකයින් 25 ක් හා ක්‍රීඩීකාවන් 25 ක් ඇතුළත්ව අධ්‍යාපන කලාප 22 කින් පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 1100 ක් තෝරාගෙන මෙම වැඩසටහන දියත් කරනු ලැබේ.

සහජ දක්ෂතා වලින් හෙබි, පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන් හඳුනාගෙන ඔවුන්ගේ දක්ෂතා වර්ධනය කර ජාතික හා ජාත්‍යන්තර තලයේ තරඟ ජයග්‍රහණ අත්කර ගැනීමේ පරමාර්ථයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය හා එක්ව නියමු ව්‍යාපෘතියක් ලෙස මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇති බව ක්‍රිඩා අමාත්‍යංශය පවසයි.

එම වැඩසටහන දියත් කිරීම 2020.10.02 දින ප.ව. 2.00ට අධ්‍යාපන කලාපයේ පුහුණු මධ්‍යස්ථාන පාසල්වල පැවැත් වේ. මේ සඳහා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ, කලාප ක්‍රීඩා අධ්‍යක්ෂ, තෝරාගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පාසල්වල විදුහල්පතිවරුන්, දිස්ත්‍රික් ක්‍රීඩා සංවර්ධන නිලධාරී - ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව, තෝරාගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා දෙමාපියන් සහභාගි වේ.

 

Pin It

සබැඳි පුවත්

ක්‍රීඩා සංස්කෘතියක් ඇති කරන​ බව ජනපති කියයි
ක්‍රීඩා සංස්කෘතියක් ඇති කරන​ බව ජනපති කියයි නීරෝගිමත්, විනයගරුක සහ ජව සම්පන්න සමාජයක් බිහිකිරීම උදෙසා ඉවහල්වන ක්‍රීඩා සංස්කෘතියක් ගොඩනැගීම යුගයේ වගකීමක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. ක්‍රීඩාව ...
ගිණි තැබු ක්‍රිකට් පුහුණුවීම් තණතිරු අලුත්වැඩියාවට ඇමැති නාමල් මැදිහත් වෙයි
ගිණි තැබු ක්‍රිකට් පුහුණුවීම් තණතිරු අලුත්වැඩියාවට ඇමැති නාමල් මැදිහත් වෙයි කැකිරාව රණජයපුර විද්‍යාලයේ ක්‍රිකට් පුහුණුවීම් සඳහා යොදා ගන්නා තණතීරු අතුරණය (මැටින්) පිරිසක් විසින් පෙරේදා (13වැනිදා) සවස විද්‍යාලයීය ක්‍රීඩාගාරයේ තිබියදී ගිනි...
දකුණු ආසියාවේ වේගවත්ම ක්‍රීඩකයා ලෙස ශ්‍රී ලංකාවේ යුපුන් සමත් වෙයි
දකුණු ආසියාවේ වේගවත්ම ක්‍රීඩකයා ලෙස ශ්‍රී ලංකාවේ යුපුන් සමත් වෙයි දකුණු ආසියාවේ වේගවත්ම ධාවකයා බවට පත්වීමට ශ්‍රී ලංකාවේ යුපුන් අබේකෝන් සමත් වුයේ ඊයේ ජර්මනියේ පැවැති ජාත්‍යන්තර මලල ක්‍රීඩා තරගාවලියකදීය. මීටර් 100 ඉසව්වට සහභා...
ඇමැති නාමල් බෝල්රූම් ඩාන්ස් සම්මේලනයේ ලියාපදිංචිය අවලංගු කරයි
ඇමැති නාමල් බෝල්රූම් ඩාන්ස් සම්මේලනයේ ලියාපදිංචිය අවලංගු කරයි බෝල්රූම් ඩාන්සර් ක්‍රීඩාව සඳහා ජාතික සම්මේලනය වන ශ්‍රී ලංකා බෝලරූම් ඩාන්සර්ස් සම්මේලනයේ ලියාපදිංචිය වහාම ක්‍රියාත්මක වන පරිදි අවසන් කර තිබේ. ඒ, තරුණ හා ක්‍රී...
ක්‍රීඩා පුහුණුවීම් ආරම්භ කිරිම සම්බන්ධ පිළීබඳ විශේෂ අවධානය
ක්‍රීඩා පුහුණුවීම් ආරම්භ කිරිම සම්බන්ධ පිළීබඳ විශේෂ අවධානය ක්‍රීඩා තරඟ සදහා සෞඛ්‍ය උපදෙස් ඇතුළත් මාර්ගෝපදේශණ මාලාවක් සතියක් ඇතුලත ලබාදීමට පියවර ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. කොරෝනා වෛසරය ව්‍යාප්ත වීමත් සමඟ පාස...
ජාතික ක්‍රීඩා සභාවට නව සාමාජිකයින් පත් කරයි
ජාතික ක්‍රීඩා සභාවට නව සාමාජිකයින් පත් කරයි ජාතික ක්‍රීඩා සභාව සදහා නව සාමාජිකයින් පත් කිරීම ඊයේ (20) දින ක්‍රිඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් සිදු කලේය. නව ක්‍රීඩා සභාව බහුවිධ අංශවල පළපුරුදු වෘත්...

Print   Email