#විනිවිද

උකුවෙල රසවින්ද වැඩසටහනක් 

උකුවෙල සංස්කෘතික මධ්‍යස්ථානයේ සම්පත්දායකත්වය සමඟින් අත්වැල් බැඳගනිමින් උකුවෙල ප්‍රාදේශිය ලේකම් කාර්යලය විසින් සංවිධානය කරනු ලැබූ “ජිවිතය හා ගීතය අතර ඇති සබැඳියාව – ගී රසවින්දන විචාරත්මක වැඩසටහන” කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී පසුගියදා පැවැත්විණි.

මේ සඳහා කාර්යාලයීය නිලධාරීන් රාශියක් සහභාගීවූ අතර, ඉතා අර්ථාන්විත හෝරා කිහිපයක් සංගීතය හා කලාව සමඟ ඒකාත්මික වෙමින් රාජකාරි දිවියේ විඩාව සංසිදුවාගැනිමට මහත් අස්වැසිල්ලක් විය.

උකුවෙල සංස්කෘතික මධ්‍යස්ථානයේ ස්ථානභාර නිලධාරි නිශ්ශංක බණ්ඩාර මහතා ඇතුලු නිලධාරින් මේ සදහා සහභාගි විය.

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

Leave a comment

Your email address will not be published. Required fields are marked *