• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ක්‍රීඩා

අද දිනුවොත් පිට පිටම තවත් තරගාවලියක් දිනුම්

23 October 2024
in ක්‍රීඩා
අද දිනුවොත් පිට පිටම තවත් තරගාවලියක් දිනුම්
0
SHARES
6
VIEWS
Share on FacebookShare on Twitter

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ දෙවන එක්දින තරගය අද (23 වැනිදා) පස්වරු 2.30ට පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය. තරගාවලියේ පළමු තරගයේ ජයග්‍රහණය ශ්‍රී ලංකාව සතු වීමත් සමගින් අද තරගය ජයග්‍රහණය කිරීමට හැකි වූවහොත් එක් තරගයක් ඉතිරිව තිබියදී තරගාවලියේ ජයග්‍රහණය හිමි කරගැනීමේ අවස්ථාවද ශ්‍රී ලංකාව සතුව ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගාවලියට පෙර ඉන්දියාවට එරෙහිව එක්දින තරගාවලි ජයක් හිමි කරගැනීමට ද සමත් වූ අතර අදාළ තරගාවලියේදී මෙන්ම මෙම තරගාවලියේ පළමු තරගයේදී ද ශ්‍රී ලංකාව දඟ පන්දු යවන්නන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කර තිබීම විශේෂත්වයක් විය. පසුගිය ඉරිදා (20 වැනිදා) පැවැති පළමු තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම දඟ පන්දු යවන්නන් යොදාගනිමින් පන්දුවාර 31.3ක් යොමු කළ අතර ශ්‍රී ලංකා වේග පන්දු යවන්නන් යොමු කොට තිබුණේ පන්දුවාර 7ක් පමණක් වීමද විශේෂත්වයකි.

අද තරගය පැවැත්වෙන කාල සීමාව තුළදී තරගයට සුළු වර්ෂාවන්ගෙන් බාධා එල්ල වීමට ඉඩක් ඇතැයි යනුවෙන් කාලගුණ අනාවැකි පළ වී තිබේ. මෙම කාලගුණ තත්ත්වයන් හේතුවෙන් අද තරගයේ දෙවන අර්ධයේදී පිතිකරුවන්ට වැඩි වාසියක් හිමි වනු ඇතැයි යනුවෙන් අනුමාන කළ හැක. කෙසේවෙතත් පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ කෘත්‍රිම ආලෝක යටතේ පන්දුව දෝලනය වීමට වැඩි ඉඩක් පැවැතීම හේතුවෙන් කාසියේ වාසිය ජයගන්නා කණ්ඩායම හොඳ පිතිකරණ බල ඇණියකින් සමන්විත නම් පළමුවෙන් පන්දු යොමු කිරීමටත්, හොඳ වේග පන්දු යවන්නන් සහිත නම් පළමුවෙන් පිතිකරණයේ යෙදීමටත් උත්සුක වනු ඇත.

පෙර තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යැවීම සහ පිතිකරණය හොඳ මට්ටමක පැවතීම හේතුවෙන් ඒ හා සමාන කණ්ඩායමක් අද තරගයටත් ක්‍රීඩා කිරීමේ වැඩි ඉඩක් පවතියි. මේ අතර සුළු ආබාධ තත්ත්වයකින් පෙළුණු පැතුම් නිස්සංක අද තරගයට සහභාගී වනු ඇතැයි අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. යම් හෙයකින් ඔහු මෙම තරගයට එක් වූවහොත් අවිශ්ක ප්‍රනාන්දුට හෝ පසුගිය ඉරිදා එක්දින වරම් දිනා සිය මංගල එක්දින තරගයේදීම අර්ධ ශතකයක් රැස් කළ නිශාන්ට සිය ආරම්භක පිතිකරු ස්ථානය අහිමි වනු ඇත.

2023 වර්ෂයේදී එක්දින තරග බිම විශිෂ්ටතම දක්ෂතා දැක්වූ ශ්‍රී ලාංකික පිතිකරුවකු වන සධීර සමරවික්‍රමට මෑත භාගයේ ලකුණු අතර නොසිටියත් මෙම තරගයේදී තවත් අවස්ථාවක් හිමි වනු ඇතැයි විශ්වාස කළ හැක. 2023 වර්ෂයේදී පමණක් සධීර සිය එක්දින ලකුණු සාමාන්‍ය 44.73ක් ලෙස රඳවා ගනිමින් එක් ශතකයක් සහ අර්ධ ශතක 6ක් සමගින් ලකුණු 850ක් රැස් කිරීමට සමත් වූවත් 2024 වසරේ මේ දක්වා ක්‍රීඩා කළ ඉනිම 14දී ඔහු වාර්තා කර තිබෙන්නේ එක් අර්ධ ශතකයක් පමණක් වීම විශේෂත්වයකි. මෙම වසරේදී සධීර මේ වන තෙක් රඳවා ඇති ලකුණු සාමාන්‍යය 20.18ක් පමණි.

අද තරගයේදී කොදෙව් කණ්ඩායම ශ්‍රී ලංකා පා දඟ පන්දුවට වඩාත් හොඳින් මුහුණ දීම වෙනුවෙන් අමතර වමත් පිතිකරුවකු කණ්ඩායමට එක් කිරීමේ ඉඩක් පවතින අතර මේ හේතුවෙන් චරිත් අසලංකට සහ කමිඳු මෙන්ඩිස් දෙදෙනාට පන්දුවාර 12 – 18 අතර සංඛ්‍යාවක් යොමු කිරීමට සිදු වනු ඇත. කෙසේවෙතත් ශ්‍රී ලංකා කණ්ඩායම පසුවන ජයග්‍රාහී රටාව සහ හුරු පුරුදු තණතීරුවක තරගය ක්‍රීඩා කිරීම හේතුවෙන් තරගයේ ජය හිමි කරගැනීමේ වැඩි අවස්ථාවක් ශ්‍රී ලංකාව සතුව පවතින අතර මෙම තරගය ජයග්‍රහණය කර තරගාවලිය ජයග්‍රහණය කළහොත් එක්දින ශ්‍රේණිගත කිරීම් තුළ 6 වැනි ස්ථානය දක්වා උසස්වීමේ අවස්ථාවක් ද ශ්‍රී ලංකාව සතුව පවතියි.

Post Views: 17
Previous Post

තැපැල් සේවකයින්ගේ නිවාඩු අවලංගු කෙරේ

Next Post

කලවාන පාසලක සිසුන් පහක් අපයෝජනය කළ චීවරධාරියෙක් අල්ලයි

Editor TTV News

Editor TTV News

Next Post
කලවාන පාසලක සිසුන් පහක් අපයෝජනය කළ චීවරධාරියෙක් අල්ලයි

කලවාන පාසලක සිසුන් පහක් අපයෝජනය කළ චීවරධාරියෙක් අල්ලයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

4 July 2025
වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

4 July 2025
අනුරාධපුරය සංචාරක පුරවරයක් ලෙස ප්‍රවර්ධනය කර සංවර්ධනය කරන්න තීරණයක්

අනුරාධපුරය සංචාරක පුරවරයක් ලෙස ප්‍රවර්ධනය කර සංවර්ධනය කරන්න තීරණයක්

4 July 2025
නුදුරේදීම නැවත බල හුවමාරුවක්  – රනිල්ගෙන් අනාවැකියක්

නුදුරේදීම නැවත බල හුවමාරුවක් – රනිල්ගෙන් අනාවැකියක්

4 July 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

4 July 2025
වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

4 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved