අද (19) උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.
බස්නාහිර, සබරගමුව, දකුණු, ඌව පළාත්වලත් සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේත් පස්වරු 1.00 න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමට හැකියාව පවතින බවයි එම දෙපාර්තමේන්තුව පවසා සිටියේ.
ඇතැම් අවස්ථාවලදී සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල අළුයම් කාලයේ දී මීදුම් පවතින බවද එම දෙපාර්තමේන්තුව පවසනවා.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං හා අකුණු නිසා ඇතිවිය හැකි අනතුරු අවම කරගැනීමට සුදුසු පියවර ගැන්නා ලෙසත් කාලගුණ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කල නිවේදනයේ සදහන්.












