පාස්කු ඉරිදා ප්‍රහාරයට තමන් සම්බන්ධ බවට පලවන පදනම් විරහිත අසත්‍ය ප්‍රචාර සම්බන්ධයෙන් දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව සමස්ත ලංකා මක්කල් කොංග්‍රසයේ නායක රිෂාඩ් බදියුදීන් මහතා නිවේදනය කරයි
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග ඔස්සේ සම්පූර්ණයෙන්ම නිදහස් වී සිටින තමන්ව අරමුණු කරගනිමින් ඇතැම් දේශපාලන හා සමාජීය පාර්ශ්වයන් විසින් අඛණ්ඩව අසත්‍ය චෝදනා එල්ල කරමින් ජනතා මතය නොමඟ යැවීමට උත්සාහ දැරීම බරපතල තත්ත්වයකි. මෙම ප්‍රචාර හරහා තම දේශපාලන ප්‍රතිරූපයට සහ පුද්ගලික කීර්තිනාමයට සිදුවන හානිය දැඩි ලෙස ප්‍රතික්ෂේප කරන ඒ මහතා, වගකීම් විරහිතව සිදුකරන එවැනි පදනම් විරහිත ප්‍රකාශ පිටුපස ඇති සැබෑ අරමුණ සමාජය තුළ අනවශ්‍ය ආතතියක් නිර්මාණය කිරීම බව අවධාරණය කරයි.
ජාතික ආරක්ෂාව සහ සංවේදී ත්‍රස්තවාදී සිදුවීම් මුල්කර ගනිමින් මෙවැනි ප්‍රචාර ගෙනයාම සමාජ සාමය බිඳ වැටීමට සහ ජනවාර්ගික සංහිඳියාවට දැඩි ලෙස බලපාන බැවින්, අදාළ බොරු ප්‍රචාර පතුරුවන පුද්ගලයින්ට එරෙහිව නීතියේ දැඩිම රාමුව යටතේ කටයුතු කිරීමට තම නීතිඥ මණ්ඩලය පියවර ගනිමින් සිටින බව හෙතෙම වැඩිදුරටත් කියා සිටී. කිසිදු සාක්ෂියක් හෝ පදනමක් නොමැතිව අධිකරණයෙන් නිදහස් වූ පුද්ගලයින් ඉලක්ක කර ගනිමින් අඛණ්ඩව අසත්‍ය චෝදනා එල්ල කිරීම මඟින් නීතියේ ආධිපත්‍යයට සහ අධිකරණ තීන්දු වලට සිදුකරන අපහාසය කිසිසේත් ඉඩ නොදෙන බවත්, එවැනි පාර්ශ්වයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම රටේ නීතියේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම සඳහා අත්‍යවශ්‍ය පියවරක් බවත් මෙම තත්ත්වය මඟින් මනාව පැහැදිලි වේ.
















