කොස්ගොඩ ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් තරුණයෙකු මියගොස් තිබෙනවා.
අද (31) අලුයම 5.15ට පමණ කොස්ගොඩ දූවමෝදර ප්‍රදේශයේදී යි මෙලෙස සිදු වී තිබෙන්නේ.
යතුරුපැදියකින් පැමිණි නාදුනන තුවක්කරුවන් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ්.යු.වුට්ලර් මහතා පැවසුවේ.
වෙඩි වැදීමෙන් මියගොස් ඇත්තේ 23 හැවිරිදි තරුණයෙකු වන අතර ඔහු කැස්බෑ මධ්‍යස්ථානයක හිමිකරුවෙකුගේ පුත්‍රයා වන අරුත් මැන්ඩිස් යන තරුණයා බවට අනාවරණය වී තිබෙනවා.