27 April 2024
#දේශීය

රජය ‘බෝට්ටු කෘෂි රසායන ජාවාරමට‘ කරන ගමන් කාබනික වගාව සාර්ථකයි කියනවා – කිර්ති තෙන්නකොන්

කාබනික වගාව සාර්ථකයි කියා රට-ලෝකය රවට්ටන්න, රජය බෝට්ටු කෘෂි රසායන ජාවාරමකට අනුග්‍රහය ලබා දෙන බව හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා පවසයි.

මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් තෙන්නකොන් මහතා පවසා සිටියේ කාබනික වගාව සාර්ථක යැයි ඔප්පු කිරීමට කිසිදු ප්‍රමිතියක් නැති නීති විරෝධී කෘෂි රසායනය බෝට්ටු මගින් රට තුලට රැගෙන ඒමට රජය ඉඩ දී ඇති බවයි.

කාබනික වගාව යැයි රටත්-ජාතියත්-ලෝකයත් අන්දමින් අධි විෂ කෘෂි රසායන මහපොළොව-පරිසරයට නිදහස් කිරීමට රජය ඉඩ හැර ඇති බව හෙතෙම පැවසිය.

කෘෂි රසායනය හෝ පොහොර ගෙන්වීම සඳහා රජයේ ඩොලර් සංචිත ප්‍රමාණවත් නොවන නිසා ලෝකයේ කිසිදු රටක නැති 100% කාබනික සිහින සංකල්පයක් මෙරට පැල කිරීමට රජය උත්සහ දරන බවත් ලංකාවේ දුප්පත් ගොවියන්ගේ කණ-කර රත්තරං බඩු ටික බෝට්ටු මගින් ඉන්දියාවට යවා සිදු කරන නීති විරෝධී කෘෂි රසායන ජාවාරම නැවැත්වීමට රජය ක්‍රියා කළ යුතු බව ඔහු අනාවරණ කලේය.

රජය නීති විරෝධී බෝට්ටු කෘෂි රසායන හොර පාරවල් වහන්නට වහා පියවර ගත යුතු බව රජිත් කීර්ති තෙන්නකෝන් මහතා වැඩිදුරටත් කියා සිටියේය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *