මෙරට විදුලිබල ක්ෂේත්‍රයේ පවතින වත්මන් සහ අනාගත අභියෝග ජය ගැනීම සඳහා සියලු දෙනා එක්ව කටයුතු කළ යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරයි. ජනාධිපතිවරයා සහ ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු වෘත්තීය සමිති නියෝජිතයන් අතර අද (12) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවැති සාකච්ඡාවකදී ඔහු මේ බව සඳහන් කළේය.
විදුලිබල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා වූ අතර, පාරිභෝගිකයාට සාධාරණ මිලකට අඛණ්ඩ විදුලි සැපයුමක් ලබා දීම මෙහි ප්‍රධාන අරමුණ බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. එමෙන්ම නව සමාගම්වල අයිතිය රජය යටතේම පවත්වා ගනිමින් බලශක්ති සුරක්ෂිතතාව තහවුරු කරන බවත්, සේවකයන්ගේ වත්මන් අයිතිවාසිකම් නව සමාගම් තුළද සුරක්ෂිත කරන බවත් ඔහු සහතික විය.
මෙම පරිවර්තනීය ක්‍රියාවලිය සාර්ථක කර ගැනීමට සේවකයන් සහ පාලනාධිකාරිය අතර මනා අවබෝධයක් තිබිය යුතු බවත්, සේවකයන්ට තෘප්තිමත්ව සේවය කළ හැකි නිදහස් පරිසරයක් සකසා දීම රජයේ අපේක්ෂාව බවත් ජනාධිපතිවරයා මෙහිදී පැවසීය. මෙම නව වෙනස සඳහා රජය සමඟ අවබෝධයෙන් යුතුව සහයෝගය ලබා දීමට වෘත්තීය සමිති නියෝජිතයෝ ද මෙහිදී එකඟතාව පළ කළහ.
මෙම සාකච්ඡාව සඳහා බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි සහ නියෝජ්‍ය අමාත්‍ය අර්කම් ඉල්යාස් යන මහත්වරු ද සහභාගී වූහ.














