සූරිය වැව ප්‍රේක්ෂකයන්ට පහරදීම : ක්‍රීඩා ඇමති පරීක්ෂණයක් ඉල්ලයි

සුරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගන පරිශ්‍රයේ පසුගියදා සිදුවූ සිදුවීම සම්බන්ධව වහාම පරීක්ෂණයක් කරන ලෙස ක්‍රීඩා අමාත්‍යංශය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට නියෝග කර ඇත.

මේ බව සඳහන් කරමින් ක්‍රීඩා අමාත්‍යංශය විසින් විශේෂ මාධ්‍ය නිවේදනයක්ද නිකුත්කර ඇත.

සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයෙහි වසර කිහිපයක් තිස්සේ කිසිදු ජාත්‍යන්තර තරගයක් පවත්වා නොමැති අතර, වසර හතරකට පසු පවත්වන ලද ප්‍රථම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා තරගය ශ්‍රී ලංකා කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම අතර පසුගියදා  එම ක්‍රීඩාංගනයේ දී පවත්වන ලද බවත්  මෙහි දී ක්‍රීඩාංගන පරිශ්‍රයට පැමිණි ක්‍රීඩා ලෝලීන් විශාල පිරිසකට ප්‍රවේශපත් කවුළු අසල දී කිසියම් ප්‍රහාරයකට ලක්වීමට සිදුව ඇති බවත් එම නිවේදනයේ සඳහන්ය.

මෙම කණගාටුදායක තත්ත්වය කිසිසේත් අනුමත නොකරන බවත්, ක්‍රීඩා විෂය භාර අමාත්‍යවරයා වශයෙන් තමා එය දැඩි ව හෙළා දකින බවත්  අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි. ක්‍රීඩාවට ආදරය කරන, ක්‍රීඩකයන්ගේ ප්‍රතිරූපයට ගරු කරන ජනතාවක් සිටින රටක මෙවැනි තත්ත්වයක් ඇතිවීම ඉතා කණගාටුදායක බව ද, මේ සම්බන්ධයෙන් කරුණු සොයා බලා වහාම පරීක්ෂණයක් කර  ඒ පිළිබඳ තමා වෙත වාර්තාවක් ලබාදෙන ලෙස  ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය වෙත තමා විසින් නියෝග කළ බව ද, අමාත්‍යවරයා වැඩිදුරටත් පැහැදිලි කර ඇත.

එමෙන්ම, මේ පිළිබඳ සැල වූ වහාම අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් ද, ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන් ද තමා වෙත පුද්ගලිකව ම  කතා කළ බව ද, කඩිනමින් මේ පිළිබඳ සොයා බලන ලෙස උපදෙස් ලබාදුන් බව ද සඳහන් කළ අමාත්‍යවරයා,  මෙම සිදුවීම සම්බන්ධ ව වහාම පරීක්ෂා කර බලා  අදාළ වාර්තාව අතිගරු ජනාධිපතිතුමන් වෙත සහ ගරු අගමැතිතුමන් වෙත ලබාදීමට ඉතා ඉක්මණින් කටයුතු කරන බව ද, මෙම කණගාටුදායක තත්ත්වය සම්බන්ධයෙන් සමස්ත ක්‍රිකට් ලෝලීන්ගෙන් සමාව ඉල්ලා සිටින බව ද  අමාත්‍යවරයා මෙම නිවේදනයේ සඳහන් කර ඇත.

Pin It

සබැඳි පුවත්

කුඩු නිසා ශෙහාන්ට ක්‍රිකට් තහනම්
කුඩු නිසා ශෙහාන්ට ක්‍රිකට් තහනම්  ක්‍රිකට් ක්‍රීඩක ශෙහාන් මධුශංකට සියළුම වර්ගයේ ක්‍රිකට් තරඟ තහනම් කර ඇති බව වාර්තා වෙයි. ඒ මත්ද්‍රව්‍ය ලඟ තබා ගැනීමේ චෝදනාවට අත්අඩංගුවට පත්වීම හේතුවෙ...
ක්‍රීඩා පුහුණුකරුවන් සඳහා සහනයක් - ක්‍රිඩා අමාත්‍යාංශය කටයුතු කරයි
ක්‍රීඩා පුහුණුකරුවන් සඳහා සහනයක් - ක්‍රිඩා අමාත්‍යාංශය කටයුතු කරයි COVID – 19 වසංගත තත්වය හේතුවෙන් මේ වන විට ක්‍රීඩා ක්ෂේත්‍රයට සම්බන්ධව ස්ථිර මාසික ආදායමක්, රාජ්‍ය හෝ වෙනත් ආකාරයක කිසිදු මූල්‍යමය හෝ ද්‍රව්‍යමය ආධාරයක් නොලද ක්‍...
ශ්‍රී ලංකා ක්‍රිකට් පිලට තියුණු ජයක්
ශ්‍රී ලංකා ක්‍රිකට් පිලට තියුණු ජයක් සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ලකුණු 6කින් පරාජයට පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඊයේ (01) සමත්විය. මහනුවර පල්ලෙකැලේ පිටියේදී පැවැති තරගයේදී ශ්‍රී ...
බටහිර ඉන්දිය කොදෙව්වන් පරදා ශ්‍රී ලංකාව ජය ගනි   
බටහිර ඉන්දිය කොදෙව්වන් පරදා ශ්‍රී ලංකාව ජය ගනි   සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහි පැවැති එක්දින ක්‍රිකට් තරගාවලිය දෙකට බින්දුවක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ සමත්වුනා. ඒ සූරියවැව ජාත්‍යන්තර...
IPL ක්‍රිකට් තරඟය මාර්තු 29 දින ආරම්භ වෙයි
IPL ක්‍රිකට් තරඟය මාර්තු 29 දින ආරම්භ වෙයි VIVO ඉන්දියානු ප්‍රිමියර් ලීග් 2020 සඳහා වන කාලසටහන ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනය කර තිබේ. ඒ අනුව 2020 මාර්තු 29 වන දින මුම්බායි හි වන්කෙඩේ ක්‍රීඩාංගණය...
ක්‍රීඩා සම්බන්ධ වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකයක්
ක්‍රීඩා සම්බන්ධ වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකයක් ක්‍රීඩා සම්බන්ධ වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය හෙට (11) දින අධ්‍යාපන,ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් සුගතදාස ජාතික ක්‍...

Print   Email