ගෝඨා මුරුකරුවෙක් විතරයි..! මුරකාරයාට ගෙවල් ලියලා දෙන්නේ නෑ - ඇමැති වජිර

මිලිටරි පුහුණූවක් ලැබු අයෙක් ඔහු පුරුදු වී සිටින නීතිය වෙනස් බවත් ඔහු ක්‍රියා කරන්නේ ද මිලිටරි ප්‍රතිපත්ති බව අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි.

අමාත්‍යවරයා TTVNews සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් කියා සිටියේ රටේ ප්‍රසිද්ධ පුද්ගලයින් සිටින අතර මරු සිරා , මාකදුරේ මධුෂ් වැනි අය ප්‍රසිද්ධ චණ්ඩිත් සිටින බවයි.

ඔවුන්ට රටක් බාර දෙන්න කවුරුවත් සුදානම් නැති බව හෙතෙම පැවසිය. කෙසේ වෙතත් ගෙදර මුර කරන මුරකරුවාට නිවස එහි හිමිකරුවන් විසින් ලියා දීමක් සිදු නොකරන්නා සේම රටක මුරකරුවන්ට රට ලියා දෙන්න රටේ ජනතාව කිසිවිටකත් සුදානමක් නොමැති බව ඔහු කියා සිටියේය.

අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා සමඟ සිදු කළ සම්පුර්ණ සම්මුඛ සාකච්ඡාව පහත සඳහන් TTVnews.lk Youtube Channel ඔස්සේ නැරඹිය හැකිය. 

Wajira TTVnews

 

 සාකච්ඡා කළේ - තරින්ද ඇල්විටිගල 

 

Pin It

සබැඳි පුවත්

ආරක්ෂක අමාත්‍යංශයේ IT යුනිට් එක මිලෝදා ගොඩනැගිල්ලට මාරු කරයි
ආරක්ෂක අමාත්‍යංශයේ IT යුනිට් එක මිලෝදා ගොඩනැගිල්ලට මාරු කරයි ඩිජිටල් යටිතල පහසුකම් හා තොරතුරු තාක්ෂණ අංශය මිලෝදා ගොඩනැගිල්ල සිට ක්‍රියාත්මක වන බව ආරක්ෂක අමාත්‍යශය දැනුම් දී තිබේ. ඒ අනුව ඊයේ (27) සිට ආරක්ෂක අමාත්‍යංශය ය...
සීෂෙල්ස්හි සිටින ශ්‍රී ලාංකිකයන් ගෙන්වීමට රජය පහසුකම් සලසයි
සීෂෙල්ස්හි සිටින ශ්‍රී ලාංකිකයන් ගෙන්වීමට රජය පහසුකම් සලසයි ශ්‍රී ලංකාවට ආපසු පැමිණීමට අවශ්‍ය බවට ලියාපදිංචි වී ඇති සීෂෙල්ස්හි වෙසෙන, එහි රුකියාවල නියුතු ශ්‍රී ලාංකිකයන් පිරිස සැලකිල්ලට ගනිමින්, ශ්‍රී ලංකා රජය මෙරටේ දැනට...
නවතම ඇඳිරි නීති නිවේදනය .... ජුනි 04 සිට 05 දක්වා දිවයිනටම ඇඳිරී නීතිය පැනවේ
නවතම ඇඳිරි නීති නිවේදනය .... ජුනි 04 සිට 05 දක්වා දිවයිනටම ඇඳිරී නීතිය පැනවේ එළැඹෙන මැයි 31 ඉරිදා දිනදිවයිනේ සියලු දිස්ත්‍රීක්කවල දවස පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරන බව ජනාධිපති මාධ්‍ය අංශ පවසයි. ජූනි 01 සඳුදා සිට ජූනි 03 බදාදා තෙක් ...
දකුණු ආසියාවේ විශාලතම ජාතික දුම්රිය කෞතුකාගාරය විවෘත කිරීමේ සුදානමක්
දකුණු ආසියාවේ විශාලතම ජාතික දුම්රිය කෞතුකාගාරය විවෘත කිරීමේ සුදානමක් දකුණු ආසියාවේ විශාලතම ජාතික දුම්රිය කෞතුකාගාරය මෙම වසර තුළ විවෘත කිරීමට කටයුතු කරන බව ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. මරදානේ දුම්රිය...
අර්ජුන් , අර්ජන් වෙයි ..
අර්ජුන් , අර්ජන් වෙයි .. යහපාලන රජයේ සමයේ මහ බැංකු භාණ්ඩාගාර බැඳුම්කර වංචාවේ ප්‍රධාන සැකකරුවෙකු වන හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් සිය නම අර්ජන් ඇලෙක්සැන්ඩර් ලෙස වෙනස් කර ඇති බ...
මැ.කො අප්‍රසාදයට පත් කිරීමේ උත්සාහයක් ඇති බව හිටපු මන්ත්‍රීනි රෝහිණි කියයි
මැ.කො අප්‍රසාදයට පත් කිරීමේ උත්සාහයක් ඇති බව හිටපු මන්ත්‍රීනි රෝහිණි කියයි වත්මන් ආණ්ඩුවට අවශ්‍ය පරිදි මැතිවරණ කොමිෂන් සභාව ක්‍රියා නොකරන නිසා රටේ ජනතාව ඉදිරියේ මැතිවරණ කොමිසම අප්‍රසාදයට ලක් කිරීමේ උත්සාහයක ආණ්ඩුව නිරතව සිටින මාතලේ දිස...

Print   Email