• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ගෝඨාට පාර කැපු ….. විමල්, දිනේෂ් අතහැර යාම….!

16 August 2019
in දේශීය

පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් ජනාධිපති අපේක්ෂකත්වය මේ වන විට ගෝඨාභය රාජපක්ෂ මහතාට හිමිව තිබේ. මේ වන විට මැතිවරණ ව්‍යාපාර කටයුතු සම්පුර්ණයෙන්ම බැසිල් රාජපක්ෂ යටතට ගෙන ඇති නමුත් ඒකාබද්ධ විපක්ෂයේ නායකයින්ගේ හිත්වල ඇත්තේ යම් කලකීරීමක් බව වාර්තා වේ.

ඒ, 2015 වසරේදී ජනාධිපති සටනින් මහින්ද රාජපක්ෂ පැරදුණු අවස්ථාවේදී ඔහුගේ මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවනු ලැබු බැසිල් රාජපක්ෂ විදේශ ගත වීමත් පසුව මහින්ද රාජපක්ෂව කරේ තියාගෙන නැවතත් දේශපාලනයට පැමිණෙන ලෙස කියා සිටියේ විමල්, දිනේෂ් සහ ගම්මන්පිල ඇතුළු පිරිසය.

ඔවුන් පලමු වෙඩි මුරය තබා ජනතාව එක් රැස් කළේ සහෝදරයා මහින්දව තනි කලාට “අපි මහින්දව තනි නොකල බව” හඟවමින්ය. කෙසේ වෙතත් බිම් මට්ටමේ දැවැන්ත විප්ලවයක් ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරනු ලැබු පිරිස් විසින් සිදු කළේය. රාජපක්ෂවරුන්ට නැවත දේශපාලනයට ඒමට පාර සකස් කරනු ලැබුවේ ද ඔවුන් විසිනි.

පොදු ජන පෙරමුණේ ආරංචි මාර්ග කියා සිටියේ මේ වන විට බැසිල් රාජපක්ෂ විසින් සියළු මැතිවරණ ප්‍රචාරණ කටයුතු දියත් කර ඇති බවයි. මේ වන විට ගෝඨාභය ජනාධිපති ධුරය සඳහා පාර කැපු අය හලා මල් දමා ගෙන යන්නේ බැසිල්ය.

ගෝඨාභය රාජපක්ෂ කියන්නේම මිලිටරිවාදි පුද්ගලයෙකු මිස කිසිදු දේශපාලන චින්තකයෙකු නොවන බවත් ඇතැම් විට ඉදිරියේදී මේ සටන අතහරින්ට පවා සිදුවීමට ඉඩ ඇති බව ද ඔවුන් සමීපතයෙකු අප වෙත කියා සිටියේය. ගෝඨාභය විසින් තමන් මේ වන විට ද්විත්ව පුරවැසි භාවය ඉවත් කර ඇති බව පැවසුව ද එහි සාක්ෂි මෙතෙක් ඉදිරිපත් නොකරන්නේ ඇයි දැයි ගැටළු සහගතය.

මේ වන විට විමල් ඇතුළු පිරිසට සිදුව ඇත්තේ සිදුවන දේ බලා කරපියාගෙන සිටිමය. කෙසේ නමුත් ඉදිරියේදී මේ සියළු දේ මග හරවා ගැනීමට පොදු ජන පෙරමුණ විසින් සන්ධානය ගොඩ නැගීමට සැලසුම් කර ඇති බව විශ්වාසනීය ආරංචී මාර්ග සඳහන් කරයි. එම සන්ධානයට පොදු ජන පෙරමුණේත් එකාබද්ධ විපක්ෂයේ ද නාමයන් එක්කොට ශ්‍රී ලංකා පොදු ජන ඒකාබද්ධ පෙරමුණ නමින් සන්ධානය ගොඩ නැගෙනු ඇත.

එහි මුල් පුටුවල වැඩි කොටස පොදුජන පෙරමුණ පක්ෂයට ලැබුණු ඇති බවත් සෙසු පක්ෂවලට ලැබෙනුයේ එහි අඩු ප්‍රතිශතයක් බව වාර්තා වේ. කෙසේ වෙතත් පොදු ජන පෙරමුණ නියෝජනය කරනු ලබන පිරිසට එම පක්ෂයේ විධායක සභාව සඳහා 60% ක පමණ ආසන ලබා ගත හැකි අතර සෙසු පක්ෂවලට එයින් 40%ක පමණක් බව සාකච්ඡා වී ඇත. කෙසේ වෙතත් එය අර්බුධකාරි ස්වරූපයක් ගෙන ඇති අතර සෙසු පක්ෂ පවසා ඇත්තේ එසේ වුවහොත් පොදු ජන පෙරමුණ නියෝජනය කරනු ලබන පක්ෂය විසින් ගන්නා සියළු තීන්දුවලට සෙසු පක්ෂ ද විරුද්ධවුවත් එය පලක් නොමැති වන බවයි. එහෙයින් එම 50% අනුපාත වශයෙන් බෙදිය යුතු බව කතාබහට ලක් ව ඇති බවත් එහි අවසන් තීරණයක් නොමැති බව වාර්තා වේ.

එම අර්බුධය එසේම තිබියදී මේ වන විට ගෝඨාභයව කරේ තබා ගෙන යන්නටනම් බොහෝ පිරිස් සිටින නමුත් ඔහුව එම තත්ත්වයට ගෙන ඒමට කැප වු පිරිස් ටිකෙන් ටික හැලෙන බවයි අභ්‍යන්තර තොරතුරු සපයන්නා අප වෙත පැවසුවේ.

Post Views: 14
Previous Post

ජාතික ආරක්ෂාවට නුසුදුසු ප්‍රකාශවලින් වළකින ලෙස සියලු දෙනාගෙන් ඉල්ලයි – ජනපති

Next Post

ශිෂ්‍යත්වය සමතුන්ට ශිෂ්‍යාධාර මුදල් Online ක්‍රමයට

editor

editor

Next Post

ශිෂ්‍යත්වය සමතුන්ට ශිෂ්‍යාධාර මුදල් Online ක්‍රමයට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved