77 වන නිදහස් දිනයට සමගාමීව පැවැත්වෙන පෙරහුරු කටයුතු අද (29) සිට ආරම්භ කරන බව පොලීසිය පවසයි .
පොලීසිය සඳහන් කළේ පෙරහුරු කටයුතු අද සිට එළඹෙන 02වනදා දක්වා පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි.
එමෙන්ම පෙරහුරු පැවැත්වෙන කාල සීමාව තුළ කුරුඳුවත්ත පොලිස් වසමේ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙන බව මාර්ග ආරක්ෂාව සහ රථවාහන දිශාව භාර නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ ප්‍රකාශ කළේය.