• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ලංගමට සැප බස් පමණයි – ඇමැති අර්ජුන කියයි

13 March 2019
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

මින් ඉදිරියට ශ්‍රී ලංගමය සඳහා මිලදී ගන්නේ උසස් තත්ත්වයේ බස්රථ පමණක් බව ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි. ඒ සඳහා නව පිරිවිතර (Specifications) ඉදිරි මාස කිහිපයේදී හඳුන්වා දෙන බවද අමාත්‍යවරයා පැවසිය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ උසස් නිලධාරීන් සමඟ ප්‍රවාහන සහ ගුවන් සේවා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී අද (13) පැවැති සාකච්ඡාවකදීය.

අමාත්‍යවරයා කියා සිටියේ එම පිරිවිතරවලින් පරිබාහිරව ලංගම සඳහා බස් රථ මිලදී ගැනීමට නොහැකි වන සේ අලුත් නීතියක්ද පාර්ලිමේන්තුව හරහා හඳුන්වා දීමට කටයුතු කරන බවයි. එම නීතිය පෞද්ගලික බස්රථ ප්‍රවාහන සේවාවට පසුව හඳුන්වා දෙනබවද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසීය.

එහිදී අමාත්‍යවරයා මෙසේ අදහස් පල කර සිටියේය ‍“ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය මේ වන විට ‍පොදු බස්රථ ප්‍රවාහනයෙන් සියයට 40කට දායකත්වය සපයනවා. කෙසේනමුත් වසර දෙකකට අඩු බස්රථ තියෙන්නේ ඉතාම අඩු ප්‍රමාණයක්. ඒ වගේම වසරකට අලුතින් බස්රථ පන්සියයක් ලංගම බස්රථ ඇණියට එක් කළ යුතු වනවා. මේ තත්ත්වය සැලකිල්ලට ගෙන ඉදිරි‍ මාස කිහිපය තුළදී අලුත් බස්රථ පන්සීයක සිට දහස දක්වා ප්‍රමාණයකින් ලංගමට ලබා දීමට අපේක්ෂා කරනවා. ලබන අගෝස්තු මාසය හෝ ඊට පෙර ‍එම කටයුතු අවසන් වේවි. කෙසේනමුත් මෙහිදී අපේ ප්‍රධානතම අරමුණ වන්නේ මගීන්ට වඩාත් සැපපහසු, නූතන අවශ්‍යතාවලට ගැළපෙන, ආරක්ෂාව උපරිමය තියෙන උසස් තත්ත්වයේ නව බස්රථ ලංගමට ලබා දීමටයි. ලංගම බස්රථ සඳහා පිරිවිතර හඳුන්වා දීමට අපි බලාපොරොත්තු වුණේ ඒ අරමුණින්. එම පිරිවිතර හඳුන්වා දීමෙන් පසුව එයට නොගැළපෙන බස්රථ මින් ඉදිරියේදී ලංගමට මිලදී ගැනීමේ හැකියාවක් ලැබෙන්නේ නැහැ. එම පිරිවිතරවලට ගැළපෙන බස්රථ පමණයි ලංගමට මින් ඉදිරියට මිලදී ගන්නට හැකියාව ලැබෙන්නේ. මේ වන විට ශ්‍රී ලංකා ගමන ගමන මණ්ඩලය සාමාන්‍ය සේවා සඳහා යොදා ගන්නා බස්රථ පැරණි ආකෘතියේ බස්රථ වේ. ඇතැම් විට එම බස්රථවල එංජිමේ හඬ, ප්‍රමාණය ඉක්මවා අධිකව නිකුත් වේ. ආසනද සුඛෝපභෝගී නොවේ. ඇතැම් විට අර්ධ සු‍ඛෝපභෝගී, සුඛෝපභෝගී සහ අධි ‍සුඛෝපභෝගී බස්රථවලද දක්නට ලැබෙන්නේ එවැනි තත්ත්වයකි. එබැවින් සාමාන්‍ය, අර්ධ සු‍ඛෝපභෝගී, සුඛෝපභෝගී සහ අධි ‍සුඛෝපභෝගී යනුවෙන් එක් එක් කාණ්ඩ සඳහා පිරිවිත හඳුන්වා දීම ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශයේ අරමුණයි. එම ව්‍යාපෘතියේ සාර්ථකත්වය මත ඉදිරියේදී පාසල් ප්‍රවාහනය සහ කාර්යාලීය ප්‍රවාහනය සඳහා යොදා ගන්නා බස්රථ හෝ වෑන්රථ සඳහාද පිරිවිතර හඳුන්වා දීමට අපේක්ෂා කෙරේ. එම පිරිවිතරවලට නොගැළෙපෙන බස්රථ හෝ වෑන් පොදු ප්‍රවාහන සේවාවේ යොදවන්නේනම් ඊට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය අණපනත් පාර්ලිමේන්තුවට හඳුන්වා දීමට කටයුතු කරන බව යැයි ” අමාත්‍ය අර්ජුන රණතුංග මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 2
Previous Post

රාජ්‍ය ආයතනවල බුලත්විට, දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදන භාවිතය සහ විකිණිම තහනම්

Next Post

නව OPPO F11 Pro වෙළෙඳ පොලට ළඟදීම

editor

editor

Next Post

නව OPPO F11 Pro වෙළෙඳ පොලට ළඟදීම

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025
මෙරට ගුවන් යානයක් කඩා වැටෙයි

මෙරට ගුවන් යානයක් කඩා වැටෙයි

9 May 2025
අදත් වෙඩි තැබීමක්  – 19 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට

කොට්ටාවේ දී වෙඩි වැදුණු පුද්ගලයා ජීවිතක්ෂයට

9 May 2025

Recent News

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025
මෙරට ගුවන් යානයක් කඩා වැටෙයි

මෙරට ගුවන් යානයක් කඩා වැටෙයි

9 May 2025
අදත් වෙඩි තැබීමක්  – 19 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට

කොට්ටාවේ දී වෙඩි වැදුණු පුද්ගලයා ජීවිතක්ෂයට

9 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved