ඇමැති විජයදාස සහ දුෂ්මන්තට වාරණ නියෝගයක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වැඩබලන සභාපති අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වැඩ බලන මහලේකම් දුෂ්මන්ත මිත්‍රපාල මහතාට පක්ෂයේ කටයුතු අත්හිටුවමින් අද (24) දින කොළඹ දිසා අධිකරණය මගින් මැයි මස 08 වන දින දක්වා වාරණ නියෝගයක් නිකුත් කර තිබේ.‍

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කෙරේ

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීම ඉරාන ඉස්ලාමීය ජනරජයේ ජනාධිපති ආචාර්ය ඊබ්‍රහිම් රයිසි සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (24) සිදු කෙරිණ.

නිදහස් පක්ෂය සම්බන්ධයෙන් අධිකරණ තීන්දු කිහිපයක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය විසින් අද (24) අතුරු තහනම් නියෝගයක් නිකුත් කෙරිණ.

වීරසේන ගමගේ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙයි

වීරසේන ගමගේ මහතා 09 වැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් ලෙස කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ අද (24) දිවුරුම් දුන්නේය.

රාජ්‍ය ආදායම් ලබන ප්‍රධාන ආයතන අපේක්ෂිත ඉලක්ක සපුරයි – රාජ්‍ය අමාත්‍ය රංජිත්

අසීරු අභියෝග පැවති වසර ගණනාවකට පසු 2024 පළමු තෙමස තුළ අපේක්ෂිත රාජ්‍ය ආදායම ඉක්මවා යාමට හැකි වී ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

උමා ඔය බහුකාර්‍යය යෝජනා ක්‍රමයේ ඉදිකිරීමට සහාය ලබා දුන් පිරිස සමඟ ඇමැති කාංචන සාකච්ඡාවක්

උමා ඔය බහුකාර්‍යය යෝජනා ක්‍රමයේ ඉදිකිරීමේ සහ ඉංජිනේරු සහය සපයන ලැබූ ෆරාබ් සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂවරයා, අධ්‍යක්ෂ මණ්ඩලයේ සභාපතිවරයා ඇතුළු නියෝජිතයන් සහ ඉරාන බලශක්ති අමාත්‍යංශයේ නිළධාරීන් ඊයේ විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේදී සාකච්ඡාවක් පැවැත්විණ.

බන්ධනාගාරවල සි‌ටින රැඳවියන් රැඳවීම විධිමත්ව සිදු කරන්න – මන්ත්‍රී පාඨලි

බන්ධනාගාරවල නිකම් මිනිසුන් ගාල් කොට තබා නොගෙන මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත් කර නොගත යුතුයි – ජනපති

අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත් කර ගතහොත් අවසානයේ පරාජයට පත් වන්නේ රට බවත්, එබැවින් පෞද්ගලික මත පසෙකලා සියලු දෙනා එක්ව සාකච්ඡා කර රටට ඔබින හොඳම අධ්‍යාපන ක්‍රමය මෙම වසර දෙක තුන තුළදී තීරණය කළ යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

එප්පාවල ශ්‍රී සිද්ධාර්ථ ජාතික පාසලේදී නීරෝගී දිවියකට අත්වැලක් සංවිධානයෙන් සෞඛ්‍ය වෛද්‍ය සායනයක්

එප්පාවල, නීරෝගී දිවියකට අත්වැලක් සංවිධානය ප්‍රථම වරට සංවිධානය කල සංවිධානය කළ සෞඛ්‍ය වෛද්‍ය සායනයක්, එප්පාවල ශ්‍රී සිද්ධාර්ථ ජාතික පාසලේදී අද (22) දවස පුරා පැවැත්විණි.