අත් අඩංගුවට ගනු ලැබු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක අද (14) නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වෙයි .
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මිරිහාන පොලිසිය විසින් ඊයේ (13)රාත්‍රි අත්අඩංගුවට ගනු ලැබීය.
ඒ පොලිස් රාජකාරියට බාධා කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් බව පවසමින් වන අතර පසුව පොලිස් මාධ්‍ය නිවේදනය තුළ සඳහන් කර ඇත්තේ ඇඳිරි නීතිය උල්ලංඝණය කිරීමට අනුබලදීම වරද බවය.
ඇඹිලිපිටිය ප්‍රදේශයේ සිට පිලියන්දල දක්වා වියළි ආහාර ප්‍රවාහනයට යැයි කියමින් ලබාගත් ඇදිරිනීති බලපත් උල්ලංඝනය කරමින් හිටපු අමාත්‍ය රංජන් රාමනායක ගේ භෞත චිකිස්තක යැයි කියන අයෙක් ද එම වාහනයේ පැමිණ තිබේ.












