වැල්ලම්පිටිය කිත්තම්පහුව ප්‍රදේශයේ අද (25) අලුයම වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.
පොලීසිය පැවසුවේ පුද්ගලයින් තිදෙනෙකු පැමිණ ලැඟුම්හලක සිටි දෙදෙනෙකු ඉලක්ක කරගනිමින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි.
කෙසේ නමුත් වෙඩි තැබීමෙන් කිසිවෙකුටත් තුවාල හෝ ජීවිත හානි සිදුව නැහැ.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරන බවයි වැල්ලම්පිටිය පොලිසිය පැවසුවේ.