2022 අරගල සමයේ නිට්ටඹුව නගරයේදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල මහතා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා ඝාතනය කිරීමේ සිද්ධියට වරදකරුවන් වූ පුද්ගලයින් 12 දෙනා වැලිකඩ බන්ධනාගාරය වෙත යොමු කර තිබේ. ගම්පහ ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් ඊයේ (11) මෙම තීරණාත්මක තීන්දුව ප්‍රකාශයට පත් කරන ලදී. නඩුවේ විත්තිකරුවන් 41 දෙනෙකුගෙන් 12 දෙනෙකුට මෙලෙස මරණ දඬුවම නියම වූ අතර, තවත් සිව්දෙනෙකුට වසර 5කට අත්හිටවූ මාස 6ක සිර දඬුවම් නියම කෙරිණි.
විනිසුරු මඩුල්ලේ බෙදුණු තීන්දුවක් අනුව ප්‍රකාශයට පත් වූ මෙම නඩු තීන්දුව මගින් සෙසු විත්තිකරුවන් 23 දෙනෙකු නිදොස් කොට නිදහස් කිරීමට ද නියෝග කෙරිණි. ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ මහත් ආන්දෝලනයකට තුඩු දුන් මෙම ඝාතනය සම්බන්ධයෙන් වසර කිහිපයක් පුරා විභාග වූ නඩු කටයුතු මෙලෙස නිමාවට පත් විය.















