සහන ගන්න ජනවාරි 31ට පෙර තම බැංකු ශාඛාව වෙත දැනුම් දෙන්න - රජය කියයි

පසුගිය වසර කිහිපයෙහි පවත්වාගෙන යනු ලැබූ සංකීර්ණ බදු ප්‍රතිපත්තිය හා බැංකු නීති රීති හේතුවෙන් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර කඩා වැටීමකට ලක් වූ අතර රජයේ නව ප්‍රතිපත්ති රාමුව වන ‘සෞභාග්‍යයේ දැක්ම‘ අනුව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ක්ෂේත්‍රය නංවාලීමට විශේෂ යෝජනා මාලාවක් ක්‍රියාවට නංවා ඇති බව මුදල්, ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යාංශය පවසයි.

ශ්‍රී ලංකාව වනජිවි සංචාරක සඳහා හොඳම ජාතිය ලෙස පිදුම් ලබයි  

වනජීවි සංචාරක කටයුතු සදහා ආසියාවේ හොඳම ජාතිය ලෙස ශ්‍රී‍ ලංකාව පිළිගැනේ තිබේ. ආසියාවේ ප‍්‍රමුඛතම ප‍්‍රකාශන දහයක් මගින් ඒ පිළිබදව සමික්ෂණයක් සිදු කර ඇතිි අතර Asia Corporate Ball 2019 සම්මාන උලෙල්දී මෙම ගෞරව නාමය පිළිගෙන තිබේ.

සෙල්වාරි තල් කෙඳි නිෂ්පාදන මධ්‍යස්ථානය ඇමති විමල් විවෘත කරයි

උතුරු නැගෙනහිර පවතින හා වසා දමා ඇති රාජ්‍ය කර්මාන්තශාලා සමීපව නිරීක්ෂණය කරමින් එම ප්‍රදේශවල කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා සිව්දින නිල සංචාරයක යෙදී සිටි.

කෙසෙල් කෙදි මගින් නිපදවූ රෙදිපිළි එළිදක්වයි

ඉවත දමන කෙසෙල් ගසේ කදෙන් ලබාගන්නා කෙසෙල් තන්තු උපයෝගී කරගනිමින් රෙදිපිළි සහ ඇගළුම් නිෂ්පාදනය කිරීමේ නවෝත්පාදන වැඩසටහන තුළින් නිෂ්පාදනය කරන ලද ඇදුම් එළිදැක්වීම ඊයේ (27) කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.

අඩු ආදායම්ලාභී ග්‍රාමීය ව්‍යවසායකයින්ට Mobile app යෙදුමක්

අඩු ආදායම්ලාභී ග්‍රාමීය ව්‍යවසායකින්ගේ නිෂ්පාදන අලෙවි කිරීම සදහා අවශ්‍ය වෙළද පොල සකසා දීමට සහ දේශීය හා විදේශීය වශයෙන් සිය නිෂ්පාදන පහසුවෙන් අලෙවි කර ගැනීම සදහා ඉදිරියෙදී නව අලෙවි ප්‍රවර්ධන අයදුමක් (Mobile app) හදුන්වා දීමට කටයුතු කරන බව ප්‍රජා සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා පවසයි.

අර්තාපල්වල ආනයන බද්ද රු. 25 කින් පහළට

ආනයනය කරනු ලබන අර්තාපල් සඳහා පනවා තිබු ආනයන බද්ද අද (25) මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 25කින් අඩුකිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ.

හිඟයකින් තොරව ඉන්ධන සැපයීමට පියවර - ඇමැති අමරවීර

තොරව ඉන්ධන සැපයුමට අවශ්‍ය පරිදි ඉන්ධන තොග පවතින බවත්, ඉදිරි කාලය තුලදී ඉන්ධන රැගත් නෞකා කිහිපයක් දිවයිනට පැමිණීමට නියමිත බවත්, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

ශ්‍රී ලංකා මහබැංකුවේ අධිපති ලෙස මාහාචාර්ය ඩබ්.ඩී. ලක්ෂ්මන් පත් කරයි

ශ්‍රී ලංකා මහබැංකුවේ 15 වන අධිපතිවරයා මාහාචාර්ය ඩබ්.ඩී. ලක්ෂ්මන් මහතා පත් කර තිබේ. ජනාධීපති මාධ්‍ය අංශය පැවසුවේ නව මහබැංකු අධිපතිවරයා සිය පත්වීම ලිපිය අද (24) ජනාධිපති කාර්යාලයේදී ලබා ගත් බවයි.

පාරම්පරික හස්ත කර්මාන්ත සදහා නව වෙළදපොලක් බිහිකරනවා -ඇමති විමල්

පාරම්පරික හස්ත කර්මාන්ත ශිල්පීන්ගේ කලා නිර්මාණ විදේශ සංචාරකයන්ගේ ආකර්ෂණය සහිත ජාත්‍යන්තර ප‍්‍රමිතියෙන් යුතු ප‍්‍රදර්ශනාගාරයක් මගින් ප‍්‍රවර්ධනය කරමින් එම නිර්මාණ සදහා නව වෙළදපොළක් බිහි කරන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර, ව්‍යවසාය සංවර්ධන, කර්මාන්ත සහ සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් විරවංශ මහතා පවසයි.

බැස්ටියන් මාවත අලුත්වෙයි...

තොළඹ, පිටකොටුව, බැස්ටියන් මාවතේ ඉදිකර ඇති අනවසර වෙළඳසැල් ඉන් ඉවත් කිරීම ට පියවර ගනිමින් සිටිති. ඒ වෙනුවෙන් කටයුතු කරන ලෙස විදුලි බල හා බලශක්ති සහ මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර අදාළ අංශවෙත උපදෙස් දී තිබේ.

ජාතික ගමනාගමන කොමිසමේ නිළධාරීන්ට අමාත්‍යවරයා විසින් අදාළ උපදෙස් ලබා දී ඇති බව එම අමාත්‍යාංශය සඳහන් කළේය.

පිටකොටුව, බැස්ටියන් මාවතේ පිහිටි මෙම ව්‍යාපාරික ස්ථාන පසුගිය කාල සීමාව තුළ දේශාපාලනික අවශ්‍යතාවන් මත ලබා දී ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව එම ව්‍යාපාරික ස්ථානවල නීත්‍යානුකුලභාවය පරීක්ෂා කර ඒවා ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා උපදෙස් ලබා දී තිබේ.

මෙහි ඇතැම් ව්‍යාපාරික ස්ථාන ආශ්‍රිත නීති විරෝධි ක්‍රියාපවා සිදුවන බවට හඳුනාගෙන ඇති අතර ඇතැම් ව්‍යාපාරික ස්ථාන අතිශයින් අපිරිසිදු තත්ත්වයට පත්ව ඇති බව සඳහන්ය.

කෙසේවෙතත් එම ව්‍යපාරික ස්ථානවලින් ජනතාවට කිසිදු සහනයක් නොලැබෙන බව ද සිදුකළ විමර්ශනයකදී තොරතුරු අනාවරණය වී තිබේ.

සටහන : ජනිත්

Contact Us

TTVnews.lk
TTV Media Hub (pvt) Ltd 
5/34, Sulaiman Terrace, 
Jawatte Road, 
Colombo 05, 
Sri Lanka 
 
Tel: +94 11 2 585833/ 2593 416 
 Fax: +94 11 2 589 334  

Follow Us On Facebook

X

Right Click

No right click