රන් පදක්කම්ලාභී ජිම්නාස්ටික් ක්‍රීඩිකා ඇනා දිවයිනට

ස්විස්ටර්ලන්තයේ පැවති පළමු ජාත්‍යන්තර රිද්මයානුකූල ජිම්නාස්ටික් තරගාවලියේ රන් පදක්කම දිනූ ඇනා ඔන්ඩාට්ජ් ක්‍රීඩිකාව ඊයේ (27) රාත්‍රී 9.55 ට EK 648 ගුවන් යානයෙන් ශ්‍රී ලංකාවට පැමිණියාය.

වර්ෂාව හේතුවෙන් තරඟය අත්හරි (updata)

දිගින් දිගටම පවතින වර්ෂාව හේතුවෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඊයේ (05) පැවැත්වීමට නියමිතව තිබූ පළමු විස්සයි විස්ස තරඟය එකම පන්දුවක් හෝ නොයවා අතහැර දැමීමට සිදුවුණා.

ජිම්නාස්ටික් ක්‍රීඩාවෙන් මෙරට ඈන් මේරි ඔන්ඩච්චි ලෝක මට්ටමේ ජයක්

ස්විට්සර්ලන්තයේ පැවැත්වෙන සූරිච් කුසලාන 2020 තරගාවලියේදී රිද්මයානුකූල ජිම්නාස්ටික් කාන්තා ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ " ඈන් මේරි ඔන්ඩච්චි " සමත්ව තිබේ.

ඔලිම්පික් උලෙලේ අශ්වාරෝහක තරඟයට ශ්‍රී ලංකීකාවක්

2020 වසරේදී පැවැත්වීමට නියමිත ඔලිම්පික් උලෙල නියෝජනය කරමින් අශ්වාරෝහක තරඟයට ශ්‍රී ලංකීකාවක වන මතිල්ඩා කාර්ල්ස්සන් ඉදිරිපත් වීමට නියමිතයි.

50 වැනි රිට්ස්බරි ශ‍්‍රීමත් ජෝන් ටාබට් කණිෂ්ඨ පාසල් මලල ක‍්‍රීඩා ශූරතාවලිය නිමාවට පත්වේ

පසුගියදා පැවැති 50 වැනි රිට්ස්බරි ශ‍්‍රීමත් ජෝන් ටාබට් කණිෂ්ඨ මලල ක‍්‍රීඩා ශූරතාවලියේදී වාර්තා පොත් අලූත් කරමින් නව වාර්තා 14ක් පිහිටුවා තිබේ.

IPL ඉතිහාසයේ වැඩිම මිලක ට අලෙවි වූ විදෙස් ක්‍රීඩකයා...

ක්‍රිකට් අයි.පී.එල් ඉතිහාසයේ මෙතෙක් වැඩි ම වටිනාකමක ට අලෙවි වු විදෙස් ක්‍රීඩකයා වන්නේ ඔස්ට්‍රේලියාවේ පැට් කමින්ස් බව වාර්තාවෙයි. ඔහු ඉන්දීය රුපියල් කෝටි 15යි දශම 05ක ට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම විසින් මිලදී ගෙන ඇත.

මේ අතර 2020 ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරඟාවලිය සඳහා පැවති ක්‍රීඩක වෙන්දේසියේ දී ශ්‍රි ලංකාවේ ඉසුරු උදාන ඉන්දීය රුපියල් ලක්ෂ 50කට රෝයල් චැලේන්ජර්ස් බැංග්ලෝර් කණ්ඩායම විසින් මිළදීගෙන ඇත. 

මෙවර වෙන්දේසියේ දී මිලදී ගත් එක ම ශ්‍රී ලාංකික ක්‍රිඩකයා වන්නේද ඉසුරු උදාන පමණි. 

ඔස්ට්‍රේලියාවේ ග්ලේන් මැක්ස්වෙල්, කිංග්ස් ලෙවන් පංජාබ් කණ්ඩායම විසින් මිලදී ගත්තේ ඉන්දීය රුපියල් කෝටි 10යි දශම 7යි 15කටයි. 

දකුණූ අප්‍රිකාවේ ක්‍රිස් මොරිස් ඉන්දීය රුපියල් කෝටි 10කට රෝයල් චැලේන්ජරස් බැංග්ලෝර් කණ්ඩායම විසින් මිලදී ගත්තේය.

* සටහන : ජනිත් 

දකුණු ආසියානු ක්‍රීඩා උළෙළට ශ්‍රී ලංකා පාපැදි සංගමය සහභාගී නොවීම ගැන විශේෂ විමර්ශනයක්

ශ්‍රී ලංකා පාපැදි සංගමය නියෝජනය කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ නිලධාරීන් විසින් මෙවර පැවති 13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා (SAG Games -2019) තරගාවලියෙහි පාපැදි අංශයේ ඩවුන්හිල් තරගය මගහැර ඇති බව ක්‍රිඩා අමාත්‍යංශය පවසයි.

සාග් ගිය ක්‍රිඩක ක්‍රීඩිකාවන්ගේ ඇඳුමත් ගලවාගෙන පුහුණු දීමනාවටත් කෙළී..?

මෙවර, නේපාලයේ පැවැති දකුණු ආසියානු ක්‍රීඩා උළෙල සඳහා සහභාගි වූ ශ්‍රී ලංකා තුන්ප්‍රයාම කණ්ඩායම ඒ ඒ ඉසව් සඳහා භාවිතා කළ ක්‍රීඩා ඇඳුම් නැවත ලබාගත් බව දැනගන්නට ලැබෙයි.

Contact Us

TTVnews.lk
TTV Media Hub (pvt) Ltd 
5/34, Sulaiman Terrace, 
Jawatte Road, 
Colombo 05, 
Sri Lanka 
 
Tel: +94 11 2 585833/ 2593 416 
 Fax: +94 11 2 589 334  

Follow Us On Facebook

X

Right Click

No right click