රොබෝ තාක්ෂණය මධ්‍යස්ථානය දියුණු කරන්න සෘජුව මැදිහත් වෙනවා - රාජ්‍ය අමාත්‍ය තිලංග

රොබෝ තාක්ෂණය සදහා වන විශිෂ්ටතා මධ්‍යස්ථානයේ අඩුපාඩු සකස් කර දියුණු මධ්‍යස්ථානයක් බවට පත් කිරීමට ඍජුව මැදිහත් වන බව තාක්ෂණ හා නවෝත්පාදන රාජ්‍ය අමාත්‍ය තිලංග සුමතිපාල මහතා පවසයි.

ග්‍රාම ශක්ති වැඩසටහන නව මුහුණුවකින් - රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා කියයි

ගම්පහ දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක වන ග්‍රාම ශක්ති වැඩසටහන අධ්‍යනය කිරීමෙන් පසු එහි පවතින ගැටළු රාශියක් හදුනාගත් බැවින් හා විවිධ පාර්ශව වලින් ලැබුණු පැමිණිලි, අදහස් හා යෝජනා අනුව ග්‍රාම ශක්ති වැඩසටහන නව මුහුණුවකින් ක්‍රියාත්මක කිරීමට තීරණය කළ බව ප්‍රජා සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා පවසයි.

UNIDO කලාපිය නියෝජිතවරයා සහ කර්මාන්ත ඇමති අතර හමුවක්

එක්සත් ජාතීන්ගේ කාර්මික සංවර්ධන සංවිධානයේ (UNIDO) දකුණු ආසියානු කලාපිය නියෝජිත වෑන් බර්කල් (Van Berkel) මහතා ඇතුළු පිරිසක් කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා හමුවූහ.

රත්නපුර ශික්ෂණ රෝහලට මහාචාර්ය ඒකකයක් සහ උපකරණ පරිත්‍යාග කරයි

රත්නපුර රෝහල ශික්ෂණ රෝහලක් බවට‌ පත් කර ඇති බැවින් සබරගමුව විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ වෛද්‍ය සිසුන්ට අධ්‍යාපනය ලබාගැනීමට කඩිනමින් මහාචාර්ය ඒකකයක් ස්ථාපිත කිරිමට රජය තීරණය කර තිබේ.

CRIB රිපොට් බලලා ණය දීම ප්‍රතික්ෂේප කරන්නෙපා - රාජ්‍ය අමාත්‍ය ෂෙහාන්

ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශයේ වාර්තාව මත පමණක් පදනම්ව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට ණය ලබා දීම ප්‍රතික්ෂේප නොකරන ලෙස සංවර්ධන බැංකු සහ ණය යෝජනා ක්‍රම පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.

ලංකා ඛනිජ වැලි සමාගම රටේ විදේශ විනිමය උපයන ප‍්‍රධානතම ආයතනය බවට පත් කලයුතුයි  

මෙරට ඛනිජ වැලි සම්පත අගය එකතු කිරීමකින් තොරව සෘජුවම අපනයනය කිරීමේ කටයුත්ත නවතා ඊට උපරිම අගයක් එකතු කිරීමේ තාක්ෂණය සහිත ක‍්‍රමවේද හඳුන්වා දී ලංකා ඛනිජ වැලි සමාගම මෙරට විදේශ විනිමය උපයන ප‍්‍රධානතම රාජ්‍ය ආයතනය බවට පරිවර්තනය කිරීම තම අරමුණ බව කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

කොස් ආශ්‍රිත ව්‍යාපෘතියට ඇමති විමල්ගේ අතහිත

කොස් ආශ්‍රිත වන ව්‍යාප්තිය වැඩි කිරීම, කොස් ආශ්‍රිත පර්යේෂණාගාරයක්, උද්‍යානයක් හා ව්‍යවසායකත්ව කේන්ද්‍රයක් පිහිටුවීම අරමුණු කොටගෙන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනකරණ අධ්‍යනයනාංශය විසින් ක්‍රියාත්මක කිරීමට අපේක්‍ෂිත ව්‍යාපෘති වාර්තාව කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා වෙත පිළිගන්වනු ලැබීය.

ජනතා බදු බර අඩු කරනවා - රාජ්‍ය අමාත්‍ය ෂෙහාන්

ජනතා බදු මුදලින් භාණ්ඩාගාරය පිරවීම වෙනුවට බදු අඩු කර ජනතාව අතර වේගවත්ව මුදල් සංසරණයට මං සකස් කිරීම වත්මන් ආණ්ඩුවේ අරමුණ බව සංවර්ධන බැංකු සහ ණය යෝජනා රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.

විශ්‍රාමික ප්‍රජාවගේ වාර්ෂික පදිංචි හා ජීවිත සහතික කිරීමේ ක්‍රියාවලිය ඩිජිටල් තාක්ෂණය ඔස්සේ

විශ්‍රාමික ප්‍රජාවගේ වාර්ෂික පදිංචි හා ජීවිත සහතික කිරීමේ ක්‍රියාවලිය ඩිජිටල් තාක්ෂණය ඔස්සේ සිදුකිරීමට විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇති බව රාජ්‍ය පරිපාලන,ස්වදේශ කටයුතු , පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය පවසයි.

කෘෂි කටයුතු විධිමත්ම නොකලහොත් අනාගතයේදී ආහාර අර්බුදයකට - මධ්‍යම ආණ්ඩුකාර ලලිත්

ජනතාවට අනාගතයේදී ආහාර අර්බුදයක් ඇති වීමේ අවධානමක් පවතින බැවින් වඩා විධිමත් ආකාරයෙන් කෘෂිකර්මාන්ත කටයුතු සිදුකිරීමේ අවශ්‍යතාවය මේ වන විට පැන නැගී ඇති බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත්.යු.ගමගේ මහතා පවසයි.

Contact Us

TTVnews.lk
TTV Media Hub (pvt) Ltd 
5/34, Sulaiman Terrace, 
Jawatte Road, 
Colombo 05, 
Sri Lanka 
 
Tel: +94 11 2 585833/ 2593 416 
 Fax: +94 11 2 589 334  

Follow Us On Facebook

X

Right Click

No right click