MCC ගිවිසුම අත්සන් කරන්නට පෙර සාකච්ඡා කිරීම වැදගත් - ආචාර්ය පාලිත කොහොන කියයි

සහස්‍ර අභියෝග සම්මුතිය (MCC) ගිවිසුම අත්සන් කිරීමට පෙර පාර්ලිමේන්තුව තුලත් සමාජය තුලත් පුළුල් සංවාදයක් ඇති කර එහි හොඳ නොහොඳ ගැන අවබෝධයක් ලබා ගත යුතුව තිබු බව හිටපු විදේශ ලේකම්, එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ආචාර්ය පාලිත කොහොන මහතා පවසයි.

ඒ මහතා TTVNews.lk වෙබ් අඩවිය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ මෙවැනි ගිවිසුමක් අත්සන් කිරීමේදී ශ්‍රී ලංකාවේ ස්වෛරිභාවයටත් නිදහසේ තීරණ ගැනීමේ හැකියාවටත් බාධා නොවන අන්දමින් කොන්දෙසි එහි අන්තර් ගත කිරීම සිදු කළ යුතු බවයි.

හිටපු විදේශ ලේකම්, එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ආචාර්ය පාලිත කොහොන මහතා විසින් සිදු කළසහස්‍ර අභියෝග සම්මුතිය (MCC) ගිවිසුම පිළිබඳ විශේෂ විග්‍රහය පහත පරිදි වේ.

" සහස්‍ර අභියෝග සම්මුතිය මෙය අමෙරිකාවේ බුෂ් මහතා විසින් ඇති කළ ආයතනයක්. මෙහි පරමාර්ථය වන්නේ සංවර්ධනය වන රටවලට ද්‍රරිදතාවය අඩු කර ගැනීම හෝ නැති කර ගැනීමට ආධාර සැපයීම. මෙය ඉහළ මට්ටමේ පරමාර්ථයකි. මෙම ආයතනය මෙතෙක් කල් අමෙරිකානු ආණ්ඩුව විසින් මෙම පරමාර්ථය ඉටු ගැනීමට ම ද නැතිනම් අමෙරිකානු දේශපාලන අරමුණු ඉටු කර ගැනීමට ද යන ගැටළුව මතු වෙලා තිබෙනවා බොහෝ දෙනෙකුගේ හිත්වල.

අමෙරිකානු ආණ්ඩුවත් මෙම ආයතනයත් අතර තිබෙන්නේ ඉතා කිට්ටු සම්බන්ධතාවයක්. ට්‍රම්ප් මහතාගේ හිටපු උපදේශකයෙකු තමයි මෙම ආයතනයේ ප්‍රධාන පාලකයා වන්නේ. ලංකාවට මෙම ආයතනය මගින් ඩොලර් මිලියන 480 ක් දෙන්නට තීරණය කර තිබෙනවා. මෙම ඩොලර් මිලියන 480 ලංකාවේ බටහිර පළාතේ ප්‍රවාහනය දියුණු කිරීම සහ ලංකාවේ ඉඩම් අයිතිය හා භාවිතය නවීකරණය කිරීමයි. ඒ සමඟම චෝදනාවක් මතුව තිබෙනවා අක්කර දෙලක්ෂයකට කිට්ටු ප්‍රමාණයක් අමෙරිකානු සමාගමට වලට පවරා දෙන ක්‍රමයක් ඇති කරන බවයි.

ත්‍රිකුණාමල කොළඹත් අතර අධිවේගි දුම්රිය මාර්ගයක් සහ ගමන් මාර්ගයක් හදන්නට සැලසුම් කර තිබෙනවා. ප්‍රසිද්ධ පොදු ප්‍රවාහන සේවය යහපත් මෙන්ම ඉඩම් නවිකරණය අපට ඵලදායි වන්නට ඉඩ තිබෙනවා. මේ සම්බන්ධයෙන් වුවත් වවිධ අදහස් දක්වා තිබෙනවා ඇතැම් පිරිස්. ලංකාවට මෙම සහ්‍රස සංවර්ධන ආයතනය මෙම මුදල් ලබා දීම පිණිස ලංකාවට නොයෙක් කොන්දේසි පනවලා තියෙනවා.

එහි එකක් තමයි මෙම ආයතනයටත් එහි සේවකයින්ටත් අපගේ නීතීමය රාමුවක් ඇතුළත් නොවී කටයුතු කරන්න පුළුවන්කම ලබා දිම. ඔවුන් යටත්වන්නේ අමෙරිකානු නීතියට. ස්වෛරි රාජ්‍යයක් වශයෙන් මෙවැනි දෙයකට එකඟවීම උචිත ද යන්න පිළිබඳ ගැටළුවකි.

තවත් භයානායක කොන්දේසිය තමයි මෙම සමාගම සහ මෙම ආයතනය එහි සේවකයන් කිසිදු නීතිමය වගකීමකට හසු වුවහොත් ඔහු සම්බන්ධයෙන් ලංකාවේ නිතීය ක්‍රියාත්මක කිරීමට අපට නොහැකි වීම. මෙම ගිවිසුම යටතේ වරද කරපු පුද්ගලයාගේ වරද විභාග කරන්නේත් ඔහුට විරුද්ධව ක්‍රියාමාර්ග ගන්නෙත් අමෙරිකාවෙනි. එහි එය පැහැදිව සඳහන් කර නොමැති බවත් ඇතැම් විට අමෙරිකානු අධිකරණය එම පුද්ගලයාට දඩුවම් සිදු කරවිද? නඩුව අසාවිද යන්න පැහැදිව සඳහන් කර නොමැත.

එසේම මෙම ආයතනය යම් කිසි වගකිමක් ඉටු නොකලහොත් එහි වගකීම පැටවෙන්නේ ශ්‍රී ලංකා ආණ්ඩුවටයි. උදාහරණයක් වශයෙන් ප්‍රවාහනය දියුණු කිරීමට මාර්ගයක් පිලිසකර කරන අවස්ථාවේදී එය කිරීමට නොහැකි යැයි හැඟි එය අතරමඟ දමා ගියහොත් එය පිළිසකර කිරීම පැවරෙන්නේ ශ්‍රී ලංකා රජයටය. මෙම ආයතනය ඇමෙරිකාවේ දේශපාලන ආයුධයක් වශයෙන් භාවිතා කිරිමට ඉඩ ඇති බවයි.

දෙවන ගැටළුව තමයි මෙම සමාගමේ සේවකයින් ලංකාවට ඇතුළු වීමේදී පුර්ණ නිදහස ලැබී තිබෙන අතර රේගු බදු ආදිය නොගැනිම.

මෙවැනි ගිවිසුමක් අත්සන් කිරීමේ පුළුල් වශයෙන් පාර්ලිමේන්තුවෙත් සමාජයෙත් එයින් හොඳ නොහොඳ තෝරා බේරා ගත යුතුයි.

 

වාර්තා කළේ  - දිලිනි  සමන්මලි 

 

Pin It

සබැඳි පුවත්

ඉදිරියේදී පූජ්‍ය පක්ෂයට සංවර්ධන නිලධාරී තනතුර නෑ - අධ්‍යාපන අමාත්‍ය ඩලස්
ඉදිරියේදී පූජ්‍ය පක්ෂයට සංවර්ධන නිලධාරී තනතුර නෑ - අධ්‍යාපන අමාත්‍ය ඩලස් ඉදිරියේදී භික්ෂූන් වහන්සේලා හෝ පූජක පක්ෂයේ පූජකතුමන්ලා හෝ කන්‍යා සොයුරියන් කිසිවෙක් සංවර්ධන නිලධාරීන් ලෙස ස්ථානගත නොකරන බවත්, ඔවුන් සියලු දෙනා ගුරුවරුන් ලෙ...
ගෆූර් ගොඩනැගිල්ලේ කොවිඩ් ආසාදිතයා ගැන බය වෙන්න එපා - නාවික හමුදාව
ගෆූර් ගොඩනැගිල්ලේ කොවිඩ් ආසාදිතයා ගැන බය වෙන්න එපා - නාවික හමුදාව පිටකොටුව ගෆූර් ගොඩනැගිල්ලේ රැදී සිටි නාවික හමුදා සාමාජිකයෙකුට කොවිඩ් නයින්ටීන් ආසාදනය වීමේ සිද්ධිය පිළීබද අනිසි බියක් ඇති කර ගතයුතු නොවන බව නාවික හමුදාව පවසයි. ...
දෙවසරක් යනතුරු වරිපනම් බදු වැඩිවෙන්නේ නෑ - ජනකගේ යෝජනාවට  කැබිනට් අනුමැතිය "
දෙවසරක් යනතුරු වරිපනම් බදු වැඩිවෙන්නේ නෑ - ජනකගේ යෝජනාවට කැබිනට් අනුමැතිය " පළාත් පාලන ආයතන මගින් අයකරන වරිපනම් බදු වසර දෙකක් යන තුරු ඉහළ නොදැමීමට රජය තීරණය කළ බව කැබිනට් ප්‍රකාශක, තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ, උසස් අධ්‍යාපන, තාක්‍ෂණ හා...
ක්‍රවුන් ප්‍රින්සස් එයි- වරාය අධිකාරිය වැඩ අරඹයි
ක්‍රවුන් ප්‍රින්සස් එයි- වරාය අධිකාරිය වැඩ අරඹයි ශ්‍රී ලංකාව තුළ කොරෝනා වයිරස ව්‍යාප්තිය පාලනයවීමත් සමඟ ශ්‍රී ලංකා වරාය අධිකාරිය ද සිය මෙහෙයුම් කටයුතු ආරම්භ කර ඇත.  ඒ අනුව කොළඹ වරාය වෙත ඊයේ (28) ‘ක්‍රවුන...
ආරක්ෂක අමාත්‍යංශයේ IT යුනිට් එක මිලෝදා ගොඩනැගිල්ලට මාරු කරයි
ආරක්ෂක අමාත්‍යංශයේ IT යුනිට් එක මිලෝදා ගොඩනැගිල්ලට මාරු කරයි ඩිජිටල් යටිතල පහසුකම් හා තොරතුරු තාක්ෂණ අංශය මිලෝදා ගොඩනැගිල්ල සිට ක්‍රියාත්මක වන බව ආරක්ෂක අමාත්‍යශය දැනුම් දී තිබේ. ඒ අනුව ඊයේ (27) සිට ආරක්ෂක අමාත්‍යංශය ය...
සීෂෙල්ස්හි සිටින ශ්‍රී ලාංකිකයන් ගෙන්වීමට රජය පහසුකම් සලසයි
සීෂෙල්ස්හි සිටින ශ්‍රී ලාංකිකයන් ගෙන්වීමට රජය පහසුකම් සලසයි ශ්‍රී ලංකාවට ආපසු පැමිණීමට අවශ්‍ය බවට ලියාපදිංචි වී ඇති සීෂෙල්ස්හි වෙසෙන, එහි රුකියාවල නියුතු ශ්‍රී ලාංකිකයන් පිරිස සැලකිල්ලට ගනිමින්, ශ්‍රී ලංකා රජය මෙරටේ දැනට...

Print   Email