අක්‍රීයව තිබූ නොරොච්චෝලේ බලාගාරයේ තත්ත්වය යම්කිසි මට්ටමකට පැමිණි ම හේතුවෙන් අද (14) සිට විදුලි කප්පාදුවක් සිදු නොවන බව බලශක්ති අමාත්‍යංශය අද පෙරවරුවේ දැනුම් දී තිබේ.
බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා පවසන්නේ නොරොච්චෝලේ බලාගාරයේ එක් ජනන යන්ත්‍රයක් මේ වනවිට ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීමට කටයුතු කර ඇති බවයි.
ඉන් ජාතික පද්ධතියට ලැබෙන විදුලි ප්‍රමාණය මෙගාවොට් 300ක් බවත් හෙතෙම පවසා සිටියි.
ඉතිරි ජනන යන්ත්‍ර දෙකද ඉදිරි දින තුළ ක්‍රමයෙන් ජාතික පද්ධතියට එක්කරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
කෙසේවෙතත් මේ වනවිට අඛණ්ඩ විදුලි සැපයුමට මතුවී තිබූ බාධා මගහරවා ගනිමින් කටයුතු කරමින් ඇති නිසා අද සිට දෛනික විදුලි කප්පාදුව සිදුනොකිරීමට තීරණය කර තිබේ.