වෙසක් උත්සවය වෙනුවෙන් ලබන මැයි 30 සහ 31 යන දෙදින තුළ දිවයිනේ පිහිටි සියලුම සුරාසැල් වසා තබන ලෙස සුරාබදු දෙපාර්තමේන්තුව නියෝග කර තිබේ.
සුරාබදු බලපත්‍ර සහිත කිසියම් ස්ථානයක් මෙම නියෝගය උල්ලංඝනය කරමින් විවෘතව තබා ගන්නේ නම් හෝ බලපත්‍ර කොන්දේසි කඩ කරන්නේ නම්, ඒ පිළිබඳව පැමිණිලි කිරීමට මහජනතාවට අවස්ථාව ලබා දී ඇත. ඒ අනුව 1913 යන කෙටි දුරකථන අංකය ඔස්සේ හෝ [email protected] යන විද්‍යුත් තැපෑල ඔස්සේ එම පැමිණිලි යොමු කළ හැකිය.
මෙම නියෝගය දැඩි ලෙස ක්‍රියාත්මක කරන ලෙස සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා විසින් දිවයිනේ සියලුම සුරාබදු නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.














