දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගී වු මෙරට සිසුන්ට නේපාලයේ දී O/L විභාගයට පෙනී සිටිමට වරම්

නේපාලයේ කත්මණ්ඩු නුවර දී මෙවර පැවැත්වීමට නියමිත 13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වන සිසුන් 7 දෙනෙකු 2019 දෙසැම්බර් මාසයේ පැවැත්වෙන සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත අතර, අධ්‍යාපන අමාත්‍ය, නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස් අනුව අධ්‍යාපනයේ තවත් සාධනීය පියවරක් සනිටුහන් කරමින් එම සිසුන්ට නේපාලයේ සිට එම විභාගයට පෙනී සිටීමේ අවස්ථාව සලසා තිබේ.

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් විදේශ කටයුතු අමාත්‍යාංශයේ ද සහාය ඇතිව නේපාලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සමග සම්බන්ධීකරණය වෙමින් මෙම අනගි අවස්ථාව තරගාවලියට එක්වන සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂක ශ්‍රී ලාංකීය දූදරුවන් වෙත සලසා දෙනු ලැබෙනු ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නීතීරීතිවලට යටත් ව, රහස්‍යභාවය, විශ්වසනීයබව හා ආරක්ෂාකාරීබව පවත්වාගනිමින් ශ්‍රී ලංකාවේ එම විභාගය පැවැත්වෙන වේලාවට අනුරූපව මෙම සිසුන් සඳහා නේපාලයේ කත්මණ්ඩු නුවරදී සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීමට පියවර ඇත. ඒ වෙනුවෙන් නේපාලය බලා පිටත්ව යන ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ ජ්‍යේෂ්ඨ නිලධාරීන්ගෙන් සැදුම් ලත් කණ්ඩායමක් විසින් මෙම විභාගය සියලු අධීක්ෂණ කටයුතු සිදුකරන අතර එම නිලධාරීන්ගේ ගුවන් ප්‍රවේශපත් හා නවාතැන් සඳහා වියදම් ජාතික ඔලිම්පික් කමිටුව විසින් දැරීමට එකඟ වී ඇත.

අධ්‍යාපනයෙන් බිහිකළ යුත්තේ සමබර පෞරුෂයෙන් යුත් දරු පරපුරක් වන බවත්, ක්‍රීඩාව නිසා විභාග හෝ විභාග නිසා දරුවන්ගේ ක්‍රීඩා හැකියාවන් හෝ අතපසුකිරීමට ඉඩ නොතබා මේ අයුරින් කටයුතු කිරීමට හැකිවීම අධ්‍යාපනයේ සාධනීය පියවරක් බවත් මේ සම්බන්ධ ව අදහස් පළ කරමින් අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කළේය.

 

දිලිනි සමන්මලි

 

Pin It

සබැඳි පුවත්

ඉදිරීයේදී බස්වලආසන ගණනට පමණක් මගීන් ගෙන යෑමේ නීතියක් කරනවා - ඇමැති මහින්ද
ඉදිරීයේදී බස්වලආසන ගණනට පමණක් මගීන් ගෙන යෑමේ නීතියක් කරනවා - ඇමැති මහින්ද සියලුම ලංගම හා පුද්ගලික බස් රථවල ආසන ගණනට පමණක් මගීන් ප්‍රවාහණය කිරීම ඉදිරියේ දී නීතියක් බවට පත් කර ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමර...
රටේ ආර්ථික තත්ත්වය ජනතාවට හෙලි කරන්නැයි හිටපු අගමැති රනිල් කියයි
රටේ ආර්ථික තත්ත්වය ජනතාවට හෙලි කරන්නැයි හිටපු අගමැති රනිල් කියයි රටේ වර්තමාන මූල්‍ය සහ මුදල් තත්ත්වය පිළිබඳව සවිස්තර වාර්තාවක් ඉදිරිපත් කිරීම රජයේ වගකීමක් වන අතර රටේ ආර්ථික තත්ත්වය පිළිබඳ සැබෑ තොරතුරු ජනතාව හමුවේ හෙළිදරව් කරන...
අන්තර් පළාත් ප්‍රවාහන පහසුකම් සඳහා බස් 3200ක් සූදානම්
අන්තර් පළාත් ප්‍රවාහන පහසුකම් සඳහා බස් 3200ක් සූදානම් අද(26) සිට ආරම්භ කෙරෙන අන්තර් පළාත් බස්‍ රථ ධාවනය සඳහා පෞද්ගලික බස් රථ 3200 ක් සූදානම...
කටාර් සිට ගෙන ඒමට සැලසුම් කර තිබූ ලාංකිකයන්   තාවකාලිකව අත්හිටුවයි
කටාර් සිට ගෙන ඒමට සැලසුම් කර තිබූ ලාංකිකයන් තාවකාලිකව අත්හිටුවයි අද  (26) කටාර් රාජ්‍යයේ සිට  ශ්‍රී ලාංකිකයන් පිරිසක් මෙරටට ගෙන ඒමට සැළසුම් කර තිබූ ගුවන් ගමන තාවකාලිකව  අවලංගු කිරීමට රාජ්‍ය බලධාරීන්   ...
එළවළු මිල පාලනයට පොලිසිය මැදිහත් වෙයි
එළවළු මිල පාලනයට පොලිසිය මැදිහත් වෙයි දෛනික එළවළු තොග මිල ගණන් දිවයිනේ සියලූම පොලිස් ස්ථාන වෙත ලබා දීමට පොලිස් මූලස්ථානය පියවර ගෙන ඇත. ඒ, වැඩ බලන පොලිස්පති සී. ඞී. වික‍්‍රමරත්නගේ උපදෙස් අනුවයි. ...
26 වනදා සිට දිවයිනට ඇඳිරීනීතිය ක්‍රියාත්මක වෙන්නේ රාත්‍රි 10 සිට අලුයම 4 දක්වා පමණයි
26 වනදා සිට දිවයිනට ඇඳිරීනීතිය ක්‍රියාත්මක වෙන්නේ රාත්‍රි 10 සිට අලුයම 4 දක්වා පමණයි දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල හෙට (26) සිට ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක වන්නේ දිනපතා රාත්‍රී 10.00 සිට අළුයම 4.00 දක්වා බව පොලිසිය පවසයි. නියෝ...

Print   Email