කියුබා - ජැමෙයිකා සීමාවේ ප්‍රබල භූ කම්පනයක්...

කියුබාව සහ ජැමෙයිකාව අතර ප්‍රබල භූමිකම්පාවක් සිදුවී ඇති අතර මියාමි දක්වා මිනිසුන්ට එහි කම්පන දැනී තිබේ.

ස්විස් රජයේ ලිපිය ලක් රජයේ දැඩි අවධානය ට...

ස්විට්සර්ලන්තය හා ශ්‍රී ලංකාව අතර සිදුවූ වැරදි වටහා ගැනීම් නිවැරැදි කරගෙන සබඳතා නැවත ශක්තිමත් කළ යුතු බව මෙරට ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය නිකුතු කළ රාජ්‍යතාන්ත්‍රික පණිවුඩය පිළිබව ශ්‍රී ලංකා රජයේ ප්‍රමුඛපෙළේ කණ්ඩායමකගේ දැඩි අධානය යොමු වීඇතැයි වාර්තා වෙයි.

කොරෝනා වෛරසයෙන් පුද්ගලයින් 41 ජිවිතක්ෂයට

චීනයෙන් මතු වූ නව කොරෝනාවෛරසය ආසාදනය වීමෙන් ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයින් 41 දෙනෙකකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

ඉන්දීය පුරවැසි පනතට එරෙහි විරෝධතාකරුවන් 26ක් මියයයි...

මෝදි අග්‍රාමාත්‍යවරයාගේ රජය විසින් ගෙන ආ පුරවැසි පනත ට එරෙහි විරෝධතා උග්‍රවීමෙන් ඉන්දියාවේ නගර රැසක ගැටුම් උත්සන්නවී තිබේ. මේ හේතුවෙන් ඉන්දීය ආරක්ෂක අංශ සහ විරෝධතාකරුවන් අතර දරුණු ගැටුම් හටගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම ගැටුම්වලින් විරෝධතාකරුවන් විසි හය දෙනෙක් (26) මේ වනවිට මරණය ට පත්වී ඇතැයි ද වාර්තාවෙයි.

ඒ සම්බන්ධයෙන් සාකච්ඡාකිරීමට අගමැති නරේන්ද්‍ර මොදි විසින් ඇමති මණ්ඩලයේ හදිසි රැස්වීමක් ද කැඳවා තිබේ.

සටහන : ජනිත් විපුලගුණ

 

රජ පවුලෙන් ඉවත් වු හැරි සහ මේගන්

බ්‍රිතාන්‍යයේ හැරී කුමරු සහ මේගන් කුමරිය සිය රාජකීය නම්බුනාම සහ නිලතල නිල වශයෙන් අතහැර ඇති බව බකිංහැම් මාලිගය නිවේදනය කරයි.

ලැව්ගිනි අතරේ ජොලියේ සිටි ඔස්ට්‍රේලියා අගමැතිවරයා ට සිදුවූ දේ...

තම රටේ ප්‍රදේශ කිහිපයක් පුරා ලැව්ගිනි පැතිර යන අතරතුර නිවාඩුවක්‌ ගතකිරීමට ඇමරිකාවේ හවායි වෙත යෑම සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියා අගමැති ස්‌කොට්‌ මොරිසන් හට දැඩි ජනතා විරෝධතාවයක්‌ මතුවී තිබේ. මේ සමිබන්ධයෙන් ලොව පුරා මාධ්‍යවල ද අවධානය යොමුව තිබුණි. මේ ගැන තමා ජනතාවගෙන් සමාව අයදින බව අගමැතිවරයා පසුව විශේෂ ප්‍රකාශයක්‌ සිදුකරමින් සඳහන්කර ඇත.

දුන් ආධාර නිසි ලෙස ලබා නොදීම ගැන ජනතාව කෝපවෙයි

චීනයේ මන්ද පෝෂණ තත්ත්වයට මුහුණ පා සිටින වු වායන් නැමැති 24 හැවිරිදි තරුණිය හට ලබා දී ඇති ජනතා ආධාර නිසි ලෙස ලබා නොදීම සම්බන්ධයෙන් එරට ජනතාව දැඩි ලෙස කෝප වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පාකිස්ථානයේ හිටපු ජනාධිපතිට මරණ දඩුවම නියම වෙයි

පාකිස්ථානයේ හිටපු ජනාධිපති පර්වෙස් මුෂාරෆ් හට මරණ දඩුවම නියම කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ අද (17) එරට ත්‍රිපුද්ගල මහාධිකරණය විසිනි.

ඇමෙරිකානු හමුදා වෙත ඉරාන බැලිස්ටික් මිසයිල ප්‍රහාර...

ඉරාකය තුළ ඇමෙරිකානු හමුදා රැදී සිටින ගුවන් කඳවුරු දෙකක ට බැලිස්ටික් මිසයිල දුසිමකට වැඩි ප්‍රමාණයක් එල්ල වූ බව ඇමෙරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව පැවසීය.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ නියෝගය අනුව, බැග්ඩෑඩ් නුවරදී සිය ඉහළම හමුදා අණදෙන නිලධාරියෙකු වූ කාසෙම් සුලෙයිමානි ඩ්‍රෝන ප්‍රහාරයකින් මරා දැමීමට ප්‍රති ප්‍රහාරයක් ලෙස මේ ප්‍රහාරය එල්ල කර ඇතැයි ඉරාන රාජ්‍ය රුපවාහිනිය ප්‍රකාශ කළේය.

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ ජන අගමැති බොරිස්ගේ පාලක පක්ෂයට හිමිවෙයි

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මැතිවරණයේ ජය ගැනීමට එරට අගමැති බොරිස් ජොන්සන් ප්‍රමුඛ පාලක කන්සවේටිව් පක්ෂය සමත්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. බ්‍රිතාන්‍ය මහා මැතිවරණය ඊයේ(12) පැවැත්විය.

Contact Us

TTVnews.lk
TTV Media Hub (pvt) Ltd 
5/34, Sulaiman Terrace, 
Jawatte Road, 
Colombo 05, 
Sri Lanka 
 
Tel: +94 11 2 585833/ 2593 416 
 Fax: +94 11 2 589 334  

Follow Us On Facebook

X

Right Click

No right click