කොරොනා වෛරසය ගැන අනිසි බියක් ඇති කර ගන්නෙපා - ඇමැති බන්දුල

කිසිදු අවස්ථාවක අධ්‍යාපන අමාත්‍යාංශවත් සෞඛ්‍ය අමාත්‍යාංශවත් මුඛ ආවරණ මිලට ගෙන පළදින ලෙස ජනතාවට හෝ දරුවන්ට උපදෙස් ලබාදී නැති නොමැති බවත් පාසල් වැසිමට කිසිදු තීරණයක් ගෙන නොමැති බවත් උසස් අධ්‍යාපන, තාක්ෂණ, නවෝත්පාදන සහ තොරතුරු හා ජනමාධ්‍ය අමාත්‍ය සහ වැඩබලන අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

කට ළග තියාගෙන දීලා හැමදේම සජිත්ගේ පැත්තට දාන්න එපා - හිටපු ඇමැතිනි තලතා

එක්සත් ජාතික පක්ෂය ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක් බව හිටපු ඇමැතිනි තලතා අතුකෝරල මහත්මිය පවසයි. ඇය මේ බව පැවසුවේ අද (28) විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

දුෂිතයින්ගේ හතුරෙකු වීම සතුටක් - ජවිපෙ නායක කියයි

නිශ්ශංක සේනාධිපති විසින් පෞද්ගලික නාලිකාවක වැඩසටහනකදී ජනතා විමුක්ති පෙරමුණට අභූත චෝදනා ගණනාවක් එල්ල කළ බව එම පක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසයි.

මහින්ද මහ මැතිවරණයට මෙවරත් කුරුණෑගලින් !

අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා පසුගිය මැතිවරණයේදී මෙන්ම මෙවර මහ මැතිවරණයේදීත් කුරුණෑගල දිස්ත‍්‍රික්කය නියෝජනය කරමින් තරඟ කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පවසයි.

වැලන්ටයින් දවසේ ඡන්දයක් - රාජ්‍ය අමාත්‍ය දුමින්ද

යොවුන් පාර්ලිමේන්තු මැතිවරණය මෙවර පෙබරවාරි 14 වනදා දින පෙරවරු 8 සිට 4 දක්වා පැවැත්වෙන බව තරුණ කටයුතු රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.

චීනයේ සිට මෙරටට පැමිණි පලමු කොරොනා වෛරස් රෝගියා හදුනා ගැනේ

මාරාන්තික නව කොරෝනා වෛරසය වැළඳුණු මෙරට පළමු රෝගියා හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ගෝඨා - මහින්ද සුසංයෝගය වැලැක්විය නොහැක - කුමාරසිරි කියයි

ජනතාව බලාපොරොත්තු වූ නව දේශපාලන සංස්කෘතිය ගෝඨාභය – මහින්ද සුසංයෝගයෙන් බිහිවීම වැළැක්විය නොහැකි බව අග්‍රාමාත්‍ය පාර්ලිමේන්තු කටයුතු සම්බන්ධිකරණ ලේකම් කුමාරසිරි හෙට්ටිගේ මහතා පවසයි.

වරදක් සිදුව ඇතිනම් වරදකරුවන්ට දඩුවම් දිය යුතුයි - රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් ( විඩියෝ)

බැදුම්කරය සම්බන්ධයෙන් අපගේ කාලයේ යම් වරදක් සිදු වුවානම් එය මකා දමන්නත් යහපාලනය ආණ්ඩුව සමයේ වැරදි සිදු වුවානම් එය ගැන පමණක් කතා කරන්න අප සුදානම් නොමැති බව සංවර්ධන බැංකු සහ ණය යෝජනා ක්‍රම පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.

රාජ්‍ය නිලධාරීන් චක්‍රලේඛ නිකුත් කරන්නේ වැඩ කරන්න මිසක් නතර කරන්න නෙමෙයි - අගමැති

රාජ්‍ය නිලධාරීන් චක්‍රලේඛ නිකුත් කළ යුත්තේ වැඩ කිරීමට මිස සිදු කරමින් සිටින වැඩ නැවැත්වීමට නොවන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

මුල්‍ය අපරාධකරුවන්ට කඩිනමින් නීතිය ක්‍රියාත්මක කරන්නැයි කෝප් කමිටුවේ සභාපති ජනපතිගෙන් ඉල්ලයි  

මහ බැංකු බැඳුම්කර පිළිබඳ වෝහාරික විගණන වාර්තාව පදනම් කරගනිමින් නීතිය ක‍්‍රියාත්මක කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් හිටපු කෝප් කමිටු සභාපති, ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.

Contact Us

TTVnews.lk
TTV Media Hub (pvt) Ltd 
5/34, Sulaiman Terrace, 
Jawatte Road, 
Colombo 05, 
Sri Lanka 
 
Tel: +94 11 2 585833/ 2593 416 
 Fax: +94 11 2 589 334  

Follow Us On Facebook

X

Right Click

No right click