දිවයිනට ගිනිකොණ දෙසින් පවතින අඩු පීඩන කලාපය ඉදිරි පැය 12 තුළ පීඩන අවපාතයක් දක්වා ශක්තිමත් වනු ඇතැයි අපේක්ෂා කෙරේ. මෙය බටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් දිවයිනේ නැගෙනහිර වෙරළ දෙසට ළඟා වීමට නියමිතය.
මෙම පද්ධතියේ බලපෑම නිසා හෙට (08) සිට දිවයිනේ ප්‍රදේශ රැසක වැසි තත්ත්වයේ වැඩි වීමක් සිදුවේ.
වැඩි බලපෑමක් ඇති ප්‍රදේශ ලෙස උතුර, උතුරුමැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත් මෙන්ම
මි.මී. 50ට වැඩි තද වැසි ඌව පළාත, මඩකලපුව, අම්පාර, පොළොන්නරුව, මාතලේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට ඇති විය හැකියි.
උතුරු පළාත, අනුරාධපුරය සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයට වැසි වාර කිහිපයක් ඇතිවේ.
සෙසු ප්‍රදේශ වල පස්වරු 1.00න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.
මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් වල පැයට කිලෝමීටර් 50ක පමණ තද සුළං ඇති විය හැකියි.
ගිගුරුම් සහිත වැසි පවතින අවස්ථාවලදී අකුණු මඟින් සහ තාවකාලික තද සුළං මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.














