මේ ආණ්ඩුව පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සදහන් වුව ද අඩු වී තිබෙන්නේ බිත්තරයක මිල පමණක් බැව් උදය ගම්මන්පිල මහතා පවසා සිටියා.
ඔහු මෙලෙස පවසා තිබෙන්නේ පිවිතුරු හෙළ උරුමයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී යි.
මේ ආණ්ඩුව බලයට ආවට පස්සේ පොහොසත් රටක් ලස්සන ජීවිතයක් වෙනුවට පොහොසත් අයට ලස්සන ජීවිතයක් තමයි අත් උනේ. අඩු වුණේ බිත්තර මිල විතරයි. බිත්තරයක් එල්ලලා සුවිච් එක දැම්මට ආලෝකය එන්නෙ නැහැ. බිත්තර සාරු දාගන වාහන දුවන්න බැහැ. ඒ නිසා බිත්තර මිල විතරක් අඩු කරල ලස්සන ජීවිතයක් ලැබෙන්නේ නෑ
මාලිමාවේ වචන වලින්ම කියනවා නම් ඇවිදින ඇටසැකිලි බවට පත් වෙලා නම් අද ඒ ඇටසැකිලිවලට ඇවිද ගන්නවත් පණ නැ කියල අපි ආණ්ඩුවට සිහිපත් කරනවා.
පොහොසත් රටක් ලස්සන ජීවිතයක් වෙනුවට පොහොසත් අයට ලස්සන ජීවිතයක් තියෙන බව අපි මාලිමා ආණ්ඩුවට මතක් කර සිටිනවා.