අද දින (දෙසැම්බර් 19) දිවයිනේ කාලගුණ තත්ත්වය පිළිබඳ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සදහන් වන්නේ නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලත්, පොළොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන බවයි.
ඇතැම් ස්ථානවලට මි.මී. 75 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බවත් සවස් කාලයේ වැසි බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 1.00න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවත් එම නිවේදනයේ සදහන්.
එමෙන්ම වයඹ පළාතේ සහ අනුරාධපුර දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් අපේක්ෂා කෙරෙන බවයි එහි සදහන් වන්නෙ.
මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම්, උතුරු, උතුරු-මැද, වයඹ පළාත් සහ ත්‍රිකුණාමලය, හම්බන්තොට, මොනරාගල යන දිස්ත්‍රික්කවල පැයට කිලෝමීටර 40ක පමණ වේගවත් සුළං ඇතිවිය හැකි අතර සබරගමුව, බස්නාහිර, මධ්‍යම පළාත් සහ ගාල්ල, මාතර දිස්ත්‍රික්කවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවයි ඔවුන් පවසන්නේ.
කෙසේ වෙතත් ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.














