නීතිඥ සංජීව වීරවික්‍රම මහතා විසින් කරන ලද මෑතකාලීන ප්‍රකාශයක් හරහා මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතාට එරෙහිව පනවා ඇති රැඳවුම් නියෝගය සහ ඒ සම්බන්ධයෙන් අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ස්ථාවරය දැඩි ලෙස විවේචනයට ලක් කර තිබේ. පාස්කු ඉරිදා ප්‍රහාරය සිදුවන අවස්ථාවේදී මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා හමුදා බුද්ධි අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ බවට පියතුමන්ලා මෙන්ම කාදිනල් හිමිපාණන්ද අභියාචනාධිකරණය හමුවේ කරුණු දක්වා ඇති බවත්, එය අසත්‍ය ප්‍රකාශයක් බවත් නීතිඥවරයා මෙහිදී චෝදනා කරයි.
ආගමික නායකයෙකු ලෙස එවැනි අසත්‍ය කරුණු අධිකරණයට ඉදිරිපත් කිරීම තුළින් වැරදි සහගත චේතනාවකින් ක්‍රියාත්මක වන බව පෙන්වා දෙන ඒ මහතා, රණවිරුවන්ට සහ රටට ආදරය කරන ජනතාව වෙනුවෙන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ සුරේෂ් සලේ මහතාගේ රැඳවුම් නියෝගය තවදුරටත් දීර්ඝ නොකර ඔහුට වහාම නිදහස ලබා දෙන ලෙසයි.














