8 September 2024
#දේශීය #පුවත්

අකුරට වැඩ කරන ග්‍රාම නිලධාරීන් රාජකාරී වලින් ඉවතට

ග්‍රාම නිලධාරීන් අද (27) හා හෙට (28) යන දින දෙක තුළ සියලුම රාජකාරීවලින් ඉවත්වී වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බව සමස්ත ලංකා නිදහස් ග්‍රාම නිලධාරීන්ගේ සංගමය පවසයි.

එහි ප්‍රධාන ලේකම් ජගත් චන්ද්‍රලාල් පැවසුවේ, 2016යෙන් පසු වැඩි නොකළ ගමන් වියදම් දීමනාව, ඉන්ධන දීමනාව, නිල ඇඳුම් දීමනාව, සන්නිවේදන දීමනාව වැඩි කරන ලෙසයි.

ඔවුන් මේ වනවිට ක්‍රියාත්මක කර ඇති අකුරුට වැඩ කිරීමේ ක්‍රියාමාර්ගයට අමතරව මෙම වෘත්තීය ක්‍රියාමර්ගය ගෙන තිබේ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *