• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අද මහා වර්ජනයක්

8 July 2024
in දේශීය, පුවත්
අද මහා වර්ජනයක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් අධ්‍යාපන අනධ්‍යයන සේවාවේ පිරිස් හා රාජ්‍ය පළාත්රාජ්‍යසේවා වෘත්තීය සමිති එකමුතුවේ පිරිස් හා රාජ්‍ය සේවා වෘත්තීය සමිති සන්ධානයේ පිරිස් අද(08දා) සහ හෙට(09දා) සේවයෙන් ඉවත්ව සිටීමේ වෘත්තීය ක්‍රියාමාර්ග සිදුකරනු ලබයි.

විධායක සේවාවල නිලධාරීන්ට රුපියල් විසිපන්දහසක දීමනාවක් ලබා දීමට ආණ්ඩුව කටයුතු කර තිබෙන නිසා ප්‍රාථමික හා ද්විතීයික සේවාවල නිරත රාජ්‍ය සේවකයන්ට රුපියල් විසිපන්දහසකමාසික දීමනාවක් ලබා ගැනීමට හෙට(08දා) සහ අනිද්දා (09දා) සේවයෙන් ඉවත්වන බව වෘත්තීය සමිති සඳහන් කරයි.

මෙම ක්‍රියාමාර්ගයට රාජ්‍ය සේවයේ ලක්ෂ පහකටඅධික පිරිසක් සම්බන්ධ වන බවත් මීට සමගාමීව අද(08දා) සහහෙට(09දා) විරෝධතා 26ක් පැවැත්වීමටත් කටයුතු කරන බව රාජ්‍ය, පළාත්රාජ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුවේ සාමාජික සංවර්ධන නිලධාරී සේවා සංගමයේ ලේකම් චන්දන සූරියආරච්චි මහතා සඳහන් කළේය.

මේ අනුව වැඩවර්ජනයේ නිරත ගම්පහ හා කොළඹ දිස්ත්‍රික්කවල සේවය කරන රාජ්‍ය නිලධාරීන් අද(08දා) රාජ්‍ය පරිපාල අමාත්‍යාංශය ඉදිරිපිටදී විරෝධතා ව්‍යාපාරයක් පවත්වන බවත් හෙට සියලුම දිස්ත්‍රික් ලේකම්කාර්යාල ඉදිරිපිට විරෝධතා ව්‍යාපර පවත්වන බවද පැවසීය.

රාජ්‍ය සේවයේ අවම මූලික වැටුප රුපියල් විසිහතරදහසක් බවත් පවතින ආර්ථික අර්බුදය නිසා ප්‍රාථමික හා ද්විතීයික සේවාවල සේවය කරන සේවකයන් දැඩි දුෂ්කරතාවන්ට පත්ව සිටින බවත් ඒ මහතා සඳහන් කළේය.

පවතින ආර්ථික දුෂ්කරතාවන් සැලකිල්ලට ගනිමින් විධායක සේවාවල පිරිස් සඳහා මේමස 01වන දින සිට රුපියල් විසිපන්දහසක දීමනාවක් ලබා දීමට පසුගිය 26වන දින ආණ්ඩුව තීන්දුවක් ගත් බවත් මේ අනුව ප්‍රාථමිකද්විතීයික සේවාවල පිරිස්වලට අදාළ දීමනාව ලබා දෙන ලෙසට බලධාරීන්ගෙන් ඉල්ලා සිටි බවද පැවසීය.

එහෙත් එම ඉල්ලීමට නිසි ප්‍රතිචාර නොමැති නිසා අද (08දා) සහ හෙට (09දා) ප්‍රාථමික හා ද්විතීයික සේවාවල සේවය කරන ලක්ෂ පහකට අධික පිරිසක් අසනීප නිවාඩු වාර්තා කර සේවයෙන් ඉවත් වන බවත් මෙම ක්‍රියාමාර්ගවලට අනුවත් නිසි ප්‍රතිචාර නොලැබුණහොත් ඉදිරියේදී විරෝධතා සතියක් නම් කර ක්‍රියාමාර්ග ගන්නා බවද සඳහන් කළේය.

මෙම ඉල්ලීම් දිනා ගැනීම සඳහා තම සන්ධානයට අයත් වෘත්තීය සමිති දෙසිය පහකට වැඩි ප්‍රමාණයක් සම්බන්ධ වී සිටින බවත් පවතින ආර්ථික අර්බුදය නිසා වැඩියෙන්ම දුෂ්කරතාවන්ට පත්ව සිටින්නේ රාජ්‍ය සේවයේ පහළ ශ්‍රේණිවල සේවය කරන පිරිස් බවද කියා සිටියේය.

අධ්‍යාපන අනධ්‍යයන සේවාවට ජාතික ප්‍රතිපත්තියක් සකස් කරන ලෙසඉල්ලා අධ්‍යාපන අනධ්‍යයන සේවාවේ සේවකයන් අද (08දා) හෙට (09දා) සේවයෙන්ඉවත්ව සිටීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් සිදුකරන බව අධ්‍යාපන අනධ්‍යයන සේවකසංගමය සඳහන් කරයි.

මීට අමතරව රාජ්‍ය සේවකයින්ට රුපියල් විසිපන්දහසක දීමනාවක් ලබා දෙන ලෙස ඉල්ලා අධ්‍යාපන අනධ්‍යයන සේවකයන් හෙට (09දා) දිස්ත්‍රික් මට්ටමින් විරෝධතා ව්‍යාපර පැවැත්වීමටත් කටයුතු කරන බවද එම සංගමයේ ලේකම් අජිත් තිලකරත්න මහතාසඳහන් කළේය.

