• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

විභාගය කාලවල ප්‍රවාහන වර්ජකයින්ට ගැන ඇමති අකිල කතා කරයි

16 August 2018
in දේශීය

දරුවන්ගේ ජීවිතයේ තීරණාත්මක කඩඉමක් වන උ.පෙළ විභාගය පැවැත්වෙන කාලයේ ඇතැම් කණ්ඩායම් දේශපාලන න්‍යාය පත්‍ර ක්‍රියාත්මක කරමින් රජය සහ මහජනතාව අපහසුතාවයට පත් කිරීම සඳහා විවිධ වැඩ වර්ජන ක්‍රියාත්මක කරමින් සිටින බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යවරයා කියා සිටියේ මෙම වැඩ වර්ජනයේ පිටුපස පවතින්නේ පටු දේශපාලනික අරමුණු මුදුන් පමුණුවා ගැනීමේ අරමුණු පමණක් බව නිරික්ෂණය වන බවයි. එවැනි තත්ත්වයන් තුළ පුද්ගලික බස් රථ හිමියන් විසින් ඊයේ (15) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබූ බස් වර්ජනයට සහාය නොදක්වමින් උ.පෙළ විභාගයට පෙනී සිටින පාසල් දරුවන් පිළිබඳව සිතා ප්‍රවාහන සේවාවන් සැපයූ සියලු පෞද්ගලික බස් රථ හිමිකරුවන්, රියදුරු මහතුන් හා කොන්දොස්තර මහතුන්ට සිය කෘතවේදිත්වය පල කරන බව අමාත්‍යවරයා සඳහන් කර ඇත.

ඇතැම් කණ්ඩායම් රටේ නීතියට පවා අභියෝග කරමින් බලලෝභී දේශපාලන අරමුණු ඉටු කර ගැනීමට උත්සාහ දරන පරාජිත දේශපාලන කණ්ඩායම්වල අතකොලු බවට පත් වෙමින්, රටේ සාමාන්‍ය ජනතාවට හිරිහැර කරමින්, රජය ද අපහසුතාවයට පත් කරමින් සිටියි. මෙම තත්ත්වය තුළ රටේ ජනතාවට සැබෑ ලෙසම ආදරය කරන්නේ කවුද යන කරුණ ද පැහැදිලි බව ද එබැවින්, මෙම ඊනියා වැඩ වර්ජනය සඳහා සහාය ලබා නොදෙමින් රටේ සුභ සිද්ධිය වෙනුවෙන් කටයුතු කරන වෘත්තිය සමිතිවල සාධාරණ ඉල්ලීම් වලට විසඳුම් ලබා දීමට ද රජය සූදානම් බව සඳහන් කිරීමට ද මෙය අවස්ථාවක් කර ගන්නවායැයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටි.

Post Views: 9
Previous Post

මහින්දගේ කරෙන් ගෝඨා ජනපති වෙන්න බැලුවේ – මන්ත්‍රී නලින් කියයි

Next Post

වාර්තාවෙන් පසු ඒකාබද්ධය දැඩි දේශපාලන තීන්දුවක් ……! ගනි

editor

editor

Next Post

වාර්තාවෙන් පසු ඒකාබද්ධය දැඩි දේශපාලන තීන්දුවක් ......! ගනි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved