ලංකා සතොස ආයතනය මගින් අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල අඩු කර තිබෙනවා.
ඒ අනුව දිවයින පුරා සතොස අලෙවිසැල් මගින් අඩු කරන මිල ගණන් යටතේ මෙම භාණ්ඩ පාරිභෝගිකයන්ට අද (18) දින සිට ලබා ගත හැකියි.
අඩුකරන ලද මිල ගණන් අනුව දුඹුරු සීනි කිලෝග්‍රෑම් 01 ක් රුපියල් 08 කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 277 කි.
රතු පරිප්පු කිලෝග්‍රෑම් 01ක් රුපියල් 04කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 279 ක්.
පාන්පිටි කිලෝග්‍රෑම් 01ක් රුපියල් 02කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 162 ක් වන විට ටින් මාළු ග්‍රෑම් 425,රු.10කින් අඩුකර තිබේ. එහි නව මිල රු.490කි.
අර්තාපල් කිලෝග්‍රෑම් 01 ක් රුපියල් 13 කින් අඩු කර ඇති අතර, එහි නව මිල රුපියල් 185 ක් .
මේ අතර සුදු කව්පි කිලෝග්‍රෑම් 01ක් රුපියල් 45කින් අඩු කර තිබේ. ඒ අනුව එහි නව මිල රුපියල් 750 කි.
ලොකු ලුණු කිලෝග්‍රෑම් 01 ක් රුපියල් 25කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 160ක් .
එමෙන්ම සුදු ලුණු කිලෝග්‍රෑම් 01 ක් රුපියල් 20කින් අඩු කර ඇත. එහි නව මිල රුපියල් 575 ක් ලෙස දැක්වෙයි.