අද සහා හෙට අසනීප නිවාඩු වාර්තා කර සේවයෙන් ඉවත් වුවත් රාත්‍රී කාලයේදී පාසල්වල මුරකරුවන් රාජකාරි සිදුකරන බවත් එහෙත් දහවල් කාලයේදී මුරකරුවන්සේවයෙන් ඉවත්වන බවත් පාසල් නේවාසිකාරගාර කටයුතු මෙම දින දෙක තුළදීත්සාමාන්‍ය ලෙස පවත්වාගෙන යන බවද පවසා සිටියේය.

මීට අමතරව පවතින ආර්ථික අර්බුදය නිසා රාජ්‍ය සේවයේ මූලික වැටුප රුපියල් විසිදහසකින් වැඩි කළ යුතු බවත් අදාල ඉල්ලීම් මුල් කර ගනිමින් තම වෘත්තීය සමිති සන්ධානයට අයත් පිරිස් අද(08දා) සහ හෙට (09දා) අසනීප නිවාඩු වාර්තා කරන බවද රාජ්‍ය සේවා වෘත්තීය සමිති සන්ධානයේ සමකැඳවුම්කරුධම්මික මුණසිංහ මහතා සඳහන් කළේය.

මහ බැංකු සේවකයන්ගේ සිට විධායක නිලධාරීන් දක්වා වැටුප් හා දීමනා වැඩිකර තිබෙන බවත් එහෙත් රාජ්‍ය සේවයේ පහළ සේවාවන් සඳහා කිසිදු වැටුප් හෝ දීමනාවක් වැඩි කිරීමට කටයුතු කර නොමැති බවද පැවසීය.

මේ අනුව මූලික වැටුප වැඩි කරන ලෙස ඉල්ලා අද සහ හෙට තම සන්ධානය අයත් සංවර්ධන නිලධාරී, කාර්යාල කාර්ය සහායක සේවාවේ පිරිස් රජයේ රියදුරුසේවාවේ පිරිස් තැපැල්සේවකයන්, ග්‍රාම නිලධාරී, කළමනාකරණ සේවා නිලධාරී, නිලධාරී, සමෘද්ධි නිලධාරී, සෞඛ්‍ය කාර්ය සහායක නිලධාරීසේවයෙන් ඉවත්වන බවද සඳහන්කළේය.

අධ්‍යාපන අනධ්‍යයන සේවාවට ජාතික ප්‍රතිපත්තියක් සකස් කරන ලෙසඉල්ලා අධ්‍යාපන අනධ්‍යයන සේවාවේ සේවකයන් අද (08දා) හෙට (09දා) සේවයෙන්ඉවත්ව සිටීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් සිදුකරන බව අධ්‍යාපන අනධ්‍යයන සේවකසංගමය සඳහන් කරයි.

මීට අමතරව රාජ්‍ය සේවකයන්ට රුපියල් විසිපන්දහසක දීමනාවක් ලබා දෙන ලෙස ඉල්ලා අධ්‍යාපන අනධ්‍යයන සේවකයන් හෙට (09දා) දිස්ත්‍රික් මට්ටමින් විරෝධතා ව්‍යාපර පැවැත්වීමටත් කටයුතු කරන බවද එම සංගමයේ ලේකම් අජිත් තිලකරත්න මහතාසඳහන් කළේය.

අද සහහෙට අසනීප නිවාඩු වාර්තා කර සේවයෙන් ඉවත් වුවත් රාත්‍රී කාලයේදී පාසල්වල මුරකරුවන් රාජකාරි සිදුකරන බවත් එහෙත් දහවල් කාලයේදී මුරකරුවන්සේවයෙන් ඉවත්වන බවත් පාසල් නේවාසිකාරගාර කටයුතු මෙම දින දෙක තුළදිත්සාමාන්‍ය ලෙස පවත්වාගෙන යන බවද පවසා සිටියේය.

Post Views: 11
Previous Post

පුහුණුකරු ධුරය තාවකාලිකව සනත්ට

Next Post

පවතින වැසි තත්ත්වය තවදුරටත්

Editor TTV News

Editor TTV News

Next Post
පවතින වැසි තත්ත්වය තවදුරටත්

පවතින වැසි තත්ත්වය තවදුරටත්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
තවත් නවක වධ සිද්ධියක්

තවත් නවක වධ සිද්ධියක්

3 June 2025
බඩඉරිඟු ආනයනයට පියවර

බඩඉරිඟු ආනයනයට පියවර

3 June 2025
තාත්තටයි පුතාටයි ඇප

තාත්තටයි පුතාටයි ඇප

3 June 2025
පොදු ප්‍රවාහනයට අලුත් වැඩක්

පොදු ප්‍රවාහනයට අලුත් වැඩක්

3 June 2025

Recent News

තවත් නවක වධ සිද්ධියක්

තවත් නවක වධ සිද්ධියක්

3 June 2025
බඩඉරිඟු ආනයනයට පියවර

බඩඉරිඟු ආනයනයට පියවර

3 June 2025
තාත්තටයි පුතාටයි ඇප

තාත්තටයි පුතාටයි ඇප

3 June 2025
පොදු ප්‍රවාහනයට අලුත් වැඩක්

පොදු ප්‍රවාහනයට අලුත් වැඩක්

3 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

තවත් නවක වධ සිද්ධියක්

තවත් නවක වධ සිද්ධියක්

3 June 2025
බඩඉරිඟු ආනයනයට පියවර

බඩඉරිඟු ආනයනයට පියවර

3 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved