ක්‍රීඩා පුහුණුවීම් ආරම්භ කිරිම සම්බන්ධ පිළීබඳ විශේෂ අවධානය

ක්‍රීඩා තරඟ සදහා සෞඛ්‍ය උපදෙස් ඇතුළත් මාර්ගෝපදේශණ මාලාවක් සතියක් ඇතුලත ලබාදීමට පියවර ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

කොරෝනා වෛසරය ව්‍යාප්ත වීමත් සමඟ පාසල් ක්‍රිඩා නතර කල අතර අතර එය ඉදිරි කාලසීමාව තුල නැවතත් නගා සිටුවීමට ගත යුතු ඉදිරි පියවර සහ ක්‍රීඩා ක්ෂේත්‍රයේ පුහුණුවීම් සහ තරඟාවලි පැවැත්වීම පිළිබද සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සහ තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඇතුලු ක්‍රීඩා අමාත්‍යාංයේ නිලධාරීන් අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (26) සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විනි.

කොවිඩ්-19 වෛරසය හේතුවෙන් මෙරට ක්‍රීඩා ක්ෂේත්‍රය දැඩි බලපෑමකට ලක් වූ බවත්, පාසල් ක්‍රීඩාව නැවත නැංවීම, අන්තර් පාසල් ක්‍රීඩා තරඟාවලි පැවැත්වීම, සෞඛ්‍ය ආරක්ෂිතව ක්‍රීඩා උපකරණ භාවිතය සහ ඉදිරි කාල සීමාව තුල මෙරට ක්‍රීඩා ක්ෂේත්‍රය නැංවීම සදහා අනුගමනය කළ යුතු සාධක පිළිබද සාකච්ඡා කිරීම මෙම හමුවේ අරමුණ බව තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මෙහිදී පැවැසීය.

මෙහිදී සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුලු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරින් පෙන්වා දෙන ලද්දේ නිරෝධායන නීතීරිති වලට සහ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ලබාදෙනු ලබන සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස්වලට අනුව සියළු කටයුතු සිදු විය යුතු බවත්, කිසිදු හේතුවක් මත නොයෙකුත් ආසාත්මිකතා සහ සංකූලතා ඇති පාසල් ළමුන් ඇතුලු ක්‍රීඩකයින් ක්‍රිඩාව සදහා යොදා නොගැනීමට කටයුතු කළ යුතු බවයි. ඒ සදහා අධ්‍යාපන අමාත්‍යාංශය සමග ද සාකච්ඡා කොට චක්‍ර ලේඛයක් නිකුත් කිරීමේ වැදගත්කම පිළිබදව ද මෙහිදී අවධානය යොමු විය. අවසර ලබාදිය හැකි ක්‍රීඩා තරඟ ඇතුලු පිළිපැදිය යුතු සෞඛ්‍ය උපදෙස් ඇතුළත් මාර්ගෝපදේශණ මාලාවක් ඉදිරි සතියක කාලසීමාව ඇතුලත සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පිළියෙළ කොට ක්‍රීඩා අමාත්‍යාංශය සහ අධ්‍යාපන අමාත්‍යාංශය වෙත ලබාදීමටත් මෙහිදී තීරණය කරන ලදි.

මෙම අවස්ථාවට සෞඛ්‍ය ලේකම් මේජර් ජනරාල් සංජිව මුණසිංහ මහතා, වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය එස්. ශ්‍රීදරන් මහතා ඇතුලු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරින්, ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් අනුරාධ විඡේකෝන් මහතා, අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසිංහ මහතා ඇතුලු ක්‍රීඩා අමාත්‍යාංශයේ නිලධාරින් එක්ව සිටියහ.

Pin It

සබැඳි පුවත්

Road To Olympics වැඩසටහන ඇරඹෙයි
Road To Olympics වැඩසටහන ඇරඹෙයි ආසියාවේ අභිමානයට පත්වීම සඳහා ජාත්‍යන්තර ජයග්‍රහණ අත්පත් කර ගැනීමට හැකි ක්‍රිඩකයින් හඳුනාගෙන ඔවුන් සංවර්ධනය කරන වැඩපිළිවෙලක් දියත් කරන බව ක්‍රිඩා අමාත්‍යංශය පවසය...
ක්‍රීඩා සංස්කෘතියක් ඇති කරන​ බව ජනපති කියයි
ක්‍රීඩා සංස්කෘතියක් ඇති කරන​ බව ජනපති කියයි නීරෝගිමත්, විනයගරුක සහ ජව සම්පන්න සමාජයක් බිහිකිරීම උදෙසා ඉවහල්වන ක්‍රීඩා සංස්කෘතියක් ගොඩනැගීම යුගයේ වගකීමක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. ක්‍රීඩාව ...
ගිණි තැබු ක්‍රිකට් පුහුණුවීම් තණතිරු අලුත්වැඩියාවට ඇමැති නාමල් මැදිහත් වෙයි
ගිණි තැබු ක්‍රිකට් පුහුණුවීම් තණතිරු අලුත්වැඩියාවට ඇමැති නාමල් මැදිහත් වෙයි කැකිරාව රණජයපුර විද්‍යාලයේ ක්‍රිකට් පුහුණුවීම් සඳහා යොදා ගන්නා තණතීරු අතුරණය (මැටින්) පිරිසක් විසින් පෙරේදා (13වැනිදා) සවස විද්‍යාලයීය ක්‍රීඩාගාරයේ තිබියදී ගිනි...
දකුණු ආසියාවේ වේගවත්ම ක්‍රීඩකයා ලෙස ශ්‍රී ලංකාවේ යුපුන් සමත් වෙයි
දකුණු ආසියාවේ වේගවත්ම ක්‍රීඩකයා ලෙස ශ්‍රී ලංකාවේ යුපුන් සමත් වෙයි දකුණු ආසියාවේ වේගවත්ම ධාවකයා බවට පත්වීමට ශ්‍රී ලංකාවේ යුපුන් අබේකෝන් සමත් වුයේ ඊයේ ජර්මනියේ පැවැති ජාත්‍යන්තර මලල ක්‍රීඩා තරගාවලියකදීය. මීටර් 100 ඉසව්වට සහභා...
ඇමැති නාමල් බෝල්රූම් ඩාන්ස් සම්මේලනයේ ලියාපදිංචිය අවලංගු කරයි
ඇමැති නාමල් බෝල්රූම් ඩාන්ස් සම්මේලනයේ ලියාපදිංචිය අවලංගු කරයි බෝල්රූම් ඩාන්සර් ක්‍රීඩාව සඳහා ජාතික සම්මේලනය වන ශ්‍රී ලංකා බෝලරූම් ඩාන්සර්ස් සම්මේලනයේ ලියාපදිංචිය වහාම ක්‍රියාත්මක වන පරිදි අවසන් කර තිබේ. ඒ, තරුණ හා ක්‍රී...
ජාතික ක්‍රීඩා සභාවට නව සාමාජිකයින් පත් කරයි
ජාතික ක්‍රීඩා සභාවට නව සාමාජිකයින් පත් කරයි ජාතික ක්‍රීඩා සභාව සදහා නව සාමාජිකයින් පත් කිරීම ඊයේ (20) දින ක්‍රිඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් සිදු කලේය. නව ක්‍රීඩා සභාව බහුවිධ අංශවල පළපුරුදු වෘත්...

Print   Email