කතරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ලංකාවේ වෙනත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වලට වඩා මත්ද්‍රව්‍ය වැඩිම ප්‍රමාණයක් භාවිත කරන පිරිසක් සිටින ප්‍රදේශයක් බව හඳුනාගෙන තිබෙනවා.
එමෙන්ම වැඩිම මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් හුවමාරුවන ප්‍රදේශයක් මෙන්ම අඩු වයසින් ගැබ් ගැනීම් හා මව පියා හැරගිය ළමුන් බහුලව සිටින ප්‍රදේශයක් බවට හඳුනාගෙන ඇති බවයි කතරගම ප්‍රාදේශීය ලේකම් ප්‍රදීප් කුලතිලක මහතා පවසා සිටින්නේ.
වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙලෙස පැවසීය.
“අපට අයත් බලප්‍රදේශයේ වසම් පහක් තිබෙනවා. එහි අනාරක්ෂිත ළමුන් එකසිය හතළිස් හත් දෙනකු සොයාගෙන ලේඛනගත කරගෙන තිබෙනවා. ඉන් මව හෝ පියා අහිමි ළමුන් සහ මේ දෙදෙනාම අහිමි ළමුන් ඉන්නවා. ඉන් බොහෝ ළමුන් පාසල් යා යුතු කාලයේදී පාසලට නොගිය ළමුන්. අකුරු ලිවීමට කියවීමට නොහැකි ළමුන් මේ අතර වැඩි පිරිසක් ඉන්නවා. මේ ළමුන් හැකි ඉක්මනින් මේ අවදානම් තත්ත්වයෙන් මුදවා ගන්න ක්‍රමවේදයක් සැලසුම් කරන්න ඕනෑ. ඒ සඳහා අද පැමිණ සිටින සියලුම දෙනා උදව් කරන්න.
ඒ වගේම මේ ළමුන් 147 දෙනාම ඉන්න ස්ථානවලින් අරගෙන සුරැකුම් මධ්‍යස්ථානයක් ස්ථාපිත කර අවශ්‍ය සියලු රැකවරණය ලබාදිය යුතු යි.”