ගෝඨා සැලසුම් කරන්නේ නිදහස් අධ්‍යාපනය අතුගා දාන්නයි - අගමැති රනිල්

Pin It

ශ්‍රී ලාංකේය අධ්‍යාපන ක්ෂේත්‍රයේ විප්ලවකාරී පරිවර්තනයකට හේතු වූ අධ්‍යපන විද්‍යා පීඨ අහෝසි කර, ඒ වෙනුවට වෙනත් ක්‍රමයක් බලගන්වන බව ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඔහුගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් කර තිබෙන බවත්, ඔවුන් මේ උත්සාහ කරන්නේ නිදහස් අධ්‍යාපනය මෙරටින් මුළුමනින්ම අතුගා දැමීමේ වැඩ සැලැස්මක් ආරම්භ කිරීමට බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (06) බණ්ඩාරවෙල පැවැති එක්සත් ජාතික පෙරමුණේ මැතිවරණ ප්‍රචාරක රැළියට සහභාගී වෙමින්.

නොදියුණු පාසැල් ඒ අයුරින්ම පවත්වාගෙන යෑමේ වැඩ පිළිවෙලක් රාජපක්‍ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය මගින් ක්‍රියාවට නැංවීමට යෝජනා කර ඇති බව තමා මීට කලින් පෙන්වා දුන් බව සිහිපත් කළ වික්‍රමසිංහ මහතා, අද වන තුරු ඊට පිළිතුරු සැපයීමට ඔවුන් අසමත් වී ඇති බව ද සිහිපත් කළේය.

අධ්‍යාපන විද්‍යා පීඨ අහෝසි කිරීමට අමතරව නොමිලේ පාසැල් නිල ඇඳුම් ලබා දීමේ ක්‍රමය අවසන් කරන බව ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන්ව ඇති බව අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේය.

බණ්ඩාරවෙල නගර මධ්‍යයේ පැවති ජනාධිපතිවරණ ප්‍රචාරක රැළියක් අමතමින් වැඩිදුරටත් ප්‍රකාශ කළේ නිදහස් අධ්‍යාපනය ආරක්‍ෂා කොට තව තවත් පුළුල් කිරීමට ලබන නොවැම්බර 16 වනදා සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති ධූරයට පත් කරගත යුතු බවයි.

1947 සිට දුප්පත් පොහොසත් භේදයකින් තොරව මෙරට සිසු පරපුරට හැකියාවෙන් හා දක්‍ෂතාවයෙන් පෙරට පැමිණීමට මාර්ග විවර කළ නිදහස් අධ්‍යාපන ක්‍රමය අහෝසි කරලීම වළක්වාලීමට අත්වැල් බැඳගන්නා ලෙස ශ්‍රී ලංකා වාසී ජනතාවගෙන් තමන් ඉල්ලා සිටින බව ද වික්‍රමසිංහ මහතා පැවසීය.

 

Pin It

සබැඳි පුවත්

කොරොනා වෛරසය ගැන අනිසි බියක් ඇති කර ගන්නෙපා - ඇමැති බන්දුල
කොරොනා වෛරසය ගැන අනිසි බියක් ඇති කර ගන්නෙපා - ඇමැති බන්දුල කිසිදු අවස්ථාවක අධ්‍යාපන අමාත්‍යාංශවත් සෞඛ්‍ය අමාත්‍යාංශවත් මුඛ ආවරණ මිලට ගෙන පළදින ලෙස ජනතාවට හෝ දරුවන්ට උපදෙස් ලබාදී නැති නොමැති බවත් පාසල් වැසිමට කිසිදු තීරණ...
දුෂිතයින්ගේ හතුරෙකු වීම සතුටක් - ජවිපෙ නායක කියයි
දුෂිතයින්ගේ හතුරෙකු වීම සතුටක් - ජවිපෙ නායක කියයි නිශ්ශංක සේනාධිපති විසින් පෞද්ගලික නාලිකාවක වැඩසටහනකදී ජනතා විමුක්ති පෙරමුණට අභූත චෝදනා ගණනාවක් එල්ල කළ බව එම පක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසාන...
වැලන්ටයින් දවසේ ඡන්දයක් - රාජ්‍ය අමාත්‍ය දුමින්ද
වැලන්ටයින් දවසේ ඡන්දයක් - රාජ්‍ය අමාත්‍ය දුමින්ද යොවුන් පාර්ලිමේන්තු මැතිවරණය මෙවර පෙබරවාරි 14 වනදා දින පෙරවරු 8 සිට 4 දක්වා පැවැත්වෙන බව තරුණ කටයුතු රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි. රාජ්‍ය අමාත්...
ගෝඨා - මහින්ද සුසංයෝගය වැලැක්විය නොහැක - කුමාරසිරි කියයි
ගෝඨා - මහින්ද සුසංයෝගය වැලැක්විය නොහැක - කුමාරසිරි කියයි ජනතාව බලාපොරොත්තු වූ නව දේශපාලන සංස්කෘතිය ගෝඨාභය – මහින්ද සුසංයෝගයෙන් බිහිවීම වැළැක්විය නොහැකි බව අග්‍රාමාත්‍ය පාර්ලිමේන්තු කටයුතු සම්බන්ධිකරණ ලේකම් කුමාරසිරි හ...
රාජ්‍ය නිලධාරීන් චක්‍රලේඛ නිකුත් කරන්නේ වැඩ කරන්න මිසක් නතර කරන්න නෙමෙයි - අගමැති
රාජ්‍ය නිලධාරීන් චක්‍රලේඛ නිකුත් කරන්නේ වැඩ කරන්න මිසක් නතර කරන්න නෙමෙයි - අගමැති රාජ්‍ය නිලධාරීන් චක්‍රලේඛ නිකුත් කළ යුත්තේ වැඩ කිරීමට මිස සිදු කරමින් සිටින වැඩ නැවැත්වීමට නොවන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි. අග්‍රාමාත්‍යවරයා ම...
කට ළග තියාගෙන දීලා හැමදේම සජිත්ගේ පැත්තට දාන්න එපා - හිටපු ඇමැතිනි තලතා
කට ළග තියාගෙන දීලා හැමදේම සජිත්ගේ පැත්තට දාන්න එපා - හිටපු ඇමැතිනි තලතා එක්සත් ජාතික පක්ෂය ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක් බව හිටපු ඇමැතිනි තලතා අතුකෝරල මහත්මිය පවසයි. ඇය මේ බව පැවසුවේ අද (28) විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවක් අම...

Print   Email