ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා – රාජ්‍ය අමාත්‍ය සිසිර

සිංහල දමිළ අලුත් අවුරුද්දේ පැළ සිටුවීමේ නැකත් දිනය ජාතික මුරුංගා දිනය ලෙස ප්‍රකාශයට පත් කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇතැයි පෝෂණ හා දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පවසයි.

ශ්‍රී ලාංකික දෘශ්‍ය කලාවේ විශිෂ්ටත්වය කරළියට ගෙන ආ ‘කලා පොළ 2024’

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වාර්ෂික එළිමහන් කලා ප්‍රදර්ශනය වන ‘කලා පොළ’ – 2024 වැඩසටහනේ 31 වන අදියර පසුගියදා කොළඹ 07 ආනන්ද කුමාරස්වාමි මාවතේදී පැවැත්විණි.

තරුණ තරුණියන් අපේක්ෂා කරන ශ්‍රී ලංකාව ගොඩනඟනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් අපේක්ෂා කරන ශ්‍රී ලංකාව නිර්මාණය කළ හැකි බවට දැඩි විශ්වාසයක් තමා තුළ පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

වර්තමාන ආණ්ඩුව රාජපක්ෂ ආණ්ඩුව වගේම දූෂිතයි – මන්ත්‍රී එස්.එම් මරික්කාර්

රටේ දූෂණ විරෝධි ක්‍රියාවලිය හරියාකාරව ක්‍රියාත්මක වුවහොත් ආයෝජකයන්ට රට ගැන විශ්වාසයක් ඇතිවන බව නමුත් වත්මන් ආණ්ඩුවත් දුෂිත බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර් මහතා පවසයි.

“වසත් සිරිය 2024” අයදුම්පත් භාර ගැනීමේ කාලය දීර්ඝ කෙරේ – ජනාධිපති මාධ්‍ය අංශය

ජනාධිපති කාර්යාලයේ සේවක සුබසාධක සංගමය සහ රජයේ අමාත්‍යාංශ එක්ව අප්‍රේල් 27 වන සෙනසුරාදා ගාලු මුවදොර ෂැංග්‍රිලා හරිත භූමියේ දී සංවිධානය කර ඇති “වසත් සිරිය 2024” සිංහල සහ දෙමළ අලුත් අවුරුදු උත්සවයේ අවුරුදු කුමරා/ කුමරිය සඳහා අයදුම්පත් භාර ගැනීමේ කාලය අප්‍රේල් 23වනදා දක්වා දීර්ඝ කර තිබේ.

කොළඹ පිටකොටුවේ අනවසර කඩ ඉදිකිරීම පිටුපස සංවිධානාත්මක ජාවාරම්කරුවන්

කොළඹ පිටකොටුවේ අනවසර කඩ ඉදිකිරීම පිටුපස සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක් සිටින බවට හෙළිවී ඇතැයි කොළඹ මහ නගර සභාව සහ නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු ලෝක ක්‍රිකට් වාර්තා පොතට

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු ලෝක ක්‍රිකට් වාර්තා පොතට එක්වී තිබේ.

වැඩ කරන ජනතාවත් එක්ක අපි මෙවර මැයි දිනය පවත්වනවා – රාජ්‍ය ඇමැති ශාන්ත

වැඩකරන ජනතාවට ශක්තියක් වී, ඔවුනට උපහාරය පිදීම වෙනුවෙන් කම්කරු දිනයේදී කොළඹට පැමිණ සහභායෝගය දැක්වීමට ජනතාව සූදානම් බව ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා පවසයි.

සමගියේ ප්‍රවීන් එජාපයට

සමගි ජන බලවේගයේ බෙලිඅත්ත ආසන සංවිධායක වෛද්‍ය ප්‍රවීන් රුවින්ද අතපත්තු මහතා අද (18) එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබා ගත්තේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කෙහේවත් එල්ලන්නේ නෑ – මන්ත්‍රී දුමින්ද

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවේ එල්ලන්නේ සුදානමක් නොමැති බවත් නිදහස් පක්ෂය යළි ගොඩනැගිමේ වැඩපිළිවෙලක් සිදු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පවසයි.