දිවයිනට ආසන්නව පවතින අඩු පීඩන තත්ත්වය තවදුරටත් පවතින හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බර වී තිබෙන බව කාලගුණ දෙපාර්තමේන්තුව විසින් දන්වා තිබෙනවා.
එම දෙපාර්තමේන්තුව පැවසුවේ, උතුරු, උතුරු-මැද, නැගෙනහිර, දකුණු සහ ඌව පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි.
සෙසු පළාත්වලද පස්වරු 1.00ට පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි වාර්තා විය හැකි බවත් එම නිවේදන වල සදහන්.
බස්නාහිර, සබරගමුව, වයඹ, දකුණු සහ ඌව පළාත්වල සහ මහනුවර සහ නුවර එලිය දිස්ත්‍රික්කවල සමහර ප්‍රදේශවල මි.මී. 100ක් පමණ තද වැසි ලබාදීමට ඉඩ තිබෙන අතර ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු හේතුවෙන් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය අවධානය යොමු කරන මෙන් ය කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලීම් කර තිබෙනවා.












