ගල්කිස්ස, වෙරළ මාර්ගයේ අද (05) උදෑසන වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.
එම වෙඩි තැබීමෙන් තරුණයෙක් බරපතළ තුවාල ලබා රෝහල්ගත කර ඇති අතරතුර ඔහු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
වෙඩික්කරුවන් අදාළ තරුණයාට සාන්ත සිල්වෙස්ටර් පාරේ දී වෙඩි ප්‍රහාර කීපයක් එල්ල කර ඇති අතර එහිදී ඔහු ගාලු පාර දෙසට දිව ගොස් තිබෙන බවත්, වෙඩික්කරුවන් ඔහු ලුහුබැඳ පැමිණ වෙරළබඩ මාර්ගය ආසන්නයේ පෞද්ගලික වෙළෙඳ සැලක් ඉදිරිපිට දී තවත් වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ල කර තිබෙනවා
පසුව පෞද්ගලික වෙළඳසැල ඉදිරිපිට බිම ඇද වැටී ඇති ඔහු රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගොස් තිබෙන බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ.
එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, 19 හැවිරිදි ඕබන් පෙදෙස, දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
වෙඩි තැබීම සඳහා පිස්තෝල වර්ගයේ ගිනි අවියක් භාවිත කර ඇති බවටත් මියගිය තරුණයා, ඉහත ලිපිනයේ පදිංචි මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියක් වන කොම්පඥ්ඥගේ නිම්මි සුමේදා ෆොන්සේකා නොහොත් චතුරි යන අයගේ පුත්‍රයා වන බවටත්පොලිස් විමර්ශන වලදී අනාවරණ වී තිබෙනවා.
අදාළ වෙඩි තැබීම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අතර පවතින ගැටුමක් හේතුවෙන් සිදුවූවක් විය හැකි බවටයි පොලීසිය සැකපළ කරන්නේ.
කෙසේ වෙතත් ගල්කිස්ස පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරන බවයි පවසා සිටින්නේ.